සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

9.1.12. මජ්ඣන්තික සුත්තං

9.1.12. ගිනි මද්දහන ගැන පැවසූ දෙසුම

ඒකං සමයං අඤ්‌ඤතරෝ භික්‌ඛු කෝසලේසු විහරති අඤ්‌ඤතරස්‌මිං වනසණ්ඩේ. අථ ඛෝ තස්‌මිං වනසණ්ඩේ අධිවත්‌ථා දේවතා යේන සෝ භික්‌ඛු තේනුපසංකමි. උපසංකමිත්‌වා තස්‌ස භික්‌ඛුනෝ සන්තිකේ ඉමං ගාථං අභාසි.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල එක්තරා භික්ෂුවක් කොසොල් ජනපදයේ එක්තරා වන ලැහැබකයි වාසය කළේ. එදා ඒ වන ලැහැබට අරක්ගත් දෙවියා ඒ භික්ෂුව වෙත ගියා. ගිහින් ඒ භික්ෂුව සමීපයේ මේ ගාථාව පැවසුවා.

ඨිතේ මජ්‌ඣන්‌තිකේ කාලේ සන්‌නිසීවේසු පක්‌ඛිසු
සණතේව බ්‍රහාරඤ්‌ඤං තං භයං පටිභාති මන්ති

“ගිනි මද්දහනේ කුරුල්ලන් හයියෙන් තටු සලා කෑගහන කොට මහා වනාන්තරයම හඬ තලනවා වගෙයි. එතකොට මට බියක් දැනෙනවා.”

(භික්ඛු);

(භික්ෂුව) :

ඨිතේ මජ්‌ඣන්‌තිකේ කාලේ සන්‌නිසීවේසු පක්‌ඛිසු
සණතේව බ්‍රහාරඤ්‌ඤං සා රතී පටිභාති මන්‌ති.

“ගිනි මද්දහනට කුරුල්ලන් හයියෙන් තටු සලා කෑගහන කොට මහා වනයම හඬ තලනවා වගේ තමයි. නමුත් මං ඒකට හරි කැමතියි.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_9-1-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M