මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල එක්තරා භික්ෂුවක් කොසොල් ජනපදයේ එක්තරා වන ලැහැබක වාසය කළා. ඒ කාලෙ ඒ භික්ෂුව කලක පටන් බොහෝ වෙලාවක් දහම් පද හඬ නගා කියමිනුයි හිටියේ. නමුත් ඔහු පස්සෙ කාලෙක ඒවා නවත්වලා නිශ්ශබ්දව කල් ගෙව්වා.
එතකොට ඒ වන ලැහැබට අරක්ගත් ඒ දෙවියාට ඒ භික්ෂුවගේ ධර්මය අසන්නට ලැබුනේ නෑ. ඉතින් ඒ දෙවියා ඒ භික්ෂුව ළඟට ගියා. ගිහින් ඒ භික්ෂුවට ගාථාවලින් පැවසුවා.
“පින්වත් භික්ෂුව, භික්ෂූන් සමඟ එකතු වෙලා ඉඳගෙන, දැන් දහම් පද ඉගෙන ගන්නෙ නැත්තෙ ඇයි? ධර්මය අහන කොටනෙ පැහැදීම ඇතිවෙන්නෙ. මේ ජීවිතයේදීම ප්‍රශංසා ලැබෙනවා නෙව.”
(භික්ෂුව) :
“ඉස්සර දහම් පද ගැන ඡන්දරාගය තිබුනා. නිවන් මඟට එක්වෙන කල්ම ඒක තිබුනා. යම් දවසක නිවන් මඟට එක්වුනාද, එදා ඉඳලා දකින දේවල්, අසන දේවල්, ආඝ්‍රාණය කරන දේවල්, රස විඳින දේවල්, පහස ලබන දේවල් ගැන ‘යථාර්ථය අවබෝධ කරගත්තා. එහි ඇල්ම නැති කරගත්තා’ කියලයි ශාන්ත මුනිවරු කියන්නෙ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_9-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M