සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

8.1.7. පවාරණ සුත්තං

8.1.7. වස් පවාරණය ගැන වදාළ දෙසුම

ඒකං සමයං භගවා සාවත්‌ථියං විහරති පුබ්‌බාරාමේ මිගාරමාතුපාසාදේ මහතා භික්‌ඛුසංඝේන සද්‌ධිං පඤ්‌චමත්‌තේහි භික්‌ඛුසතේහි සබ්‌බේහේව අරහන්‌තේහි. තේන ඛෝ පන සමයේන භගවා තදහුපෝසථේ පණ්ණරසේ පවාරණාය භික්‌ඛුසංඝපරිවුතෝ අජ්ඣෝකාසේ නිසින්නෝ හෝති. අථ ඛෝ භගවා තුණ්‌හීභූතං තුණ්‌හීභූතං භික්‌ඛුසං‌ඝං අනුවිලෝකෙත්‌වා භික්‌ඛූ ආමන්තේසි. හන්‌දදානි භික්ඛවේ පවාරයාමි වෝ. න ච මේ කිඤ්‌චි ගරහථ කායිකං වා වාචසිකං වාති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර මිගාරමාතා නම් වූ විශාඛාව විසින් කරවන ලද පූර්වාරාමයේ මිගාර මාතු ප්‍රාසාදයේ. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සියලු දෙනාම අරහත්වයට පත් වූ භික්ෂූන් පන්සිය නමක් සමඟයි. එදා පුන් පොහෝ දවසේ වස් පවාරණය පිණිස භික්ෂුසංඝයා පිරිවරා ගත් භාග්‍යවතුන් වහන්සේ එළිමහනේ වාඩිවෙලා වැඩසිටියා.

එතකොට භාග්‍යවතුන් වහන්සේ ඉතාම නිශ්ශබ්දව, හාත්පස වැඩසිටින භික්ෂුසංඝයා දෙස හොඳින් නෙත් විදහා බලා වදාළා. ඊට පස්සේ භික්ෂුසංඝයා අමතා වදාළා.

“පින්වත් මහණෙනි, මං දැන් ඔබට මේ කාරණය පවරනවා. මා තුළ ඔබෙන් ගර්හා ලැබිය යුතු කායික හෝ වාචසික හෝ කිසි දෙයක් නැද්ද?”

ඒවං වුත්තේ ආයස්‌මා සාරිපුත්‌තෝ උට්‌ඨායාසනා ඒකංසං උත්‌තරාසංගං කරිත්‌වා යේන භගවා තේනඤ්‌ජලිම්පණාමෙත්‌වා භගවන්‌තං ඒතදවෝච. න ඛෝ මයං භන්තේ භගවතෝ කිඤ්‌චි ගරහාම කායිකං වා වාචසිකං වා. භගවා හි භන්තේ අනුප්‌පන්‌නස්‌ස මග්‌ගස්‌ස උප්‌පාදේතා, අසඤ්‌ජාතස්‌ස මග්‌ගස්‌ස සඤ්‌ජනේතා, අනක්‌ඛාතස්‌ස මග්‌ගස්‌ස අක්‌ඛාතා මග්‌ගඤ්‌ඤූ මග්‌ගවිදූ මග්‌ගකෝවිදෝ. මග්‌ගානුගා ච භන්තේ ඒතරහි සාවකා විහරන්‌ති පච්‌ඡා සමන්‌නාගතා. අහං ‌ච ඛෝ භන්තේ භගවන්‌තං පවාරේමි. න ච මේ භගවා කිඤ්‌චි ගරහති කායිකං වා වාචසිකං වාති.

මෙසේ වදාළ විට ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන් ආසනෙන් නැගිට්ටා. සිවුර ඒකාංශ කරගත්තා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරගෙන භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය පැවසුවා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ කායික හෝ වාචසික හෝ කිසි දේකට අපි ගරහන්නෙ නෑ. ස්වාමීනී, භාග්‍යවතුන් වහනසේ තමයි (කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ) නූපන් නිවන් මග උපදවා වදාළේ. භාග්‍යවතුන් වහන්සේම හටනොගත් නිවන් මග හටගන්වා වදාළා. කිසිවෙක් නොපැවසූ නිවන් මග පවසා වදාළේ. භාග්‍යවතුන් වහන්සේමයි නිවන් මග අවබෝධ කළේ. නිවන් මග දැනගත්තේ. නිවන් මගේ දක්ෂ වුනේ. ස්වාමීනී, දැන් ශ්‍රමණයෝ ඒ මාර්ගය අසා දැනගෙනයි භාග්‍යවතුන් වහන්සේගේ පස්සෙන් එන්නේ.

ස්වාමීනී, මමත් භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය පවරනවා. භාග්‍යවතුන් වහන්සේ මගේ කායික හෝ වාචසික හෝ කිසි දේකට ගර්හා නොකරන සේක්ද?”

න ඛ්‌වාහං තේ සාරිපුත්‌ත කිඤ්‌චි ගරහාමි කායිකං වා වාචසිකං වා. පණ්‌ඩිතෝ ත්‌වං සාරිපුත්‌ත, මහාපඤ්‌ඤෝ ත්‌වං සාරිපුත්‌ත, පුථුපඤ්‌ඤෝ ත්‌වං සාරිපුත්‌ත, හාසපඤ්‌ඤෝ ත්‌වං සාරිපුත්‌ත, ජවනපඤ්‌ඤෝ ත්‌වං සාරිපුත්‌ත, තික්‌ඛපඤ්‌ඤෝ ත්‌වං සාරිපුත්‌ත, නිබ්‌බේධිකපඤ්‌ඤෝ ත්‌වං සාරිපුත්‌ත. සෙය්‍යථාපි සාරිපුත්‌ත රඤ්‌ඤෝ චක්‌කවත්‌තිස්‌ස ජෙට්‌ඨපුත්‌තෝ පිතරා පවත්‌තිතං චක්‌කං සම්මදේව අනුප්‌පවත්‌තේති. ඒවමේව ඛෝ ත්‌වං සාරිපුත්‌ත මයා අනුත්‌තරං ධම්‌මචක්‌කං පවත්‌තිතං සම්මදේව අනුප්‌පවත්‌තේසීති.

“පින්වත් සාරිපුත්ත, කායික හෝ වාචසික හෝ ඔබේ කිසි දේකට මම ගරහන්නේ නෑ. පින්වත් සාරිපුත්ත, ඔබ බුද්ධිමත්. පින්වත් සාරිපුත්ත, ඔබ මහා ප්‍රඥාවන්තයි. පින්වත් සාරිපුත්ත, ඔබේ ප්‍රඥාව පළල්. පින්වත් සාරිපුත්ත, ඔබ ප්‍රඥාවෙන් ප්‍රභාවිත කෙනෙක්. පින්වත් සාරිපුත්ත, ඔබ වේගවත් ප්‍රඥාවක් ඇති කෙනෙක්. පින්වත් සාරිපුත්ත, ඔබ තීක්ෂණ ප්‍රඥාවක් ඇති කෙනෙක්. පින්වත් සාරිපුත්ත, ඔබ අවබෝධයෙන්ම කළකිරෙන ප්‍රඥාවක් ඇති කෙනෙක්.

පින්වත් සාරිපුත්ත, සක්විති රජ්ජුරුවන්ට ජ්‍යෙෂ්ඨ පුත්‍රයෙක් ඉන්නවා. ඔහ තම සක්විති පියා විසින් පවත්වන ධර්ම රාජ්‍යය ඒ අනුවම පවත්වාගෙන යනවා. පින්වත් සාරිපුත්ත, ඔබත් ඒ වගේ කෙනෙක්. මා විසින් පවත්වන මේ අනුත්තර ධර්මචක්‍රය ඔබ ඉතා හොඳින් ඒ විදිහට පවත්වනවා.”

නෝ චේ කිර මේ භන්තේ භගවා කිඤ්‌චි ගරහති කායිකං වා වාචසිකං වා. ඉමේසම්පි භන්තේ භගවා පඤ්‌චන්‌නං භික්‌ඛුසතානං න කිඤ්‌චි ගරහති කායිකං වා වාචසිකං වාති. ඉමේසම්‌පි ඛ්‌වාහං සාරිපුත්‌ත පඤ්‌චන්‌නං භික්‌ඛුසතානං න කිඤ්‌චි ගරහාමි කායිකං වා වාචසිකං වා. ඉමේසං හි සාරිපුත්‌ත පඤ්‌චන්‌නං භික්‌ඛුසතානං සට්‌ඨි භික්‌ඛූ තේවිජ්‌ජා, සට්‌ඨි භික්‌ඛූ ඡළභිඤ්‌ඤා, සට්‌ඨි භික්‌ඛූ උභතෝභාගවිමුත්‌තා. අථ ඉතරේ පඤ්‌ඤාවිමුත්‌තාති.

“ඉතින් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කායික හෝ වාචසික හෝ මගේ කිසිවකට ගර්හා නොකරන සේක් නම්, ස්වාමීනී, මේ පන්සියයක් වූ භික්ෂුසංඝයාගේත් කායික හෝ වාචසික හෝ කිසිවකට ගර්හා නොකරන සේක්ද?”

“පින්වත් සාරිපුත්ත, මේ පන්සියයක් භික්ෂූන්ගේ කායික හෝ වාචසික හෝ කිසිවකට මං ගර්හා කරන්නෙ නෑ. පින්වත් සාරිපුත්ත, මේ පන්සියයක් භික්ෂූන් අතුරින් භික්ෂූන් හැට නමක් ත්‍රිවිද්‍යාවෙන් යුක්තයි. භික්ෂූන් හැට නමක් අභිඥා හයකින් යුක්තයි. භික්ෂූන් හැට නමක් අෂ්ට සමාපත්තිලාභීව, විදර්ශනා වඩා නිවනට පත් වූ උභතෝභාග විමුක්තයි. අනිත් භික්ෂූන් සමඟ විදර්ශනාව වඩා විමුක්තියට පත් වූ ප්‍රඥා විමුක්තිකයන්.

අථ ඛෝ ආයස්‌මා වංගීසෝ උට්‌ඨායාසනා ඒකංසං උත්‌තරාසංගං කරිත්‌වා යේන භගවා තේනඤ්‌ජලිම්පණාමෙත්‌වා භගවන්‌තං ඒතදවෝච. පටිභාති මං භගවා පටිභාති මං සුගතාති. පටිභාතු තං වංගීසාති භගවා අවෝච. අථ ඛෝ ආයස්‌මා වංගීසෝ භගවන්‌තං සම්‌මුඛා සරූ‌පාහි ගාථාහි අභිත්‌ථවි.

එවේලෙහි ආයුෂ්මත් වංගීස තෙරුන් ආසනයෙන් නැගිට්ටා. සිවුර ඒකාංශ කරගත්තා. භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරගත්තා. භාග්‍යවතුන් වහන්සේට මෙහෙම පැවසුවා.

“භාග්‍යවතුන් වහන්ස, මට කාරණයක් වැටහෙනවා. සුගතයන් වහන්ස, මට කාරණයක් වැටහෙනවා.”

“පින්වත් වංගීස, ඔබට එය වැටහේවා!” කියල භාග්‍යවතුන් වහන්සේ වදාළා.

එතකොට ආයුෂ්මත් වංගීසයන් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ සුදුසු ගාථාවලින් ප්‍රශංසා කළා.

අජ්‌ජ පණ්ණරසේ විසුද්‌ධියා භික්‌ඛූ පඤ්‌චසතා සමාගතා
සඤ්ඤෝජනබන්‌ධනච්‌ඡිදා අනීඝා ඛීණපුනබ්‌භවා ඉසී.

“අද පුන් පොහෝ දවසයි. පිරිසිදු පවාරණය පිණිස පන්සියයක් භික්ෂූන් එකට එක්වුනා. උන්වහන්සේලා භව බන්ධන සිඳලයි ඉන්නෙ. කිසි දුකක් නැහැ. පුනර්භවය නැතිකරලා ඉන්නෙ. උන්වහන්සේලා තමයි ඉසිවරු.

චක්‌කවත්‌තී යථා රාජා අමච්‌චපරිවාරිතෝ
සමන්‌තා අනුපරියේති සාගරන්‌තං මහිං ඉමං.

සයුරු සීමා ඇති මේ මහා පොළොව සිසාරා ඇමැතිවරු පිරිවරා ගෙන ගමන් කරන සක්විති රජ්ජුරුවො වගෙයි.

ඒවං විජිතසංගාමං සත්‌ථවාහං අනුත්‌තරං
සාවකා පයිරුපාසන්‌ති තේවිජ්‌ජා මච්‌චුහායිනෝ.

ඒ විදිහමයි මාර යුද්ධය ජයගත්ත, අනුත්තර වූ ගැල්කරුවාණන් මරණය නසා දැම්මා. ත්‍රිවිද්‍යාවෙන් යුක්ත වෙලයි බුදු සමිඳුන් ශ්‍රාවක ජනයා ඇසුරු කරන්නෙ.

සබ්‌බේ භගවතෝ පුත්‌තා පලාපෙත්‌ථ න විජ්‌ජති
තණ්‌හාසල්‌ලස්‌ස හන්‌තාරං වන්‌දේ ආදිච්‌චබන්‌ධුනන්‌ති

මේ හැමදෙනාම භාග්‍යවතුන් වහන්සේගේ දරුවෝ. මෙතන හිස් පුද්ගලයෝ නෑ. තණ්හා හුල නසා දමන, සූර්යබන්ධු වූ සම්බුදු සමිඳුන්ට නමස්කාර වේවා!”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_8-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M