සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

8.1.8. පරෝසහස්ස සුත්තං

8.1.8. දහසකට වැඩි භික්ෂූන් අරභයා වදාළ දෙසුම

ඒකං සමයං භගවා සාවත්‌ථියං විහරති ජේතවනේ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමේ මහතා භික්‌ඛුසං‌ඝේන සද්‌ධිං අඩ්ඪතේලසේහි භික්‌ඛුසතේහි. තේන ඛෝ පන සමයේන භගවා භික්‌ඛූ නිබ්‌බානපටිසංයුත්‌තාය ධම්‌මියා කථාය සන්‌දස්‌සේති සමාදපේති සමුත්‌තේජේති සම්‌පහංසේති. තේ ච භික්‌ඛූ අට්‌ඨීකත්‌වා මනසිකත්‌වා සබ්‌බචේතසෝ සමන්‌නාහරිත්‌වා ඕහිතසෝතා ධම්‌මං සුණන්‌ති.

අථ ඛෝ ආයස්මතෝ වංගීසස්‌ස ඒතදහෝසි. අයං ඛෝ භගවා භික්‌ඛූ නිබ්‌බානපටිසංයුත්‌තාය ධම්‌මියා කථාය සන්‌දස්‌සේති සමාදපේති සමුත්‌තේජේති සම්‌පහංසේති. තේ ච භික්‌ඛූ අට්‌ඨීකත්‌වා මනසිකත්‌වා සබ්‌බචේතසෝ සමන්‌නාහරිත්‌වා ඕහිතසෝතා ධම්‌මං සුණන්‌ති. යන්නූනාහං භගවන්‌තං සම්‌මුඛා සරූපාහි ගාථාහි අභිත්‌ථවෙය්‍යන්‌ති. අථ ඛෝ ආයස්‌මා වංගීසෝ උට්‌ඨායාසනා ඒකංසං උත්‌තරාසං‌ගං කරිත්‌වා යේන භගවා තේනඤ්‌ජලිම්පණාමෙත්‌වා භගවන්‌තං ඒතදවෝච. පටිභාති මං භගවා පටිභාති මං සුගතාති. පටිභාතු තං වංගීසාති භගවා අවෝච. අථ ඛෝ ආයස්‌මා වංගීසෝ භගවන්‌තං සම්‌මුඛා සරූපාහි ගාථාහි අභිත්‌ථවි.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. භික්ෂූන් වහන්සේලා එක්දහස් දෙසිය පනහක් වූ මහත් භික්ෂු පිරිසකුත් වැඩසිටියා. එදා භාග්‍යවතුන් වහන්සේ ඒ අමා නිවන ගැන වූ ධර්මයක් භික්ෂූන් වහන්සේලාට දේශනා කළා. පහදලා දුන්නා. සමාදන් කෙරෙව්වා. උත්සාහවත් කෙරෙව්වා. සතුටු කළා. ඒ භික්ෂු පිරිසත් ප්‍රයෝජනය සළකා ගෙන, හිත පිහිටුවා ගෙන, මුළු හිතම යොමු කරගෙන, කන් යොමා ගෙන ධර්මයට සවන් දීගෙන සිටියා. එතකොට ආයුෂ්මත් වංගීසයන්ට මෙහෙම හිතුනා. ‘මේ භාග්‍යවතුන් වහන්සේ ඒ අමා නිවන ගැන භික්ෂූන්ට ධර්මය කියා දෙනවා. සමාදන් කරවනවා. උත්සාහවත් කරවනවා. සතුටු කරවනවා. ඒ භික්ෂූන් වහන්සේලාත් ප්‍රයෝජනය සලකා ගෙන, හිත පිහිටුවා ගෙන, මුළු හිතම යොමුකරගෙන, කන් යොමාගෙන ධර්මයට සවන් දීගෙන ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ මමත් සුදුසු ගාථාවලින් උන්වහන්සේට ප්‍රශංසා කරන්න ඕන’ කියලා.

ඉතින් ආයුෂ්මත් වංගීසයන් ආසනයෙන් නැගිට්ටා. සිවුර ඒකාංශ කරගත්තා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරගත්තා. භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

“භාග්‍යවතුන් වහන්ස, මට කාරණයක් වැටහෙනවා. සුගතයන් වහන්ස, මට කාරණයක් වැටහෙනවා.”

“පින්වත් වංගීස, ඔබට එය වැටහේවා!” කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා.

එතකොට ආයුෂ්මත් වංගීසයන් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ සුදුසු ගාථාවලින් ප්‍රශංසා කළා.

පරෝසහස්‌සං භික්‌ඛූනං සුගතං පයිරුපාසති
දේසෙන්‌තං විරජං ධම්‌මං නිබ්‌බානං අකුතෝභයං.

“මේ දහසකට වැඩි භික්ෂූන් වහන්සේලා, කිසිසේත් බියක් නැති, නිකෙලෙස් වූ, ඒ අමා නිවන් දහම් දේශනා කරන සුගතයන් වහන්සේමයි ඇසුරු කරන්නෙ.

සුණන්‌ති ධම්‌මං විමලං සම්‌මාසම්‌බුද්‌ධදේසිතං
සෝභති වත සම්‌බුද්ධෝ භික්‌ඛුසංඝපුරක්‌ඛතෝ

සම්මා සම්බුදු සමිඳුන් විසින් මනා කොට වදාළ ඒ නිර්මල ධර්මයටයි සවන් දීගෙන ඉන්නෙ. භික්ෂුසංඝයා පෙරටු කරගෙන වැඩසිටින බුදු සමිඳාණන් ඒකාන්තයෙන්ම සුන්දරයි.

නාගනාමෝසි භගවා ඉසීනං ඉසිසත්‌තමෝ
මහාමේඝෝව හුත්‌වාන සාවකේ අභිවස්‌සති

භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උතුම් ඇත් රජාණන් වන සේක. විපස්සී, සිඛී ආදී සම්බුදු ඉසිවරුන් අතරේ හත්වැනි ඉසිවරයාණන් වන සේක. ශ්‍රාවකයන්ව සදහම් අමා වැස්සෙන් තෙමා දමන්නේ ඇද හැලෙන මහා වැස්සක් වගේ.

දිවාවිහාරා නික්‌ඛම්‌ම සත්‌ථුදස්‌සනකම්‍යතා
සාවකෝ තේ මහාවීර පාදේ වන්‌දති වංගීසෝති

මහා වීරයාණෙනි, ශාස්තෘන් වහන්සේව දැකගන්න ආශාවෙන් දිවා විහරණයෙන් නික්මිලා ඇවිත්, ඔබවහන්සේගේ ශ්‍රාවක වූ මේ වංගීසයි සම්බුදු සිරිපතුල් වන්දනා කරන්නෙ.”

කින්නු තේ වංගීස ඉමා ගාථායෝ පුබ්‌බේ පරිවිතක්‌කිතා, උදාහු ඨානසෝව තං පටිභන්‌තීති? න ඛෝ මේ භන්තේ ඉමා ගාථායෝ පුබ්‌බේ පරිවිතක්‌කිතා, අථ ඛෝ ඨානසෝව මං පටිභන්‌තීති. තේන හි තං වංගීස භිය්‍යෝසෝමත්‌තාය පුබ්‌බේ අපරිවිතක්‌කිතා ගාථායෝ පටිභන්‌තූති. ඒවං භන්තේති ඛෝ ආයස්‌මා වංගීසෝ භගවතෝ පටිස්‌සුත්‌වා භිය්‍යෝසෝමත්‌තාය භගවන්‌තං පුබ්‌බේ අපරිවිතක්‌කිතාහි ගාථාහි අභිත්‌ථවි.

“පින්වත් වංගීස, දැන් ඔය ගාථාවන් ඔබ කලින් හිතාපු දේවල්ද? එහෙම නැත්නම්, අවස්ථාවලට අනුව ඒ මොහොතේම නිර්මාණය කරන දේවල්ද?”

“ස්වාමීනී, මේ ගාථාවන් මං කලින් හිතපුවා නො වෙයි. අවස්ථානුකූලව ඒ මොහොතේමයි මේවා ප්‍රබන්ධ කරන්නෙ.”

“එහෙම නම් පින්වත් වංගීස, ඔබ කළින් හිතපු නැති තව තවත් ගාථාවන් ඔබට බොහෝ සෙයින් වැටහේවා!”

“එසේය, ස්වාමීනී” කියලා ආයුෂ්මත් වංගීසයන් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. කලින් හිතපු නැති ගාථාවලින් භාග්‍යවතුන් වහන්සේට බොහෝ සෙයින් ප්‍රශංසා කළා.

උම්‌මග්‌ගපථං මාරස්‌ස අභිභුය්‍ය චරසි පභිජ්‌ජ ඛිලානි
තං පස්‌සථ බන්‌ධපමුඤ්‌චකරං අසිතං භාගසෝ පවිභජ්ජං.

“මාරයාගේ වැරදි මාවත යටපත් කරලා, කෙලෙස් හුල් බිඳගෙන නේද සැරිසරා වඩින්නේ. මාර බන්ධනයෙන් නිදහස් කරවන, විස්තර විභාග වශයෙන් පෙන්වා දෙමින් නිකෙලෙස් ධර්මය බෙදා වදාරණ මුනිඳාණන්ව දැකබලා ගන්න.

ඕඝස්‌ස හි නිත්‌ථරණත්‌ථං අනේකවිහිතං මග්‌ගං අක්‌ඛාසි
තස්‌මිං තේ අමතේ අක්‌ඛාතේ ධම්‌මද්‌දසා ඨිතා අසංහීරා.

කෙලෙස් සැඩ පහරින් එතෙර වීම පිණිසම නොයෙක් අයුරින් නිවන් මග වදාළා නෙව. ඉතින් ඒ අමා නිවන් දහම් පවසද්දී, බුදු සමිඳුන්ගේ ශ්‍රාවකයෝ ඒ ධර්මය දැකලා නොවෙනස්ව ස්ථිරව දහම තුළ පිහිටියා.

පජ්‌ජෝතකරෝ අතිවිජ්‌ඣ ධම්මං සබ්‌බට්‌ඨිතීනං අතික්‌කමමද්‌දස
ඤත්‌වා ච සච්‌ඡිකත්‌වා ච අග්‌ගං සෝ දේසයි දසද්‌ධානං.

බුදු සමිඳුන් තමයි ප්‍රඥාලෝකය ඇතිකරලා දෙන්නේ. ධර්මය විනිවිද දැකපු නිසා උන්වහන්සේ හැමදේම ඉක්මවා ගිය අමා නිවන දැකගත්තා. උන්වහන්සේ දැනගෙන, සාක්ෂාත් කරපු ඒ අග්‍ර ධර්මය පස්වග මහණුන්ටයි ඉස්සෙල්ලාම වදාළේ.

ඒවං සුදේසිතේ ධම්මේ කෝ පමාදෝ විජානතං
තස්‌මා හි තස්‌ස භගවතෝ සාසනේ
අප්පමත්තෝ සදා නමස්‌සමනුසික්ඛේති.

ඔය විදිහට ඉතා සුන්දර ලෙස වදාළ ධර්මයක් තියෙද්දී, ඒ ධර්මය දැනගත් අය කොහොම ප්‍රමාද වෙන්නද? ඒ නිසා ඒ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරමින් හැමවිටම අප්‍රමාදී වෙලා ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේමයි හික්මෙන්නට ඕන.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_8-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M