සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

8.1.2. අරති සුත්තං

8.1.2. බ්‍රහ්මචාරී ජීවිතයට ආශාව නැතිවීම ගැන වදාළ දෙසුම

ඒකං සමයං ආයස්‌මා වංගීසෝ ආළවියං විහරති අග්‌ගාළවේ චේතියේ ආයස්‌මතා නිග්‍රෝධකප්‌පේන උපජ්‌ඣායේන සද්‌ධිං. තේන ඛෝ පන සමයේන ආයස්‌මා නිග්‍රෝධකප්‌පෝ පච්‌ඡාභත්‌තං පිණ්‌ඩපාතපටික්‌කන්‌තෝ විහාරං පවිසති සායං වා නික්‌ඛමති අපරජ්‌ජු වා කාලේ. තේන ඛෝ පන සමයේන ආයස්මතෝ වංගීසස්‌ස අනභිරති උප්‌පන්‌නා හෝති. රාගෝ චිත්‌තං අනුද්‌ධංසේති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල වංගීස තෙරුන් තමන්ගේ උපාධ්‍යායන් වහන්සේ වන නිග්‍රෝධකප්ප තෙරුන් සමඟ අග්ගාලව චේතිය ආරාමයේ වැඩසිටියේ. ඒ කාලේ ආයුෂ්මත් නිග්‍රෝධකප්ප තෙරුන් පිණ්ඩපාතෙ වැඩියට පස්සේ කුටිය ඇතුළට වඩිනවා. ආයෙමත් එළියට වඩින්නෙ හවසට හරි, පසුවදා පිණ්ඩපාතෙට හරි විතරයි. එතකොට ආයුෂ්මත් වංගීසයන්ට බ්‍රහ්මචාරී ජීවිතය ගැන එපාවීමක් ඇති වුනා. රාගය විසින් කුසල් සිත වනසලා දැම්මා.

අථ ඛෝ ආයස්මතෝ වංගීසස්‌ස ඒතදහෝසි. අලාභා වත මේ න වත මේ ලාභා. දුල්‌ලද්‌ධං වත මේ න වත මේ සුලද්‌ධං. යස්‌ස මේ අනභිරති උප්‌පන්‌නා, රාගෝ චිත්‌තං අනුද්‌ධංසේති. තං කුතෙත්‌ථ ලබ්‌භා යං මේ පරෝ අනභිරතිං විනෝදෙත්‌වා අභිරතිං උප්‌පාදෙය්‍ය. යන්නූනාහං අත්‌තනාව අත්තනෝ අනභිරතිං විනෝදෙත්‌වා අභිරතිං උප්‌පාදෙය්‍යන්‌ති. අථ ඛෝ ආයස්‌මා වංගීසෝ අත්‌තනාව අත්තනෝ අනභිරතිං විනෝදෙත්‌වා අභිරතිං උප්‌පාදෙත්‌වා තායං වේලායං ඉමා ගාථායෝ අභාසි.

ඉතින් ආයුෂ්මත් වංගීසයන්ට මෙහෙම හිතුනා. ‘අයියෝ! මේක මට මහා පාඩුවක්. මේක මට ලාභයක් නම් නොවෙයි. මේක මහා අවාසනාවක්. මේක මට වාසනාවක් නම් නොවේ. අනේ! මටත් බ්‍රහ්මචාරී ජීවිතය ගැන ආශාව නැතිවුනා නෙව. රාගය විසින් කුසල් සිත වනසනවා නෙව. අනික බ්‍රහ්මචාරී ජීවිතයට ඇති එපාවීම නැති කරලා, එපාවීම දුරු කරලා, බඹසර රකින ආශාව උපදවාගන්න එක මං බාහිර කෙනෙකුගෙන් කොහොම බලාපොරොත්තු වෙන්නද? තමන් විසින්මයි මේක කරගත යුත්තේ. තමන් තුළ ඇතිවෙච්ච බඹසර ජීවිතයේ එපාවීම දුරු කරගැනීමත්, බඹසර ජීවිතයට ආශාව උපදවා ගැනීමත් තමන්මයි කරගන්න ඕන’ කියලා. එතකොට ආයුෂ්මත් වංගීසයන් තමන් තුළ ඇතිවෙච්ච බඹසර ජීවිතේ ගැන එපාවීම තමන්ම දුරු කරගත්තා. බඹසර ජීවිතය ගැන ආශාව උපදවා ගත්තා. අන්න ඒ වෙලාවේ මේ ගාථාවන් පැවසුවා.

අරතිඤ්‌ච රතිඤ්‌ච පහාය සබ්බසෝ ගේහසිතඤ්‌ච විතක්‌කං
වනථං න කරෙය්‍ය කුහිඤ්‌චි නිබ්‌බනථෝ අරතෝ ස හි භික්‌ඛු

“බඹසර ජීවිතය ගැන එපාවීමත්, කාම සැපයට ඇලීමත්, ගිහියෙක් හිතන විදිහේ ළාමක විතර්කත් සම්පූර්ණයෙන්ම නැතිකරන්න ඕන. කෙලෙස් වනය කිසිසේත් රෝපණය කරන්නෙ නෑ. කෙලෙස් වනයෙන් තොර, තෘෂ්ණා රහිත කෙනා තමයි හැබෑම භික්ෂුව.

යමිධ පුථුවිඤ්‌ච වේහාසං රූපගතඤ්‌ච ජගතෝගධං
කිඤ්‌චි පරිජීයති සබ්‌බමනිච්‌චං ඒවං සමෙච්‌ච චරන්‌ති මුතත්‌තා

මේ ලෝකෙ අහසෙත් පොළොවෙත්, මේ ලෝකයට අයිති සතර මහා ධාතූන්ගෙන් හටගත් යමක් ඇත්නම්, ඒ හැමදෙයක්ම දිරලා යනවා. හැම දෙයක්ම අනිත්‍යයයි. මේ කාරණය දන්න උදවිය අවබෝධයෙන් තමයි හැසිරෙන්නෙ.

උපධීසු ජනා ගධිතාසේ දිට්‌ඨසුතේ පටිඝේ ච මුතේ ච
එත්‌ථ විනෝදය ඡන්‌දමනේජෝ යෝ එත්‌ථ න ලිම්‌පති තං මුනිමාහු

සාමාන්‍ය ජනතාව කෙලෙස් තුළ ඉඳගෙන, ඇසින් රූප දැකලා, කණින් ශබ්ද අහලා, ඒ වගේම ගඳ සුවඳත්, රසත් දැනගෙන, ඒ වගේම කයින් පහසත් ලබලා, සිතින් ඒවා පිළිගන්නවා. යම්කිසි කෙනෙක් ඔය පංච කාමය ගැන තියෙන ආශාව දුරු කරගෙන, ආශා රහිත වුනොත්, එයා කිසි දේකට ඇලෙන්නෙ නෑ. එයාට තමයි මුනිවරයා කියන්නෙ.

අථ සට්‌ඨිනිස්‌සිතා සවිතක්‌කා පුථුජනතාය අධම්‌මා නිවිට්‌ඨා
න ච වග්‌ගගතස්‌ස කුහිඤ්‌චි නෝ පන දුට්‌ඨුල්‌ලභාණී ස භික්‌ඛු.

නමුත් සය ඉඳුරන්ගෙන් ලැබෙන අරමුණුවල ඇසුරට වැටෙන බොහෝ ජනතාවක් ඉන්නවා. ඔවුන් කල්පනා කර කර අධර්මයටමයි වැටෙන්නෙ. ඒ වුණාට, කොහේදිවත් රණ්ඩු වෙලා බෙදෙන්නෙ නැත්නම්, නපුරු වචන කීමක් නැත්නම්, එයා තමයි භික්ෂුව.

දබ්‌බෝ චිරරත්‌තසමාහිතෝ අකුහකෝ නිපකෝ අපිහාලු‍
සන්‌තං පදං අජ්‌ඣගමා මුනි පටිච්‌ච පරිනිබ්‌බුතෝ කංඛති කාලන්‌ති.

බුද්ධිමත් කෙනා බොහෝ කලක් සමාහිත සිතින් ඉන්නවා. කුහක නෑ. තැනට සුදුසු නුවණ තියෙනවා. තෘෂ්ණාව නෑ. ඔහු ඒ අමා නිවනට පැමිණිච්ච මුනිවරයෙක්. ඒ නිසාම පිරිනිවන් පාන්නයි කල් බලාගෙන ඉන්නෙ.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_8-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M