සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

8.1.1. නික්ඛන්ත සුත්තං

8.1.1. ගිහි ගෙයින් නික්මීම ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං ආයස්‌මා වංගීසෝ ආළවියං විහරති අග්‌ගාළවේ චේතියේ. ආයස්‌මතා නිග්‍රෝධකප්‌පේන උපජ්‌ඣායේන සද්‌ධිං. තේන ඛෝ පන සමයේන ආයස්‌මා වංගීසෝ නවෝ හෝති අචිරපබ්‌බජිතෝ ඕහිය්‍යකෝ විහාරපාලෝ. අථ ඛෝ සම්‌බහුලා ඉත්‌ථියෝ සමලංකරිත්‌වා යේන අග්‌ගාළවකෝ ආරාමෝ තේනුපසංකමිංසු විහාරපෙක්‌ඛිකායෝ. අථ ඛෝ ආයස්මතෝ වංගීසස්‌ස තා ඉත්‌ථියෝ දිස්‌වා අනභිරති උප්‌පජ්‌ජති රාගෝ චිත්‌තං අනුද්‌ධංසේති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල වංගීස තෙරුන් අග්ගාලව චේතිය ආරාමයේ තම උපාධ්‍යායන් වහන්සේ වන ආයුෂ්මත් නිග්‍රෝධකප්ප තෙරුන් සමඟයි වාසය කළේ. ඒ වන විට ආයුෂ්මත් වංගීස තෙරුන් පැවිද්දෙන් නවකයෙක්. ආරාමය බලාගන්න වැඩේ පැවරිලයි තිබුනේ.

එදා බොහෝ කාන්තා පිරිසක් හැඩ වැඩ ඇතිව හැඳ පැළඳගෙන අග්ගාලව චේතිය බලන්නට ආවා. එදා ආයුෂ්මත් වංගීසයන් හට ඒ ළලනාවන් දකිද්දී, බඹසර ජීවිතය ගැන නොකැමැත්තක් ඇතිවුනා. රාගය විසින් කුසල් සිතට හානි කළා.

අථ ඛෝ ආයස්මතෝ වංගීසස්‌ස ඒතදහෝසි. අලාභා වත මේ න වත මේ ලාභා. දුල්‌ලද්‌ධං වත මේ න වත මේ සුලද්‌ධං. යස්‌ස මේ අනභිරති උප්‌පන්‌නා, රාගෝ චිත්‌තං අනුද්‌ධංසේති. තං කුතෙත්‌ථ ලබ්‌භා යම්මේ පරෝ අනභිරතිං විනෝදෙත්‌වා අභිරතිං උප්‌පාදෙය්‍ය. යන්නූනාහං අත්‌තනාව අත්තනෝ අනභිරතිං විනෝදෙත්‌වා අභිරතිං උප්‌පාදෙය්‍යන්‌ති. අථ ඛෝ ආයස්‌මා වංගීසෝ අත්‌තනාව අත්තනෝ අනභිරතිං විනෝදෙත්‌වා අභිරතිං උප්‌පාදෙත්‌වා තායං වේලායං ඉමා ගාථායෝ අභාසි.

එතකොට ආයුෂ්මත් වංගීසයන් හට මෙහෙම හිතුනා. ‘අයියෝ! මේක මට පාඩුවක්. අයියෝ! මේක මට ලාභයක් නොවෙයි. මේක මහා අවාසනාවක්. මේක මට වාසනාවක් නම් නොවෙයි. බඹසර ජීවිතේ ගැන ආශාව නැතිවුනා නෙව. මේ රාගය කුසල් සිත වැනසුවා නෙව. බඹසර ජීවිතය ගැන ඇතිවෙච්ච මේ එපාවීම නැතිකරලා බඹසර ජීවිතයට ආශාව ඇති කරවන එක පිට කෙනෙකුගෙන් කොහොම බලාපොරොත්තු වෙන්නද? මේක තමන් විසින්ම කරගත යුතු දෙයක්. බඹසර ජීවිතය එපා වෙච්ච එක අත්හැරලා, බඹසර ජීවිතයට ආශාව ඇතිකරගන්න එක තමන් විසින්ම කරගත යුතු දෙයක්’ කියලා.

ඉතින් ආයුෂ්මත් වංගීසයන් තමන්ගේ ජීවිතය ගැන ඇතිවෙච්ච එපාවීම දුරුකරලා, බඹසර ජීවිතයට ආශාවක් තමන් විසින්ම ඇති කරගත්තා. ඒ වෙලාවේ ආයුෂ්මත් වංගීසයන් මේ ගාථාවන් පැවසුවා.

නික්‌ඛන්‌තං වත මං සන්‌තං අගාරස්‌මානගාරියං
විතක්‌කා උපධාවන්‌ති පගබ්‌භා කණ්‌හතෝ ඉමේ

“මං ගිහි ජීවිතේ අත්හැරලා, ශාසනේට ඇතුල් වුනේ අවංකවමයි. එහෙම එකේ මේ හිතුවක්කාර පව් සිතුවිලි පස්සෙන් එනවා නෙව.

උග්‌ගපුත්‌තා මහිස්‌සාසා සික්‌ඛිතා දළ්‌හධම්‌මිනෝ
සමන්‌තා පරිකිරෙය්‍යුං සහස්‌සං අපලායිනං

රාජ කුමාරවරු ඉන්නවා. හොඳට පුහුණු වෙලා, මහත් දුනු ඊතල දරාගෙන, තමන් වටේට දහස් ගණනින් ඊතල ආවත් ඔවුන් පලා යන්නෙ නෑ.

සචේපි එත්තතෝ භිය්‍යෝ ආගමිස්‌සන්‌ති ඉත්‌ථියෝ
නේව මං බ්‍යාධයිස්‌සන්‌ති ධම්මේ සම්‌හි පතිට්‌ඨිතං

ඉතින් ඒ විදිහටම ගෑණු වුනත් දහස් ගණනක් ආවත් දැන් ඉතින් ධර්මයේ හිත පිහිටුවාගත්තු මාව නම් පීඩාවකට පත් කරවන්න බෑ.

සක්‌ඛී හි මේ සුතං ඒතං බුද්‌ධස්‌සාදිච්‌චබන්‌ධුනෝ
නිබ්‌බානගමනං මග්‌ගං තත්‌ථ මේ නිරතෝ මනෝ.

අනික මං මේ අමා නිවන් මඟ අසාගත්තෙ සූර්යබන්ධු වූ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු මුවින්මනෙ. දැන් මගේ සිත ඒ නිවන් මගේ තමයි ඇලෙන්නෙ.

ඒවඤ්චේ මං විහරන්‌තං පාපිමා උපගච්‌ඡසි
තථා මච්‌චු කරිස්‌සාමි න මේ මග්‌ගම්‌පි දක්‌ඛසීති.

ඒයි පවිටු මාරය, මං ඒ විදිහට වාසය කරද්දීද, මං ළඟට එන්නෙ. මං ගිය මාර්ගය ඔබට හොයාගන්න බැරි විදිහටයි මං වැඩකරන්නෙ.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_8-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M