මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල වංගීස තෙරුන් තම උපාධ්‍යායන් වහන්සේ වන නිග්‍රෝධකප්ප තෙරුන් සමඟ අග්ගාලව චේතිය ආරාමයේ වැඩසිටියේ. ඒ කාලෙ ආයුෂ්මත් වංගීසයන් තමන්ගේ කාව්‍යමය ප්‍රතිභානයෙන් සුපේශල භික්ෂූන් පහත් කොට සිතනවා.
එතකොට ආයුෂ්මත් වංගීසයන්ට මෙහෙම හිතුනා. ’අයියෝ! මට වෙච්ච පාඩුවක්. මේක මට ලාභයක් නම් නොවෙයි. මේක මහා අවාසනාවක්. මේක වාසනාවක් නම් නොවෙයි. මං තමන්ගේ කාව්‍යමය ප්‍රතිභානයෙන් අනිත් සුපේශල භික්ෂූන් පහත් කළා නෙව’ කියලා.
ඉතින් ආයුෂ්මත් වංගීසයන් තමන්ම තමන් තුළ පසුතැවිල්ලක් උපදවාගෙන ඒ වෙලාවෙ මේ ගාථාවන් පැවසුවා.
“ඒයි ගෞතම, දැන්වත් මානය අත්හැරපන්. මානය ඇතිවෙන මගත් අත්හැරපන්. මානය ඇතිවෙන මග තුළ සම්පූර්ණයෙන්ම මුසපත් වෙලා නේද සිටියේ? ඒ නිසා බොහෝ කාලයක් පසුතැවෙන්න සිද්ධ වුනා.
ගුණමකුකමෙන් වෙළිලා ගිය සාමාන්‍ය ජනතාව වනසන්නෙ ඔය මාන්නය තමයි. අන්තිමේදී නිරයට තමයි වැටෙන්නෙ. මාන්නය තුළින් වැනසිච්ච ජනතාව නිරයේ ඉපදිලා, බොහෝ කලක් ශෝක කරනවා.
යහපත් ප්‍රතිපදාවට බැසගත් භික්ෂුව නිවන් මඟ ජයගත්තට පස්සේ කවදාවත් ශෝක කරන්නෙ නෑ. කීර්තියත්, සැපයත් ලැබෙනවා. සත්‍යයට පැමිණි සිත් ඇති ඔහුට කියන්නේ ධර්මය දැකපු කෙනා කියලයි.
ඒ නිසා කෙලෙස් හුල් නැතිව, බලවත් වීරියකින් ඉන්න ඕන. පංච නීවරණ දුරු කරලා, පිරිසිදු වෙන්න ඕන. මාන්නය සම්පූර්ණයෙන්ම දුරු කරන්න ඕන. අන්තිමේදී විද්‍යාව උපදවා ගැනීමෙන් ශාන්ත වෙලා ඒ මග නිමා වෙලා යනවා.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_8-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M