සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………….
එදා මාතුපෝසක බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. පිළිසඳර කතා කළා. පැත්තකින් වාඩි වුනා. පැත්තකින් වාඩිවුන මාතුපෝසක බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “භවත් ගෞතමයන් වහන්ස, මං ධාර්මිකවයි යමක්කමක් හොයාගන්නෙ. ධාර්මිකව යමක්කමක් හොයාගෙන, මං මගේ දෙමව්පියන්ව පෝෂණය කරනවා. භවත් ගෞතමයන් වහන්ස, ඒ විදිහට මං කටයුතු කිරීම ගැන මොකක්ද පවසන්නේ? හරි දෙයක් කරන කෙනෙක්ද?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“ඇත්ත වශයෙන්ම පින්වත් බ්‍රාහ්මණය, ඔය විදිහට කටයුතු කිරීමෙන් ඔබ හරි දෙයක්මයි කරන්නෙ. පින්වත් බ්‍රාහ්මණය, යම් කෙනෙක් ධාර්මිකව යමක්කමක් හොයාගන්නවා නම්, ධාර්මිකව යමක්කමක් හොයාගෙන, මව්පියන්ව පෝෂණය කරනවා නම්, ඔහු ගොඩාක් පින් රැස්කරනවා.”
(ගාථාවකි) :
යමෙක් මවත්, පියාත් පෝෂණය කරයි නම්, මව්පියන්ට ඒ විදිහට උපස්ථාන කිරීම නිසා, ඔවුන්ව නුවණැත්තෝ මෙලොවදී ප්‍රශංසා කරනවා. පරලොව සුගතියෙ ඉපදිලා, සතුටු වෙනවා.”
මෙසේ වදාළ විට මාතුපෝසක බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහරයි! …. (පෙ) …. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු හැටියට මාව පිළිගන්නා සේක්වා!”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_7-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M