සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………….
එදා භික්ඛක බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. පිළිසඳර කතාබස් කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන භික්ඛක බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“භවත් ගෞතමයන් වහන්ස, මමත් පිඬු සිඟා යන කෙනෙක්. ඔය භවතාත් පිඬුසිඟා යන කෙනෙක්. ඉතින් මේ කරුණෙදී අපි දෙන්නගේ තියෙන වෙනස මොකක්ද?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“අනුන් ළඟට පිඬු සිඟාගෙන ගියා කියලා, ඒ හේතුවෙන් කෙනෙක් භික්‍ෂුත්වයට අයිති කෙනෙක් වෙන්නෙ නෑ. ගඳ ගහන අකුසල් සමාදන් වෙලා ඉන්නකල් භික්‍ෂුවක් වෙන්න බෑ.
මේ කාරණයේදී යම් කෙනෙක් පිනුත්, පවුත් බැහැර කරලා, බ්‍රහ්මචාරී ජීවිතයක් ඇතිව, ලෝකය තුළ බුද්ධිමත්ව හැසිරෙනවා නම්, අන්න එයාට තමයි ඇත්තෙන්ම ‘භික්‍ෂුව’ කියලා කියන්නෙ.”
මෙසේ වදාළ විට භික්ඛක බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහරයි! …. (පෙ) …. භවත් ගෞතමයන් වහන්ස, අද පටන් දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු හැටියට මාව පිළිගන්නා සේක්වා!”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_7-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M