මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.
ඒ දිනවලම පච්චනීකසාත කියල බ්‍රාහ්මණයෙක් සැවැත් නුවර හිටියා. එදා ඒ පච්චනීකසාත බ්‍රාහ්මණයාට මෙහෙම හිතුනා. ‘මං ශ්‍රමණ ගෞතමයන් ළඟට අද යන්න ඕන. හැබැයි ශ්‍රමණ ගෞතමයන් මොකක්ද කියන්නෙ, මං ඒ හැම වචනයකටම විරුද්ධව කතාකරනවා.’
ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ එළිමහනේ සක්මන් කරමින් හිටියේ. එතකොට පච්චනීකසාත බ්‍රාහ්මණය භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් සක්මනේ වඩින භාග්‍යවතුන් වහන්සේත් සමඟම සක්මන් කරමින්, භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“ඒයි ශ්‍රමණය, බණ කියන්න.”
(භාග්‍යවතුන් වහන්සේ) :
“කිලුටු වෙච්ච සිතක් තියෙන, බොහෝ විට එකටෙක කරන, විරුද්ධ කථාවලටම කැමති කෙනෙකුට සුභාෂිත ධර්මය ලේසියෙන් දැනගන්න බෑ.
යම් කෙනෙක් එකටෙක කිරීමත්, හිතේ අප්‍රසාදයත් දුරුකරලා, ක්‍රෝධයත් බැහැර කළොත් නම්, ඒකාන්තයෙන්ම එයාට සුභාෂිත ධර්මය අවබෝධ කරගන්න පුළුවන්.”
මෙසේ වදාළ විට පච්චනීකසාත බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහරයි! …. (පෙ) …. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි තිබෙන තුරාවට, තෙරුවන් සරණ ගිය උපාසකයෙක් හැටියට මාව පිළිගන්නා සේක්වා!
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_7-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M