සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

7.2.2. උදය සුත්තං

7.2.2. උදය බ්‍රාහ්මණයාට වදාළ දෙසුම

සාවත්ථියං….

සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………….

අථ ඛෝ භගවා පුබ්බන්හසමයං නිවාසෙත්‌වා පත්‌තචීවරමාදාය යේන උදයස්‌ස බ්‍රාහ්‌මණස්‌ස නිවේසනං තේනුපසංකමි. අථ ඛෝ උදයෝ බ්‍රාහ්මණෝ භගවතෝ පත්‌තං ඕදනේන පූරේසි. දුතියම්‌පි ඛෝ භගවා පුබ්බන්හසමයං නිවාසෙත්‌වා පත්‌තචීවරමාදාය යේන උදයස්‌ස බ්‍රාහ්‌මණස්‌ස නිවේසනං තේනුපසංකමි. දුතියම්පි ඛෝ උදයෝ බ්‍රාහ්මණෝ භගවතෝ පත්‌තං ඕදනේන පූරේසි. තතියම්‌පි ඛෝ භගවා පුබ්බන්හසමයං නිවාසෙත්‌වා පත්‌තචීවරමාදාය යේන උදයස්‌ස බ්‍රාහ්‌මණස්‌ස නිවේසනං තේනුපසංකමි. තතියම්‌පි ඛෝ උදයෝ බ්‍රාහ්මණෝ භගවතෝ පත්‌තං ඕදනේන පූරෙත්‌වා භගවන්‌තං ඒතදවෝච. පකට්‌ඨකෝයං සමණෝ ගෝතමෝ පුනප්‌පුනං ආගච්‌ඡතීති.

එදා භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවේ සිවුරු පොරවාගෙන, පාත්‍ර සිවුරු අරගෙන, උදය බ්‍රාහ්මණයාගේ නිවසට පිණ්ඩපාතෙ වැඩියා. එදා උදය බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රයට දානෙ බෙදුවා. භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි දවසෙත් උදේ වරුවෙ සිවුරු පොරවාගෙන, පාත්‍ර සිවුරු අරගෙන උදය බ්‍රාහ්මණයාගේ නිවසට පිණ්ඩපාතෙ වැඩියා. දෙවෙනි දවසෙත් උදය බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රයට දානෙ බෙදුවා. භාග්‍යවතුන් වහන්සේ තුන්වෙනි දවසෙත් උදේ වරුවේ සිවුරු පොරවාගෙන, පාත්‍ර සිවුරු අරගෙන උදය බ්‍රාහ්මණයාගේ නිවසට පිණ්ඩපාතෙ වැඩියා. තුන්වෙනි දවසෙත් උදය බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රයට දානෙ පුරවලා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “රසයට ගිජු වෙච්ච මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ආයෙ, ආයෙමත් වඩිනවා නෙව” කියලා.

(භගවා);

(භාග්‍යවතුන් වහන්සේ) :

පුනප්‌පුනං චේව වපන්‌ති බීජං පුනප්‌පුනං වස්‌සති දේවරාජා
පුනප්‌පුනං ඛෙත්‌තං කසන්‌ති කස්‌සකා පුනප්‌පුනං ධඤ්‌ඤමුපේති රට්‌ඨං.

“ආයෙ ආයෙමත් බිත්තර වී වපුරනවා. ආයෙ ආයෙමත් වැස්ස වහිනවා. ගොවියෝ එතකොට ආයෙ ආයෙමත් කුඹුරු හානවා. ආයෙ ආයෙමත් රටට අස්වැන්න ලැබෙනවා.

පුනප්‌පුනං යාචකා යාචයන්‌ති පුනප්‌පුනං දානපතී දදන්‌ති
පුනප්‌පුනං දානපතී දදිත්‌වා පුනප්‌පුනං සග්‌ගමුපෙන්‌ති ඨානං.

ආයෙ ආයෙමත් යාචකයො ඉල්ලගෙන යනවා. දානපතිවරු ආයෙ ආයෙමත් දන් දෙනවා. දානපතිවරු ආයෙ ආයෙමත් දන් දීලා, ආයෙ ආයෙමත් සුගතියෙ උපදිනවා.

පුනප්‌පුනං ඛීරනිකා දුහන්‌ති පුනප්‌පුනං වච්‌ඡෝ උපේති මාතරං
පුනප්‌පුනං කිලමති ඵන්‌දති ච පුනප්‌පුනං ගබ්‌භමුපේති මන්‌දෝ.

කිරි දොවන උදවිය ආයෙ ආයෙමත් කිරි දොවනවා. වහු පැටියා ආයෙ ආයෙමත් වැස්සි ළඟට එනවා. සත්වයාට ආයෙ ආයෙමත් කලන්තෙ හැදෙනවා. ආයෙ ආයෙමත් සැලෙනවා. අඥාන පුද්ගලයා ආයෙ ආයෙමත් ගර්භාෂයකට එනවා.

පුනප්‌පුනං ජායති මීයති ච පුනප්‌පුනං සිවථිකං හරන්‌ති
මග්‌ගඤ්‌ච ලද්‌ධා අපුනබ්‌භවාය න පුනප්‌පුනං ජායති භූරිපඤ්‌ඤෝති.

එතකොට ආයෙ ආයෙමත් උපදිනවා. ආයෙ ආයෙමත් මැරෙනවා. එතකොට ආයෙ ආයෙමත් අමු සොහොනට ගෙනියනවා. තියුණු ප්‍රඥා ඇති කෙනාට ආර්ය අෂ්ටාංගික මාර්ගය ලැබුන විට, පුනර්භවය නැතුව යනවා. එතකොට ආයෙ ආයෙමත් උපදින්නෙ නැහැ.”

ඒවං වුත්තේ උදයෝ බ්‍රාහ්මණෝ භගවන්‌තං ඒතදවෝච. අභික්‌කන්‌තං භෝ ගෝතම ….(පෙ)…. උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්‌ජතග්‌ගේ පාණුපේතං සරණං ගතන්‌ති.

මෙහෙම වදාළ විට උදය බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහරයි! …. (පෙ) …. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි හිමියෙන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් මාව පිළිගන්නා සේක්වා!”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_7-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M