සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

7.2.1. කසී සුත්තං

7.2.1. කසී භාරද්වාජ බ්‍රාහ්මණයාට වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා මගධේසු විහරති දක්‌ඛිණාගිරිස්‌මිං ඒකනාළායං බ්‍රාහ්‌මණගාමේ. තේන ඛෝ පන සමයේන කසීභාරද්‌වාජස්‌ස බ්‍රාහ්‌මණස්‌ස පඤ්‌චමත්‌තානි නංගලසතානි පයුත්‌තානි හොන්‌ති වප්‌පකාලේ.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ මගධ ජනපදයේ දකුණු කඳුකරයේ ඒකනාළා නම් වූ බ්‍රාහ්මණ ගමකයි වැඩවිසුවේ. ඒ දිනවල කසී භාරද්වාජ බ්‍රාහ්මණයාගේ කුඹුරු වපුරන කාලය නිසා නගුල් පන්සීයක් පමණ යොදවලා තිබුනා.

අථ ඛෝ භගවා පුබ්බන්හසමයං නිවාසෙත්‌වා පත්‌තචීවරමාදාය යේන කසීභාරද්‌වාජස්‌ස බ්‍රාහ්‌මණස්‌ස කම්‌මන්‌තෝ තේනුපසංකමි. තේන ඛෝ පන සමයේන කසීභාරද්‌වාජස්‌ස බ්‍රාහ්‌මණස්‌ස පරිවේසනා වත්‌තති. අථ ඛෝ භගවා යේන පරිවේසනා තේනුපසංකමි. උපසංකමිත්‌වා ඒකමන්තං අට්‌ඨාසි.

එදා භාග්‍යවතුන් භාග්‍යවතුන් වහන්සේ උදේ වරුවෙ සිවුරු පොරවාගෙන, දෙපොට සිවුරත් අරගෙන, කසී භාරද්වාජ බ්‍රාහ්මණයාගේ වපුරන තැනට පිණ්ඩපාතෙ වැඩියා. ඒ වෙලාවේ කසී භාරද්වාජ බ්‍රාහ්මණයා පිරිසට ඇඹුල බෙදමින් හිටියා. භාග්‍යවතුන් වහන්සේ ඒ ඇඹුල බෙදන තැනට වැඩම කළා. වැඩම කරලා, පැත්තකින් හිටගෙන හිටියා.

අද්‌දසා ඛෝ කසීභාරද්වාජෝ බ්‍රාහ්මණෝ භගවන්‌තං පිණ්‌ඩාය ඨිතං. දිස්‌වාන භගවන්‌තං ඒතදවෝච. අහං ඛෝ සමණ කසාමි ච වපාමි ච. කසිත්‌වා ච වපිත්‌වා ච භුඤ්‌ජාමි. ත්‌වම්‌පි සමණ කසස්‌සු ච වපස්‌සු ච කසිත්‌වා ච වපිත්‌වා ච භුඤ්‌ජස්‌සූති.

එතකොට, කසී භාරද්වාජ බ්‍රාහ්මණයාට පිණ්ඩපාතයට වැඩම කරලා, හිටගෙන ඉන්න භාග්‍යවතුන් වහන්සේව දකින්න ලැබුනා. දැකලා, භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “ශ්‍රමණය, මම නම් කුඹුරු සානවා. වපුරනවා. සීසෑමත් කරලා, වැපිරීමත් කරලයි අනුභව කරන්නෙ. ඉතින් ශ්‍රමණය ඔබත් සීසාන්න ඕන. වපුරන්න ඕන. සීසෑමත් කරලා, වැපිරීමත් කරලයි අනුභව කළ යුත්තේ.”

(භගවා);

(භාග්‍යවතුන් වහන්සේ) :

අහම්‌පි ඛෝ බ්‍රාහ්‌මණ කසාමි ච වපාමි ච කසිත්‌වා ච වපිත්‌වා ච භුඤ්‌ජාමීති.

“පින්වත් බ්‍රාහ්මණය, මමත් සීසානවා. වපුරනවා. සීසෑමත් කරලයි, වැපිරීමත් කරලයි වළඳන්නේ.”

(බ්‍රාහ්මණෝ);

(බ්‍රාහ්මණයා) :

න ඛෝ පන මයං පස්‌සාම භෝතෝ ගෝතමස්‌ස යුගං වා නං‌ගලං වා ඵාලං වා පාචනං වා බලිවද්‌දේ වා. අථ ච පන භවං ගෝතමෝ ඒවමාහ. අහම්‌පි ඛෝ බ්‍රාහ්‌මණ කසාමි ච වපාමි ච කසිත්‌වා ච වපිත්‌වා ච භුඤ්‌ජාමීති. අථ ඛෝ කසීභාරද්වාජෝ බ්‍රාහ්මණෝ භගවන්‌තං ගාථාය අජ්‌ඣභාසි.

“ඒ වුනාට භවත් ගෞතමයන් වහන්සේගේ විය දණ්ඩක්වත්, නගුලක් වත්, හී වැලක්වත්, කෙවිටත්වත්, ගොනුන්වත්, අපට දකින්න නැහැ නෙව. නමුත්, භවත් ගෞතමයන් වහන්සේ මෙහෙම කියනවා. ‘පින්වත් බ්‍රාහ්මණය, මමත් සීසානවා. වපුරනවා. සීසෑමත් කරලයි, වැපිරීමත් කරලයි අනුභව කරන්නේ’ කියලා.” ඊට පස්සෙ කසී භාරද්වාජ බ්‍රාහ්මණයා, භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් පැවසුවා.

කස්‌සකෝ පටිජානාසි න ච පස්‌සාමි තේ කසිං
කස්‌සකෝ පුච්‌ඡිතෝ බ්‍රෑහි කථං ජානේමු තං කසින්‌ති?

“ඔබ ගොවියෙක්ය කියල කියනවා. ඒ වුනත් ඔබේ සීසෑමක් මට පේන්නෙ නෑ. ඔබ ගොවියෙක්ද කියල අපි අහන කරුණ ගැන කියල දෙන්න. ඒ සීසෑම ගැන අපි දැනගන්නෙ කොහොමද?”

(භගවා);

(භාග්‍යවතුන් වහන්සේ) :

සද්‌ධා බීජං තපෝ වුට්‌ඨි පඤ්‌ඤා මේ යුගනං‌ගලං
හිරි ඊසා මනෝ යොත්‌තං සති මේ ඵාලපාචනං

“(පින්වත් බ්‍රාහ්මණය,) ශ්‍රද්ධාව තමයි බිත්තර වී. තපස තමයි වැස්ස. මගේ වියදණ්ඩත්, නඟුලත් කියල කියන්නෙ ප්‍රඥාවටයි. ලැජ්ජාව තමයි නගුල් හිස. මනස තමයි යොත. මගේ හී වැලත්, කෙවිටත් කියල කියන්නෙ සිහියටයි.

කායගුත්‌තෝ වචීගුත්‌තෝ ආහාරේ උදරේ යතෝ
සච්‌චං කරෝමි නිද්‌දානං සෝරච්‌චං මේ පමෝචනං

මම කය රැකගෙන ඉන්නෙ. වචනයත් රැකගෙන ඉන්නෙ. කුසට වැටෙන ආහාරය ගැන මට පාලනයක් තියෙනවා. මම අස්වනු නෙළීම කරන්නෙ ආර්ය සත්‍යයෙනුයි. මගේ නිදහස්වීම කියන්නෙ ඒ අමා නිවනටයි.

විරියං මේ ධුරධෝරය්‌හං යෝගක්‌ඛේමාධිවාහනං
ගච්‌ඡති අනිවත්‌තන්‌තං යත්‌ථ ගන්‌ත්‌වා න සෝචති.

යම් තැනකට ගිහින් ශෝක නොකරයි නම්, අන්න ඒ අමා නිවන දක්වාම, නොනැවතී ගමන් කරන, වගකීම ඉසිලීම කියන්නෙ මගේ වීරියටයි.

ඒවමේසා කසී කට්‌ඨා සා හෝති අමතප්‌ඵලා
ඒතං කසිං කසිත්‌වාන සබ්‌බදුක්‌ඛා පමුච්‌චතීති.

ඔන්න ඔය විදිහටයි මම සීසෑවේ. අස්වැන්න හැටියට ලැබුනෙ ඒ අමා නිවනයි. මේ සීසෑම කළාට පස්සෙ හැම දුකින්ම නිදහස් වෙනවා.”

(බ්‍රාහ්මණෝ);

(බ්‍රාහ්මණය) :

භුඤ්‌ජතු භවං ගෝතමෝ. කස්‌සකෝ භවං, යඤ්‌හි භවං ගෝතමෝ අමතඵලං කසිං කසතීති.

“භවත් ගෞතමයන් වහන්සේ වළඳන සේක්වා! භවතාණෝ නම් ගොවියෙක්ම යි. භවත් ගෞතමයන් වහන්සේ ඉතින් අමා ඵල ඇති සීසෑම කරනවා නෙව.”

(භගවා);

(භාග්‍යවතුන් වහන්සේ) :

ගාථාභිගීතං මේ අභෝජනෙය්‍යං සම්‌පස්‌සතං බ්‍රාහ්‌මණ නේස ධම්මෝ
ගාථාභිගීතං පනුදන්‌ති බුද්‌ධා ධම්මේ සති බ්‍රාහ්‌මණ වුත්‌තිරේසා.

“පින්වත් බ්‍රාහ්මණය, ගාථා කියල ලැබෙන බොජුන් මං වළඳන එක සුදුසු නෑ. පිරිසිදු ජීවිතයක් ගෙවන කෙනෙකුගේ ස්වභාවය ඒක නොවෙයි. බුදුවරයන් වහන්සේලා ගාථා කියා ලැබෙන බොජුන් බැහැර කරනවා. පින්වත් බ්‍රාහ්මණය, යහපත් ධර්මයක් තියෙන කොට, තමයි ඔහොම පවතින්නෙ.

අඤ්‌ඤේන ච කේවලිනං මහේසිං ඛීණාසවං කුක්‌කුච්‌චවූපසන්‌තං
අන්‌නේන පානේන උපට්‌ඨහස්‌සු ඛෙත්‌තඤ්‌හි තං පුඤ්‌ඤපෙක්‌ඛස්‌ස හෝතීති.

ගුණයෙන් පිරුණු, සැකකුකුස් සංසිඳුණු, නිකෙලෙස් මහඉසිවර රහතන් වහන්සේලා තව ඉන්නවා. උන්වහන්සේලාට දන්පැන්වලින් උපස්ථාන කරන්න. පින් කැමති උදවියට ඒක තමයි පින් කෙත.”

ඒවං වුත්තේ කසීභාරද්වාජෝ බ්‍රාහ්මණෝ භගවන්‌තං ඒතදවෝච. අභික්‌කන්‌තං භෝ ගෝතම. අභික්‌කන්‌තං භෝ ගෝතම. සෙය්‍යථාපි භෝ ගෝතම නික්‌කුජ්‌ජිතං වා උක්‌කුජ්‌ජෙය්‍ය, පටිච්‌ඡන්‌නං වා විවරෙය්‍ය මූළ්‌හස්‌ස වා මග්‌ගං ආචික්ඛෙය්‍ය අන්‌ධකාරේ වා තේලපජ්‌ජෝතං ධාරෙය්‍ය චක්‌ඛුමන්‌තෝ රූපානි දක්‌ඛින්‌ති, ඒවමේවං භෝතා ගෝතමේන අනේකපරියායේන ධම්මෝ පකාසිතෝ. ඒසාහං භවන්‌තං ගෝතමං සරණං ගච්‌ඡාමි ධම්‌මඤ්‌ච භික්‌ඛුසං‌ඝඤ්‌ච. උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්‌ජතග්‌ගේ පාණුපේතං සරණං ගතන්‌ති.

මෙසේ වදාළ විට, කසී භාරද්වාජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

“භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහරයි! භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහරයි! යටිකුරු වෙච්ච දෙයක් උඩට හැරෙව්වා වගේ. වහලා තිබිච්ච දෙයක් ඇරලා පෙන්නුවා වගෙයි. මංමුළා වූ කෙනෙකුට හරි මඟ කියා දුන්නා වගෙයි. ඇස් පෙනෙන උදවියට රූප දකින්නට අඳුරේ තෙල් පහනක් දරනවා වගෙයි. ඔය විදිහට භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් දහම් දෙසා වදාළා. මමත් භවත් ගෞතමයන් වහන්සේව සරණ යනවා. සද්ධර්මයත්, භික්‍ෂුසංඝයාත් සරණ යනවා. භවත් ගෞතමයන් වහන්සේ අද පටන්, දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙක් ලෙසින් මාව පිළිගන්නා සේක්වා!”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_7-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M