සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

7.1.10. බහු ධීතු සුත්තං

7.1.10. බොහෝ දියණියන් ඇති බ්‍රාහ්මණයාට වදාළ දෙසුම

ඒකං සමයං භගවා කෝසලේසු විහරති අඤ්‌ඤතරස්‌මිං වනසණ්ඩේ. තේන ඛෝ පන සමයේන අඤ්‌ඤතරස්‌ස භාරද්‌වාජගොත්‌තස්‌ස බ්‍රාහ්‌මණස්‌ස චතුද්‌දස බලිවද්‌දා නට්‌ඨා හොන්‌ති. අථ ඛෝ භාරද්‌වාජගොත්‌තෝ බ්‍රාහ්මණෝ තේ බලිවද්‌දේ ගවේසන්‌තෝ යේන සෝ වනසණ්ඩෝ තේනුපසංකමි. උපසංකමිත්‌වා අද්‌දස භගවන්‌තං තස්‌මිං වනසණ්ඩේ නිසින්‌නං පල්‌ලංකං ආභුජිත්‌වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්‌ඨපෙත්‌වා. දිස්‌වාන යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්‌වා භගවතෝ සන්තිකේ ඉමා ගාථායෝ අභාසි.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ කොසොල් ජනපදයේ, එක්තරා වන ලැහැබකය. එදා භාරද්වාජ ගෝත්‍රයට අයත් එක්තරා බ්‍රාහ්මණයෙකුගේ, ගවයන් දාහතර දෙනෙක් නැතිවෙලා හිටියා. ඉතින්, ඒ භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයා ඒ ගවයන්ව සොයාගන්න හිතලා, අර වන ලැහැබට ඇතුළු වුනා. වන ලැහැබට ඇතුළු වුන ඔහුට ඒ වනයේ කය සෘජු කොට පළඟක් බැඳගෙන වාඩි වෙලා, භාවනාවෙන් වැඩ සිටින භාග්‍යවතුන් වහන්සේව දැකගන්න ලැබුනා. දැකල, භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාවන් පැවසුවා.

න හි නූනිමස්‌ස සමණස්‌ස බලිවද්‌දා චතුද්‌දස
අජ්ජ සට්ඨි න දිස්‌සන්‌ති තේනායං සමණෝ සුඛී.

“මගේ ගවයන් දාහතර දෙනා සොයාගන්න බැරුව අදට දවස් හයක් වෙනවා. අනේ මේ ශ්‍රමණයන් වහන්සේට එබඳු ප්‍රශ්නයක් නැහැ නෙව. ඒ නිසාමයි මේ ශ්‍රමණයන් වහන්සේ මේ සනීපෙට ඉන්නෙ.

න හි නූනිමස්‌ස සමණස්‌ස තිලා ඛෙත්‌තස්‌මිං පාපකා
ඒකපණ්‌ණා දුපණ්‌ණා ච තේනායං සමණෝ සුඛී.

කොළ එක දෙක තියෙන තල ගස් ඇති පව්කාර හේන මේ ශ්‍රමණයන් වහන්සේට නැහැ නෙව. ඒ නිසාමයි මේ ශ්‍රමණයන් වහන්සේ මේ සනීපෙට ඉන්නෙ.

න හි නූනිමස්‌ස සමණස්‌ස තුච්‌ඡකොට්‌ඨස්‌මිං මූසිකා
උස්‌සොළ්‌හිකාය නච්‌චන්‌ති තේනායං සමණෝ සුඛී.

මගේ හිස් වී අටුවෙ මීයො නටන්නෙ හිතට අරගෙන. මේ ශ්‍රමණයන් වහන්සේට ඒ කරදර නැහැ නෙව. ඒ නිසාමයි මේ ශ්‍රමණයන් වහන්සේ ඔය සනීපෙට ඉන්නෙ.

න හි නූනිමස්‌ස සමණස්‌ස සන්‌ථාරෝ සත්‌තමාසිකෝ
උප්‌පාටකේහි සඤ්‌ඡන්‌නෝ තේනායං සමණෝ සුඛී.

හත් මාසයක් පරණ මගේ පැදුරෙ මකුණො පිරිල ඉන්නවා. මේ ශ්‍රමණයන් වහන්සේට ඒ කරදරේ නැහැ නෙව. ඒ නිසාමයි මේ ශ්‍රමණයන් වහන්සේ ඔය සනීපෙට ඉන්නෙ.

න හි නූනිමස්‌ස සමණස්‌ස විධවා සත්‌ත ධීතරෝ
ඒකපුත්‌තා දුපුත්‌තා ච තේනායං සමණෝ සුඛී

ළමයි එකා දෙකා ඉන්න, පවුල් කැඩිච්ච, කණවැන්දුම් වෙච්ච ගෑණු දරුවො හත් දෙනෙක්ම මට ඉන්නවා. අනේ මේ ශ්‍රමණයන් වහන්සේට ඒ කරදරේ නැහැ නෙව. ඒ නිසාමයි මේ ශ්‍රමණයන් වහන්සේ ඔය සනීපෙට ඉන්නෙ.

න හි නූනිමස්‌ස සමණස්‌ස පිංගලා තිලකාහතා
සොත්‌තං පාදේන බෝධේති තේනායං සමණෝ සුඛී

දුඹුරු පාට ලප හැදිච්ච ඇඟක් තියෙන අපේ ගෙදර උන්දැ, මං නිදාගෙන ඉන්න කොට, නැගිට්ටවන්නෙ පයින් ගහලා. මේ ශ්‍රමණයන් වහන්සේට ඒ කරදරේ නැහැ නෙව. ඒ නිසාමයි මේ ශ්‍රමණයන් වහන්සේ ඔය සනීපෙට ඉන්නෙ.

න හි නූනිමස්‌ස සමණස්‌ස පච්‌චූසම්‌භි ඉණායිකා
දේථ දේථාති චෝදෙන්‌ති තේනායං සමණෝ සුඛීති.

පාන්දර ජාමෙ නැගිටින කොටම ණයකාරයො එනවා. ‘ගත්තු ණය දීපං, දීපං’ කියල මට බැණවදිනවා. මේ ශ්‍රමණයන් වහන්සේට ඒ කරදරේ නැහැ නෙව. ඒ නිසාමයි මේ ශ්‍රමණයන් වහන්සේ ඔය සනීපෙට ඉන්නෙ.

(භගවා);

(භාග්‍යවතුන් වහන්සේ) :

න හි මය්‌හං බ්‍රාහ්‌මණ බලිවද්‌දා චතුද්‌දස
අජ්‌ජසට්‌ඨි න දිස්‌සන්‌ති තේනාහං බ්‍රාහ්‌මණා සුඛී.

“පින්වත් බ්‍රාහ්මණය, දැන් හය දවසක් තිස්සෙ ඔබේ ගවයන් දාහතර දෙනා ආගිය අතක් නෑ. ඇත්තෙන්ම මට ඒ ප්‍රශ්නෙ නෑ. පින්වත් බ්‍රාහ්මණය, මං ඒ නිසා සුවපත් වුන කෙනෙක්.

න හි මය්‌හං බ්‍රාහ්‌මණ තිලා ඛෙත්‌තම්හි පාපකා
ඒකපණ්‌ණා දුපණ්‌ණා ච තේනාහං බ්‍රාහ්‌මණා සුඛී.

පින්වත් බ්‍රාහ්මණය, කොළ එක දෙක තියෙන තල ගස් ඇති පව්කාර හේනක් මට නැහැ. පින්වත් බ්‍රාහ්මණය, ඒ නිසාම මං සුවපත් වූ කෙනෙක්.

න හි මය්‌හං බ්‍රාහ්‌මණ තුච්‌ඡකොට්‌ඨස්‌මිං මූසිකා
උස්‌සොළ්‌හිකාය නච්‌චන්‌ති තේනාහං බ්‍රාහ්‌මණා සුඛී

පින්වත් බ්‍රාහ්මණය, හිස් වෙච්ච අටුවෙ හිතට ගත්තු මීයො ටිකක් නටනවා කිව්ව නේද? මට නම් ඒ ප්‍රශ්නෙ නෑ. පින්වත් බ්‍රාහ්මණය, ඒ නිසාම මං සුවපත් වෙච්ච කෙනෙක්.

න හි මය්‌හං බ්‍රාහ්‌මණ සන්‌ථාරෝ සත්‌තමාසිකෝ
උප්‌පාටකේහි සඤ්‌ඡන්‌නෝ තේනාහං බ්‍රාහ්‌මණා සුඛී.

පින්වත් බ්‍රාහ්මණය, ඔබේ පැදුර මාස හතක් පරණ වෙලා, මකුණන් ගෙන් පිරිලා තියෙනවා. නමුත් මට ඒ ප්‍රශ්නෙ නෑ. පින්වත් බ්‍රාහ්මණය, එනිසාම මම සුවපත් වූ කෙනෙක්.

න හි මය්‌හං බ්‍රාහ්‌මණ විධවා සත්‌ත ධීතරෝ
ඒකපුත්‌තා දුපුත්‌තා ච තේනාහං බ්‍රාහ්‌මණා සුඛී.

පින්වත් බ්‍රාහ්මණය, ළමයි එකා දෙන්නා ඉන්න පවුල් කැඩිච්ච, කණවැන්දුම් දූලා හත් දෙනෙක් ඔබට ඉන්නවා. මට ඒ ප්‍රශ්නෙ නෑ. පින්වත් බ්‍රාහ්මණය, ඒ නිසාම මම සුවපත් වූ කෙනෙක්.

න හි මය්‌හං බ්‍රාහ්‌මණ පිංගලා තිලකාහතා
සොත්‌තං පාදේන බෝධේති තේනාහං බ්‍රාහ්‌මණා සුඛී

පින්වත් බ්‍රාහ්මණය, දුඹුරු පාට ලප හැදිච්ච ඇඟක් තියෙන ගෙදර උන්දැ, නිදිගත් ඔබව නැගිට්ටවන්නෙ පයින් ගහලා. මට ඒ ප්‍රශ්නෙ නෑ. පින්වත් බ්‍රාහ්මණය, ඒ නිසාම මම සුවපත් වූ කෙනෙක්.

න හි මය්‌හං බ්‍රාහ්‌මණ පච්‌චූසම්‌හි ඉණායිකා
දේථ දේථාති චෝදෙන්‌ති තේනාහං බ්‍රාහ්‌මණා සුඛීති.

පින්වත් බ්‍රාහ්මණය, පාන්දර ජාමෙ නැගිටින කොට ණයකාරයො ඇවිදින්, ‘ගත්තු ණය දීපං, දීපං’ කියල ඔබට බැණ වදිනවා. මට ඒ ප්‍රශ්නෙ නෑ. පින්වත් බ්‍රාහ්මණය, ඒ නිසාම මට සුවපත් වූ කෙනෙක්.”

ඒවං වුත්තේ භාරද්‌වාජගොත්‌තෝ බ්‍රාහ්මණෝ භගවන්‌තං ඒතදවෝච. අභික්‌කන්‌තං භෝ ගෝතම අභික්‌කන්‌තං භෝ ගෝතම. සෙය්‍යථාපි භෝ ගෝතම නික්‌කුජ්‌ජිතං වා උක්‌කුජ්‌ජෙය්‍ය, පටිච්‌ඡන්‌නං වා විවරෙය්‍ය මූළ්‌හස්‌ස වා මග්‌ගං ආචික්ඛෙය්‍ය අන්‌ධකාරේ වා තේලපජ්‌ජෝතං ධාරෙය්‍ය චක්‌ඛුමන්‌තෝ රූපානි දක්‌ඛින්‌ති, ඒවමේවං භෝතා ගෝතමේන අනේකපරියායේන ධම්මෝ පකාසිතෝ. ඒසාහං භවන්‌තං ගෝතමං සරණං ගච්‌ඡාමි ධම්‌මඤ්‌ච භික්‌ඛුසං‌ඝඤ්‌ච. ලභෙය්‍යාහං භෝතෝ ගෝතමස්‌ස සන්තිකේ පබ්‌බජ්‌ජං ලභෙය්‍යං උපසම්‌පදන්‌ති.

මෙසේ වදාළ විට භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහරයි! භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහරයි! භවත් ගෞතමයන් වහන්ස, යටිකුරුව තිබිච්ච දෙයක් උඩට හරවනවා වගෙයි. වහල තිබිච්ච දෙයක් ඇරල පෙන්නනවා වගේ. මංමුළා වුන කෙනෙකුට හරි මඟ පෙන්වනවා වගෙයි. ඇස් ඇති උදවියට රූප දකින්න අඳුරේ තෙල් පහන් දරනවා වගෙයි. ඔය විදිහට භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ශ්‍රී සද්ධර්මය වදාළා. ඒ මම භවත් ගෞතමයන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත්, භික්‍ෂුසංඝයාත් සරණ යනවා. භවත් ගෞතමයන් වහන්සේ ළඟ මටත් පැවිදි බව ලැබෙනවා නම්, උපසම්පදාව ලැබෙනවා නම් කොයිතරම් දෙයක්ද.”

අලත්‌ථ ඛෝ භාරද්‌වාජගොත්‌තෝ බ්‍රාහ්මණෝ භගවතෝ සන්තිකේ පබ්‌බජ්‌ජං අලත්‌ථ උපසම්‌පදං. අචිරූපසම්‌පන්‌නෝ ච පනායස්‌මා භාරද්වාජෝ ඒකෝ වූපකට්‌ඨෝ අප්පමත්තෝ ආතාපී පහිතත්තෝ විහරන්තෝ නචිරස්‌සේව යස්‌සත්‌ථාය කුලපුත්‌තා සම්මදේව අගාරස්‌මා අනගාරියං පබ්‌බජන්‌ති, තදනුත්‌තරං බ්‍රහ්‌මචරියපරියෝසානං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා උපසම්‌පජ්‌ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්‍රහ්‌මචරියං, කතං කරණීයං නාපරං ඉත්‌ථත්‌තායාති අබ්‌භඤ්‌ඤාසි. අඤ්‌ඤතරෝ ච පනායස්‌මා භාරද්වාජෝ අරහතං අහෝසීති.

ඉතින් භාරද්වාජ ගෝත්‍ර බ්‍රාහ්මණය භාග්‍යවතුන් වහන්සේ ළඟ පැවිදි වුනා. උපසම්පදා වුනා. ඒ ආයුෂ්මත් භාරද්වාජයන් වහන්සේ උපසම්දාවෙන් ටික කලකට පස්සෙ තනි වුනා. හුදෙකලා වුනා. අප්‍රමාදීව කෙලෙස් තවන වීරිය ඇති කරගත්තා. දහමට දිවි පුදා වාසය කළා. සැදැහැවතුන් ගිහි ගෙය අත්හැර බුදු සසුනේ යහපත් පැවිද්ද ලබන්නේ යම් උතුම් අර්ථයක් පිණිස නම්, අන්න ඒ උතුම් අර්ථය සුළු කලකදීම ලබාගත්තා. බඹසර ජීවිතයේ කෙළවර වූ උතුම් අරහත්වයට මේ ජීවිතේදීම පැමිණුනා. ඉපදීම නැති වුනා. බඹසර වාසය සම්පූර්ණ කළා. නිවන් මඟ සම්පූර්ණ කළා. ආයෙමත් සසර දුකක් නැතැයි අවබෝධ කරගත්තා. ඉතින් ඒ ආයුෂ්මත් භාරද්වාජයන් වහන්සේ රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වුනා.

සාදු! සාදු!! සාදු!!!

අරහන්‌ත වග්ගෝ පඨමෝ.

පළමු අරහන්ත වර්ගය අවසන් විය.

තත්‍රැද්දානං –

ධනඤ්‌ජානී ච අක්කෝසං අසුරින්‌දං බිලංගිකං
අහිංසකං ජටා චේව සුද්‌ධිකඤ්‌චේ ව අග්‌ගිකා
සුන්‌දරිකං බහුධීතුකේන ච තේ දසාති.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_7-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M