සැවැත් නුවරදී ………………………….
එදා අහිංසක භාරද්වාජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටුවුනා. පිළිසඳර කතා බස් කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන අහිංසක භාරද්වාජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“භවත් ගෞතමයන් වහන්ස, මට තමයි අහිංසක කියන්නෙ. භවත් ගෞතමයන් වහන්ස, මට තමයි අහිංසක කියන්නෙ.”
(භාග්‍යවතුන් වහන්සේ) :
“ඔබේ නමත් ඒක නම්, ඔබ ඉන්නෙත් ඒ විදිහට නම්, අහිංසකයෙක්ම තමයි. යම් කෙනෙක් කයෙනුත්, වචනයෙනුත්, සිතිනුත් හිංසා කරන්නෙ නැත්නම්, යම් කෙනෙක් අනුන් වෙහෙසවන්නෙ නැත්නම්, ඇත්තෙන්ම ඔහු අහිංසකයි.”
මෙහෙම වදාළ විට අහිංසක භාරද්වාජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහරයි! …. (පෙ) …. අවබෝධ කරගත්තා. ඉතින් ඒ ආයුෂ්මත් භාරද්වාජයන් වහන්සේ රහතන් වහන්සේලා අතර කෙනෙක් වුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_7-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M