සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

6.1.8. කතමෝරක තිස්ස සුත්තං

6.1.8. කතමෝරක භික්ෂුව මුල් කරගෙන බ්‍රහ්මයන් පැවසූ කරුණු ඇතුළත් දෙසුම

සාවත්ථියං….

සැවැත් නුවරදී ………………………….

තේන ඛෝ පන සමයේන භගවා දිවාවිහාරගතෝ හෝති පටිසල්‌ලීනෝ. අථ ඛෝ සුබ්‍රහ්‌මා ච පච්‌චේකබ්‍රහ්‌මා සුද්‌ධාවාසෝ ච පච්‌චේකබ්‍රහ්‌මා යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්‌වා පච්‌චේකං ද්‌වාරබාහං නිස්‌සාය අට්‌ඨංසු. අථ ඛෝ සුද්‌ධාවාසෝ පච්‌චේකබ්‍රහ්‌මා කතමෝරකතිස්‌සං භික්‌ඛුං ආරබ්‌භ භගවතෝ සන්තිකේ ඉමං ගාථං අභාසි.

එදා භාග්‍යවතුන් වහන්සේ දවල් කාලෙ විවේකයෙන් ගතකරන්න වැඩම කරලා, භාවනාවෙන් වැඩසිටියා. ඒ වෙලාවෙ පච්චේක බ්‍රහ්ම වූ සුබ්‍රහ්මත්, පච්චේක බ්‍රහ්ම වූ සුද්ධාවාසත්, භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට ආවා. ඇවිල්ලා වෙන් වෙන්ව දොරකඩ ලඟ හිටගත්තා. ඊට පස්සෙ පච්චේක බ්‍රහ්ම වූ සුද්ධාවාස කතමෝරක තිස්ස භික්‍ෂුව මුල් කරගෙන, භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.

අප්‌පමෙය්‍යං පමිනන්‌තෝ කෝධ විද්‌වා විකප්‌පයේ
අප්‌පමෙය්‍යං පමායිනං නිවුතං තං මඤ්‌ඤේ අකිස්‌සවන්‌ති.

“මේ ලෝකෙ අප්‍රමාණ ගුණ තියෙන රහතන් වහන්සේලාව මනින්න යන බුද්ධිමතා කවුද? අප්‍රමාණ ගුණ ඇති රහතන් වහන්සේලාව මනින්න යන්නෙ, මෝඩකමින් වැහිච්ච අඥානයෙක් කියලයි මට හිතෙන්නෙ.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_6-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M