සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

6.1.5. අපරා දිට්ඨි සුත්තං

6.1.5. එක්තරා මිත්‍යා දෘෂ්ටිය මුල් කොට වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තේන ඛෝ පන සමයේන අඤ්‌ඤතරස්‌ස බ්‍රහ්‌මුනෝ ඒවරූපං පාපකං දිට්‌ඨිගතං උප්‌පන්‌නං හෝති. නත්‌ථි සෝ සමණෝ වා බ්‍රාහ්‌මණෝ වා යෝ ඉධ ආගච්‌ඡෙය්‍යාති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.

අථ ඛෝ භගවා තස්‌ස බ්‍රහ්‌මුනෝ චේතසා චේතෝපරිවිතක්‌කමඤ්‌ඤාය සෙය්‍යථාපි නාම බලවා පුරිසෝ සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය. පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්‍ය. ඒවමේව ජේතවනේ අන්තරහිතෝ තස්‌මිං බ්‍රහ්‌මලෝකේ පාතුරහෝසි. අථ ඛෝ භගවා තස්‌ස බ්‍රහ්‌මුනෝ උපරි වේහාසං පල්‌ලංකේන නිසීදි තේජෝධාතුං සමාපජ්‌ජිත්‌වා.

එදා එක්තරා බ්‍රහ්මයෙකුට මෙන්න මේ වගේ පාපී මිත්‍යා දෘෂ්ටියක් ඉපදුනා. ‘මේ බඹලොවට එන්න පුළුවන් කිසිම ශ්‍රමණයෙක් හරි බ්‍රාහ්මණයෙක් හරි නැහැ’ කියලා.

ඒ වෙලාවෙ භාග්‍යවතුන් වහන්සේ ඒ බ්‍රහ්මයාගේ සිතේ ඇතිවෙච්ච අදහස, තමන්වහන්සේගේ සිතින් දැනගත්තා. ඊට පස්සෙ, පුරුෂයෙක් හැකිලූ අතක් දිගහරිනවා වගේ, දික් කරපු අතක් හකුලනවා වගේ ජේතවනාරාමයෙන් අතුරුදහන් වුනා. ඒ බඹලොව පහළ වුනා. ඊට පස්සෙ භාග්‍යවතුන් වහන්සේ ඒ බ්‍රහ්මයාට ඉහලින් අහසේ පළඟක් බැඳගෙන, තේජෝ ධාතු සමාපත්තියට සමවැදී වැඩසිටියා.

අථ ඛෝ ආයස්මතෝ මහාමොග්‌ගල්‌ලානස්‌ස ඒතදහෝසි. කහං නු ඛෝ භගවා එතරහි විහරතීති? අද්‌දසා ඛෝ ආයස්‌මා මහාමොග්‌ගල්‌ලානෝ භගවන්‌තං දිබ්‌බේන චක්‌ඛුනා විසුද්‌ධේන අතික්‌කන්‌තමානුසකේන තස්‌ස බ්‍රහ්‌මුනෝ උපරි වේහාසං පල්‌ලංකේන නිසින්‌නං තේජෝධාතුං සමාපන්‌නං. දිස්‌වාන සෙය්‍යථාපි නාම බලවා පුරිසෝ සම්මිඤ්‌ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සම්මිඤ්‌ජෙය්‍ය, ඒවමේව ජේතවනේ අන්‌තරහිතෝ තස්‌මිං බ්‍රහ්‌මලෝකේ පාතුරහෝසි. අථ ඛෝ ආයස්‌මා මහාමොග්‌ගල්‌ලානෝ පුරත්‌ථිමං දිසං නිස්‌සාය තස්‌ස බ්‍රහ්‌මුනෝ උපරි වේහාසං පල්‌ලංකේන නිසීදි, තේජෝධාතුං සමාපජ්‌ජිත්‌වා නීචතරං භගවතෝ.

ඒ වෙලාවෙදී ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරුන්ට මෙහෙම හිතුනා. ‘මේ වෙලාවෙ භාග්‍යවතුන් වහන්සේ කොහේ වැඩඉන්නවා ඇද්ද?’ කියලා. ඊට පස්සෙ මහාමොග්ගල්ලාන තෙරුන්, මිනිස් හැකියාව ඉක්මවා ගිය ඉතා පිරිසිදු වූ දිවැස් නුවණින් දැක්කා භාග්‍යවතුන් වහන්සේ තේජෝ ධාතු සමාපත්තියට සමවැදිලා, අර බ්‍රහ්මයාට ඉහලින් අහසේ පළඟක් බැඳගෙන, ඒ බ්‍රහ්ම ලෝකෙ වැඩඉන්න බව. ඒ වෙලාවෙ ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරුන්ද, ශක්තිමත් පුරුෂයෙක් හැකිලූ අතක් දිග හරින වේගයෙන්, දිග හැරපු අතක් හකුලන වේගයෙන් ජේතවනාරාමයෙන් අතුරුදහන් වුනා. ඒ බ්‍රහ්ම ලෝකෙ පහළ වුනා.

ඊට පස්සෙ ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරුන් නැගෙනහිර දිශාවෙන්, අර බ්‍රහ්මයාට වඩා ඉහළින්, ඒත් භාග්‍යවතුන් වහන්සේට වඩා පහළින්, තේජෝ ධාතු සමාපත්තියට සමවැදිලා වැඩසිටියා.

අථ ඛෝ ආයස්මතෝ මහාකස්‌සපස්‌ස ඒතදහෝසි. කහං නු ඛෝ භගවා ඒතරහි විහරතීති? අද්‌දසා ඛෝ ආයස්‌මා මහාකස්‌සපෝ භගවන්‌තං දිබ්‌බේන චක්‌ඛුනා විසුද්‌ධේන අතික්‌කන්‌තමානුසකේන තස්‌ස බ්‍රහ්‌මුනෝ උපරි වේහාසං පල්‌ලංකේන නිසින්‌නං තේජෝධාතුං සමාපන්‌නං. දිස්‌වාන සෙය්‍යථාපි නාම බලවා පුරිසෝ සම්මිඤ්‌ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සම්මිඤ්‌ජෙය්‍ය, ඒවමේව ජේතවනේ අන්‌තරහිතෝ තස්‌මිං බ්‍රහ්‌මලෝකේ පාතුරහෝසි. අථ ඛෝ ආයස්‌මා මහාකස්‌සපෝ දක්‌ඛිණං දිසං නිස්‌සාය තස්‌ස බ්‍රහ්‌මුනෝ උපරි වේහාසං පල්‌ලංකේන නිසීදි. තේජෝධාතුං සමාපජ්‌ජිත්‌වා නීචතරං භගවතෝ.

ඒ වෙලාවෙදී ආයුෂ්මත් මහාකස්සප තෙරුන්ට මෙහෙම හිතුනා. ‘දැන් භාග්‍යවතුන් වහන්සේ කොහේ වැඩඉන්නවා ඇද්ද?’ කියලා. ඊට පස්සෙ ආයුෂ්මත් මහාකස්සප තෙරුන්, මිනිස් හැකියාව ඉක්මවා ගිය පිරිසිදු දිවැස් නුවණින් දැක්කා භාග්‍යවතුන් වහන්සේ අර බ්‍රහ්මයාට ඉහළින් අහසේ පළඟක් බැඳගෙන, තේජෝ ධාතු සමාපත්තියට සමවැදී වැඩසිටින බව. ඉතින් ආයුෂ්මත් මහාකස්සප තෙරුන්ද බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිගහරින වේගයෙන්, දිගහැරපු අතක් හකුලන වේගයෙන්, ජේතවනාරාමයෙන් අතුරුදහන් වුනා. ඒ බඹලොව පහළ වුනා. ඊට පස්සෙ ආයුෂ්මත් මහාකස්සප තෙරුන්ද, දකුණු දිශාවට වෙන්න, ඒ බ්‍රහ්මයාට වඩා ඉහළින්, ඒත් භාග්‍යවතුන් වහන්සේට වඩා පහළින් පළඟක් බැඳගෙන තේජෝ ධාතු සමාපත්තියට සමවැදිල වැඩසිටියා.

අථ ඛෝ ආයස්මතෝ මහාකප්‌පිනස්‌ස ඒතදහෝසි. කහං නු ඛෝ භගවා ඒතරහි විහරතීති? අද්‌දසා ඛෝ ආයස්‌මා මහාකප්‌පිනෝ භගවන්‌තං දිබ්‌බේන චක්‌ඛුනා ….(පෙ)…. බ්‍රහ්‌මුනෝ උපරි වේහාසං පල්‌ලංකේන නිසින්‌නං තේජෝධාතුං සමාපන්‌නං. දිස්‌වාන සෙය්‍යථාපි නාම බලවා පුරිසෝ ….(පෙ)…. ඒවමේව ජේතවනේ අන්‌තරහිතෝ තස්‌මිං බ්‍රහ්‌මලෝකේ පාතුරහෝසි. අථ ඛෝ ආයස්‌මා මහාකප්‌පිනෝ පච්‌ඡිමං දිසං නිස්‌සාය තස්‌ස බ්‍රහ්‌මුනෝ උපරි වේහාසං පල්‌ලං‌කේන නිසීදි, තේජෝධාතුං සමාපජ්‌ජිත්‌වා නීචතරං භගවතෝ.

ඊට පස්සෙ ආයුෂ්මත් මහාකප්පින තෙරුන්ට මෙහෙම හිතුනා. ‘දැන් භාග්‍යවතුන් වහන්සේ කොහේ වැඩඉන්නවා ඇද්ද?’ කියලා. ඒ වෙලාවෙ ආයුෂ්මත් මහාකප්පින තෙරුන් මිනිස් හැකියාව ඉක්මවා ගිය පිරිසිදු දිවැස් නුවණින් දැක්කා භාග්‍යවතුන් වහන්සේ …. (පෙ) …. බ්‍රහ්මයාට වඩා ඉහළින් අහසේ පළඟක් බැඳගෙන, තේජෝ ධාතු සමාපත්තියට සමවැදිල වැඩසිටිනවා. දැකල, යම් විදියකින් ශක්තිමත් පුරුෂයෙක් …. (පෙ) …. ජේතවනාරාමයෙන් අතුරුදහන් වුනා. ඒ බ්‍රහ්ම ලෝකෙ පහළ වුනා. ඊට පස්සෙ ආයුෂ්මත් මහාකප්පින තෙරුන් බටහිර දිශාවට වෙන්න ඒ බ්‍රහ්මයාට වඩා ඉහළින්, අහසෙ පළඟක් බැඳගෙන, තේජෝ ධාතු සමාපත්තියට සමවැදිලා, භාග්‍යවතුන් වහන්සේට වඩා පහළින් වැඩසිටියා.

අථ ඛෝ ආයස්මතෝ අනුරුද්‌ධස්‌ස ඒතදහෝසි. කහං නු ඛෝ භගවා ඒතරහි විහරතීති? අද්‌දසා ඛෝ ආයස්‌මා අනුරුද්‌ධෝ භගවන්‌තං දිබ්‌බේන චක්‌ඛුනා ….(පෙ)…. අථ ඛෝ ආයස්‌මා අනුරුද්‌ධෝ උත්‌තරං දිසං නිස්‌සාය තස්‌ස බ්‍රහ්‌මුනෝ උපරි වේහාසං පල්‌ලං‌කේන නිසීදි, තේජෝධාතුං සමාපජ්‌ජිත්‌වා නීචතරං භගවතෝ.

ඒ වෙලාවෙදී ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ට මෙහෙම හිතුනා. ‘මේ වෙලාවෙ භාග්‍යවතුන් වහන්සේ කොහේ වැඩඉන්නවා ඇද්ද?’ කියලා. ඊට පස්සෙ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් මිනිස් හැකියාව ඉක්මවා ලබන පිරිසිදු දිවැසින් දැක්ක දැන් භාග්‍යවතුන් වහන්සේ …. (පෙ) …. ඊට පස්සෙ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් උතුරු දිශාවට වෙන්න, අර බ්‍රහ්මයාට වඩා ඉහළින්, පළඟක් බැඳගෙන, තේජෝ ධාතු සමාපත්තියට සමවැදිලා, ඒත් භාග්‍යවතුන් වහන්සේට වඩා පහළින් වැඩසිටියා.

අථ ඛෝ ආයස්‌මා මහාමොග්‌ගල්‌ලානෝ තං බ්‍රහ්‌මානං ගාථාය අජ්‌ඣභාසි.

ඊට පස්සෙ ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේ ඒ බ්‍රහ්මයාට ගාථාවෙන් වදාළා.

අජ්‌ජාපි තේ ආවුසෝ සා දිට්‌ඨි යා තේ දිට්‌ඨි පුරේ අහු
පස්‌සසි වීතිවත්‌තන්‌තං බ්‍රහ්‌මලෝකේ පභස්‌සරන්‌ති

“පින්වත් බ්‍රහ්මය, බලන්න මේ බඹලොව මැඬපවත්වමින් බබලන සම්බුදු රජාණන් වහන්සේ දෙස. ඉතින්, ඔබට කලින් ඇතිවෙලා තිබිච්ච දෘෂ්ටිය, දැනුත් ඔබ තුළ තියෙනවාද?”

(බ්‍රහ්මා);

(බ්‍රහ්මයා) :

න මේ මාරිස සා දිට්‌ඨි යා මේ දිට්‌ඨි පුරේ අහු
පස්‌සාමි වීතිවත්‌තන්‌තං බ්‍රහ්‌මලෝකේ පභස්‌සරං
ස්‌වාහං අජ්‌ජ කථං වජ්‌ජං අහං නිච්‌චොම්‌හි සස්‌සතෝති

“අනේ! නිදුකාණනි, මගේ ඒ කලින් තිබිච්ච පාපී දෘෂ්ටිය දැන් නම් මං තුළ නෑ. මේ මුළු බඹලොවම ඒකාලෝක කරගෙන බබලන සම්බුදුරජාණන් වහන්සේව පේනවා. ඉතින් එහෙම එකේ දැන් මං කොහොම කියන්නද ‘මම ස්ථිරයි, මම සදාකාලිකයි’ කියලා.”

අථ ඛෝ භගවා තං බ්‍රහ්‌මානං සංවේජෙත්‌වා සෙය්‍යථාපි නාම බලවා පුරිසෝ සම්මිඤ්‌ජිතං වා බාහං පසාරෙය්‍ය පසාරිතං වා බාහං සම්මිඤ්‌ජෙය්‍ය ඒවමේව තස්‌මිං බ්‍රහ්‌මලෝකේ අන්‌තරහිතෝ ජේතවනේ පාතුරහෝසි.

ඊට පස්සෙ භාග්‍යවතුන් වහන්සේ ඒ බ්‍රහ්මයාව සංවේගයට පත් කළා. බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිගහරිනවා වගේ, දිගහැරිය අතක් හකුලනවා වගේ, ඒ බ්‍රහ්ම ලෝකෙන් අතුරුදහන් වුනා. ජේතවනාරාමයේ පහළ වුනා.

අථ ඛෝ සෝ බ්‍රහ්‌මා අඤ්‌ඤතරං බ්‍රහ්‌මපාරිසජ්‌ජං ආමන්‌තේසි. එහි ත්‌වං මාරිස යේනායස්‌මා මහාමොග්‌ගල්‌ලානෝ තේනුපසං‌කම. උපසංකමිත්‌වා ආයස්‌මන්‌තං මහාමොග්‌ගල්‌ලානං ඒවං වදේහි. අත්‌ථි නු ඛෝ මාරිස මොග්‌ගල්‌ලාන අඤ්‌ඤේපි තස්‌ස භගවතෝ සාවකා ඒවංමහිද්‌ධිකා ඒවංමහානුභාවා, සෙය්‍යථාපි නාම භවං මොග්‌ගල්‌ලානෝ කස්‌සපෝ කප්‌පිනෝ අනුරුද්‌ධෝති? ඒවං මාරිසාති ඛෝ සෝ බ්‍රහ්‌මපාරිසජ්‌ජෝ තස්‌ස බ්‍රහ්‌මුනෝ පටිස්‌සුත්‌වා යේනායස්‌මා මහාමොග්‌ගල්‌ලානෝ තේනුපසංකමි. උපසංකමිත්‌වා ආයස්‌මන්‌තං මහාමොග්‌ගල්‌ලානං ඒතදවෝච. අත්‌ථි නු ඛෝ මාරිස මොග්‌ගල්‌ලාන අඤ්‌ඤේපි තස්‌ස භගවතෝ සාවකා ඒවංමහිද්‌ධිකා ඒවංමහානුභාවා, සෙය්‍යථාපි නාම භවං මොග්‌ගල්‌ලානෝ කස්‌සපෝ කප්‌පිනෝ අනුරුද්‌ධෝති? අථ ඛෝ ආයස්‌මා මහාමොග්‌ගල්‌ලානෝ තං බ්‍රහ්‌මපාරිසජ්‌ජං ගාථාය අජ්‌ඣභාසි.

ඊට පස්සෙ ඒ බ්‍රහ්මයා තමන්ගේ අතවැසි වූ බ්‍රහ්මයෙකුට කතා කළා.

“නිදුකාණෙනි, දැන් එන්න. ඔබ දැන් ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරුන් ලඟට යන්න. ගිහිල්ල ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේට මෙහෙම කියන්න. ‘නිදුක් වූ මොග්ගල්ලානයන් වහන්ස, මේ මොග්ගල්ලාන, කස්සප, කප්පින, අනුරුද්ධ වගේ මහා ඉර්ධි තියෙන, මහානුභාව සම්පන්න තවත් ශ්‍රාවකයින් ඒ භාග්‍යවතුන් වහන්සේට ඉන්නවාද?’ කියලා.” “හොඳමයි නිදුකාණෙනි” කියල ඒ අතවැසි බ්‍රහ්මයා ඒ බ්‍රහ්මයාට පිළිතුරු දුන්නා. ආයුෂ්මත් වූ මහාමොග්ගල්ලාන තෙරුන් ළඟට ගියා. ගිහිල්ල ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරුන්ගෙන් මෙහෙම ඇහුවා. “නිදුක් වූ මොග්ගල්ලානයන් වහන්ස, මේ මොග්ගල්ලාන, කස්සප, කප්පින, අනුරුද්ධ වගේ මහා ඉර්ධිමත්, මහා බලසම්පන්න තවත් වෙන ශ්‍රාවකයොත් ඒ භාග්‍යවතුන් වහන්සේට ඉන්නවාද?”

ඊට පස්සෙ ආයුෂ්මත් මහාමොග්ගලාන තෙරුන් ඒ අතවැසි බ්‍රහ්මයාට ගාථාවකින් වදාළා.

තේවිජ්‌ජා ඉද්‌ධිප්පත්‌තා ච චේතෝපරියායකෝවිදා
ඛීණාසවා අරහන්‌තෝ බහූ බුද්‌ධස්‌ස සාවකාති.

“ත්‍රිවිද්‍යා ලැබූ, ඉර්ධි බල ලැබූ, අනුන්ගේ සිත් දැනගැනීමේ නුවණෙහිද අතිදක්‍ෂ, සියලුම ආශ්‍රවයන් ක්‍ෂය කරල දාපු, අරහත් වූ තව ගොඩාක් ශ්‍රාවකයො ඒ බුදුරජාණන් වහන්සේට ඉන්නවා.”

අථ ඛෝ සෝ බ්‍රහ්‌මපාරිසජ්‌ජෝ ආයස්මතෝ මහාමොග්‌ගල්‌ලානස්‌ස භාසිතං අභිනන්‌දිත්‌වා අනුමෝදිත්‌වා යේන සෝ බ්‍රහ්‌මා තේනුපසංකමි. උපසංකමිත්‌වා තං බ්‍රහ්‌මානං ඒතදවෝච. ආයස්‌මා මාරිස මහාමොග්‌ගල්‌ලානෝ ඒවමාහ.

ඊට පස්සෙ ඒ අතවැසි බ්‍රහ්මයා ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේ වදාළ දේ සතුටින් පිළිගත්තා. අනුමෝදන් වුනා. අර බ්‍රහ්මයා ළඟට ගියා. ගිහිල්ල ඒ බ්‍රහ්මයාට මෙහෙම කිව්වා. “නිදුකාණෙනි, ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් මෙහෙම වදාළා.

තේවිජ්‌ජා ඉද්‌ධිප්පත්‌තා ච චේතෝපරියායකෝවිදා
ඛීණාසවා අරහන්‌තෝ බහූ බුද්‌ධස්‌ස සාවකාති.

‘ත්‍රිවිද්‍යා ලැබූ, ඉර්ධි බල ලැබූ, අනුන්ගේ සිත් දැනගැනීමේ නුවණෙහිද අතිදක්‍ෂ වූ, සියලුම ආශ්‍රවයන් ක්‍ෂය කරල දාපු, අරහත් වූ තව ගොඩාක් ශ්‍රාවකයො ඒ බුදුරජාණන් වහන්සේට ඉන්නවා’ කියලා”

ඉදමවෝච සෝ බ්‍රහ්‌මපාරිසජ්‌ජෝ. අත්‌තමනෝ ච සෝ බ්‍රහ්‌මා තස්‌ස බ්‍රහ්‌මපාරිසජ්‌ජස්‌ස භාසිතං අභිනන්‌දීති.

ඒ අතවැසි බ්‍රහ්මයා මෙහෙම කිව්වා. අර බ්‍රහ්මයා ගොඩක් සතුටු වුනා. ඒ අතවැසි බ්‍රහ්මයා කියූ කරුණ ඉතා සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_6-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M