සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

6.1.4. බක බ්‍රහ්ම සුත්තං

6.1.4. බක බ්‍රහ්මයාට වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්‌ථියං විහරති ජේතවනේ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමේ. තේන ඛෝ පන සමයේන බකස්‌ස බ්‍රහ්‌මුනෝ ඒවරූපං පාපකං දිට්‌ඨිගතං උප්‌පන්‌නං හෝති. ඉදං නිච්‌චං, ඉදං ධුවං, ඉදං සස්‌සතං, ඉදං කේවලං, ඉදං අචවනධම්‌මං. ඉදං හි න ජායති න ජීයති න මීයති න චවති න උප්පජ්‌ජති. ඉතෝ ච පනඤ්‌ඤං උත්‌තරිං නිස්‌සරණං නත්ථීති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. ඒ කාලයේම බක බ්‍රහ්මයාට මේ ආකාර වූ පාපී මිත්‍යා දෘෂ්ටියක් හටගෙන තිබුනා. ‘මේ බඹලොව තමයි නිත්‍ය. මේක ස්ථිරයි. මේක සදාකාලිකයි. මේක පරිපූර්ණයි. මේක චුත නොවන ස්වභාවයෙන් යුක්තයි. මේ බ්‍රහ්ම ජීවිතේ උපදින්නෙත් නෑ. දිරන්නෙත් නෑ. මැරෙන්නෙත් නෑ. චුත වෙන්නෙත් නෑ. යළි උපදින්නෙත් නෑ. මේ දෙයින් තොර වෙන උත්තරීතර නිවනක් නම් නැහැ’ කියලා.

අථ ඛෝ භගවා බකස්‌ස බ්‍රහ්‌මුනෝ චේතසා චේතෝපරිවිතක්‌කමඤ්‌ඤාය සෙය්‍යථාපි නාම බලවා පුරිසෝ සම්මිඤ්‌ජිතං වා බාහං පසාරෙය්‍ය පසාරිතං වා බාහං සම්මිඤ්‌ජෙය්‍ය, ඒවමේව ජේතවනේ අන්‌තරහිතෝ තස්‌මිං බ්‍රහ්‌මලෝකේ පාතුරහෝසි. අද්‌දසා ඛෝ බකෝ බ්‍රහ්‌මා භගවන්‌තං දූරතෝව ආගච්‌ඡන්‌තං. දිස්‌වාන භගවන්‌තං ඒතදවෝච. ඒහි ඛෝ මාරිස. ස්‌වාගතං තේ මාරිස. චිරස්‌සං ඛෝ මාරිස ඉමං පරියායමකාසි යදිදං ඉධාගමනාය. ඉදං හි මාරිස නිච්‌චං, ඉදං ධුවං, ඉදං සස්‌සතං, ඉදං කේවලං, ඉදං අචවනධම්‌මං. ඉදං හි න ජායති න ජීයති න මීයති න චවති න උප්පජ්‌ජති. ඉතෝ ච පනඤ්‌ඤං උත්‌තරිං නිස්‌සරණං නත්‌ථීති.

එතකොට භාග්‍යවතුන් වහන්සේ තමන්වහන්සේගේ සිතින් බක බ්‍රහ්මයාගේ ඇතිවෙච්ච සිතුවිල්ල දැනගත්තා. බලවත් කෙනෙක් හැකිලූ අතක් දිගහරින වේගයෙන්, දික් කළ අතක් හකුළන වේගයෙන් භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමයෙන් අතුරුදහන් වෙලා ඒ බඹලොව පහළ වුනා. බක බ්‍රහ්මයාට දුරින්ම වඩින භාග්‍යවතුන් වහන්සේව දැකගන්න ලැබුනා. දැකලා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “නිදුකාණෙනි, වඩිනු මැනව. නිදුකාණනි, ඔබවහන්සේට සුභ පැමිණීමක් වේවා! නිදුකාණෙනි, ඔබවහන්සේ මේ පැත්තෙ වැඩියේ බොහෝ කාලෙකින් නෙව. නිදුකාණෙනි, මේක තමයි නිත්‍ය. මේක තමයි ස්ථිර. මේක තමයි සදාකාලික. මේක සම්පූර්ණයි. මේක චුත නොවන ස්වභාවයෙන් යුක්තයි. මේකෙ ඉපදීමක් නෑ. දිරීමක් නෑ. මිය යාමක් නෑ. චුතවීමක් නෑ. යළි හටගැනීමක් නෑ. මෙතනින් තොර උත්තරීතර නිවනකුත් නෑ.”

ඒවං වුත්තේ භගවා බකබ්‍රහ්‌මානං ඉදමවෝච. අවිජ්‌ජාගතෝ වත භෝ බකෝ බ්‍රහ්‌මා, අවිජ්‌ජාගතෝ වත භෝ බකෝ බ්‍රහ්‌මා. යත්‍ර හි නාම අනිච්‌චඤ්ඤේව සමානං නිච්‌චන්‌ති වක්‌ඛති. අද්ධුවඤ්ඤේව සමානං ධුවන්‌ති වක්‌ඛති. අසස්‌සතඤ්ඤේව සමානං සස්‌සතන්‌ති වක්‌ඛති. අකේවලඤ්ඤේව සමානං කේවලන්‌ති වක්‌ඛති. චවනධම්‌මඤ්ඤේව සමානං අචවනධම්‌මන්‌ති වක්‌ඛති. යත්‌ථ ච පන ජායති ච ජීයති ච මීයති ච චවති ච උප්පජ්‌ජති ච තඤ්‌ච තථා වක්‌ඛති. ඉදං හි න ජායති න ජීයති න මීයති න චවති න උප්පජ්‌ජති. සන්‌තඤ්‌ච පනඤ්‌ඤං උත්‌තරි නිස්‌සරණං, නත්‌ථඤ්‌ඤං උත්‌තරිං නිස්‌සරණන්‌ති වක්‌ඛතීති.

එතකොට භාග්‍යවතුන් වහන්සේ බක බ්‍රහ්මයාට මෙහෙම වදාළා. “අනේ! පින්වත් බක බ්‍රහ්මය, ඔබ අවිද්‍යාව ඇතුළටම ගියා නේද? අනේ පින්වත් බක බ්‍රහ්මය, ඔබ අවිද්‍යාව ඇතුළටම ගියා නේද? අනිත්‍ය වූ දෙයක් ගැනමනෙ නිත්‍යයි කියල කියන්නෙ. අස්ථිර වූ දෙයක් ගැනමනෙ ස්ථිරයි කියන්නෙ. සදාකාලික නොවූ දෙයක් ගැනමනෙ සදාකාලිකයි කියන්නෙ. අසම්පූර්ණ දෙයක් ගැනමනෙ සම්පූර්ණයි කියන්නෙ. චුත වන ස්වභාවයට අයිති දෙයක්ම නෙව, චුතවන ස්වභාවයට අයිති නැතෙයි කියන්නෙ. යම් තැනක ඉපදීම තියෙද්දි, දිරීම තියෙද්දි, මිය යෑම තියෙද්දි, චුතවීම තියෙද්දි, යළි ඉපදීම තියෙද්දිම මේ විදිහට කියන්නෙ, ‘මේකෙ ඉපදීමක් නැත. දිරීමක් නැත. මිය යෑමක් නැත. චුත වීමක් නැත. යළි ඉපදීමක් නැත’ කියලා. උත්තරීතර වූ අනිත් නිවනක් තියද්දිමනෙ, උත්තරීතර වූ අනිත් නිවනක් නැතෙයි’ කියන්නෙ.”

(බකෝ බ්‍රහ්මා);

(බක බ්‍රහ්මයා) :

ද්‌වාසත්‌තති ගෝතම පුඤ්‌ඤකම්‌මා වසවත්‌තිනෝ ජාතිජරං අතීතා
අයමන්‌තිමා වේදගූ බ්‍රහ්‌මුපපත්‌ති අස්‌මාභිජප්‌පන්‌ති ජනා අනේකාති.

“ගෞතමයන් වහන්ස, අපි පින් කරපු හැත්තෑ දෙදෙනෙක් ඉන්නවා. අපි වසවර්ති බවට පත්වෙලා, ජාති, ජරා, ඉක්මවා ගිහිල්ලයි ඉන්නෙ. මේක තමයි අන්තිම ආත්මභාවය. ලෝකයෙ කෙළවරට ඇවිල්ලයි ඉන්නෙ. මේක බඹලොව උපතයි. නොයෙක් ජනයා ඔය ජප කර කර පතන්නෙ අපි ගැන නෙව.”

(භගවා);

(භාග්‍යවතුන් වහන්සේ) :

අප්‌පං හි ඒතං න හි දීඝමායු යං ත්‌වං බක මඤ්‌ඤසි දීඝමායුං
සතං සහස්‌සානං නිරබ්‌බුදානං ආයුං පජානාමි තවාහං බ්‍රහ්‌මේති

“පින්වත් බක බ්‍රාහ්මය, ඔබ ඔය දීර්ඝායුෂ තියෙනවා කියල හිතුවාට ඔය ජීවිතේ තුළ ඔබ හිතන තරම් දීර්ඝායුෂ නෑ. ඔතන ආයුෂ ස්වල්පයයි. බ්‍රහ්මය, ඔබට තව ඉතුරු වෙලා තියෙන්නෙ ආයුෂ නිරබ්බුද ලක්‍ෂයයි කියල මං දන්නවා.”

(බකෝ බ්‍රහ්මා);

(බක බ්‍රහ්මයා) :

අනන්‌තදස්‌සී භගවාහමස්‌මි ජාතිජරං සෝකමුපාතිවත්‌තෝ
කිං මේ පුරාණං වත සීලවත්‌තං ආචික්‌ඛ මේ තං යමහං විජඤ්‌ඤාති.

“භාග්‍යවතුන් වහන්ස, මම අනන්තයට දකින කෙනෙක්. ජාති, ජරා, ශෝක, ඉක්මවා ගියපු කෙනෙක්ය කියල ඔබ වහන්සේ තමන් ගැන පවසනවා. ඉතින්, එහෙම නම් මගේ පැරණි කර්මය මොකක්ද? මගේ ව්‍රතය මොකක්ද? සිල්වත්කම මොකක්ද? මට ඒක දැනගැනීමට කියල දෙනු මැනව.”

(භගවා);

(භාග්‍යවතුන් වහන්සේ) :

යං ත්‌වං අපායේසි බහූ මනුස්‌සේ පිපාසිතේ ඝම්‌මනි සම්‌පරේතේ
තං තේ පුරාණං වත සීලවත්‌තං සුත්‌තප්‌පබුද්‌ධෝව අනුස්‌සරාමි.

“පායන කාලෙ පිපාසෙන් පීඩා විඳපු බොහෝ මිනිසුන්ට ඔබ පැන් දීල තියෙනවා. ඔබගේ ඒ පුරාණ ව්‍රතයත්, සිල්වත් බවත්, මම සිහිකරන්නෙ නිදාගෙන නැගිට්ටා වගේ.

යං ඒණිකූලස්‌මිං ජනං ගහීතං අමෝචයී ගය්‌හකං නීයමානං
තං තේ පුරාණං වත සීලවත්‌තං සුත්‌තප්‌පබුද්‌ධෝව අනුස්‌සරාමි.

හොරුන් විසින් ගං ඉවුරෙදී මිනිසුන්ව අල්ලගෙන, අත් පා බැඳල අරගෙන යද්දි, ඔබ ඒ මිනිස්සුන්ව නිදහස් කෙරෙව්වා. ඔබේ ඒ පැරණි ව්‍රතය, සිල්වත්කම මං සිහිකරන්නෙ නිදාගෙන නැගිට්ටා වගේ.

ගං‌ගාය සෝතස්‌මිං ගහීතනාවං ලු‍ද්‌දේන නාගේන මනුස්‌සකම්‍යා
පමෝචයිත්‌ථ බලසා පසය්‌හ තං තේ පුරාණං වතසීලවත්‌තං
සුත්‌තප්‌පබුද්‌ධෝව අනුස්‌සරාමි.

මිනිසුන්ව බිල්ලට ගන්න හිතාගෙන, රුදුරු නාගයෙක් ගංගා සැඩ පහරෙදී නැවක් අල්ලගත්තා. ඉතින් ඔබ බලපරාක්‍රමයෙන් ඒ නයාව මර්දනය කරලා, මිනිසුන්ව නිදහස් කරගත්තා. ඔබේ ඒ පුරාණ ව්‍රතයත් සීලයත් මං සිහිකරන්නෙ නිදාගෙන නැගිට්ටා වගේ.

කප්‌පෝ ච තේ බද්‌ධචරෝ අහෝසිං සම්‌බුද්‌ධිමන්‌තං වතිනං අමඤ්‌ඤිං
තං තේ පුරාණං වත සීලවත්‌තං සුත්‌තප්‌පබුද්‌ධෝව අනුස්‌සරාමීති.

ඒ කාලෙ මං කප්ප කියල ඔබේ අතවැසියෙක් වෙලා හිටියා. ඒ කාලෙ මං හිතුවෙ ඔබ බුද්ධිමත්, ව්‍රත සම්පන්න කෙනෙක්ය කියලා. ඒ ඔබේ පැරණි ව්‍රතයත්, සීලයත් මං සිහිකරන්නෙ නිදාගෙන නැගිට්ටා වගේ.”

(බකෝ බ්‍රහ්මා);

(බක බ්‍රහ්මයා) :

අද්‌ධා පජානාසි මමේතමායුං අඤ්‌ඤම්පි ජානාසි තථා හි බුද්‌ධෝ
තථා හි ත්‍යායං ජලිතානුභාවෝ ඕභාසයං තිට්‌ඨති බ්‍රහ්‌මලෝකන්‌ති.

“ඒකාන්තයෙන්ම ඔබ මගේ ආයුෂ දැනගත්තා නෙව. අනිත් දේවලුත් දැනගත්තො නෙව. ඔබවහන්සේ නම් බුදු කෙනෙක්ම තමයි. ඔබවහන්සේගේ මේ දිලිසී බබලන ආනුභාවය තුළින් බ්‍රහ්මලෝකය පවා ඒකාලෝක වෙලා.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_6-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M