සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

5.1.9. සේලා සුත්තං

5.1.9. සේලා භික්ෂුණිය මාරයාට පැවසූ දෙසුම

සාවත්ථියං….

සැවැත් නුවරදී ………………………

අථ ඛෝ සේලා භික්ඛුනී පුබ්බන්හසමයං නිවාසෙත්‌වා පත්‌තචීවරමාදාය සාවත්‌ථිං පිණ්‌ඩාය පාවිසි. සාවත්‌ථියං පිණ්‌ඩාය චරිත්‌වා පච්‌ඡාභත්‌තං පිණ්‌ඩපාතපටික්‌කන්‌තා යේන අන්‌ධවනං තේනුපසංකමි. දිවාවිහාරාය. අන්‌ධවනං අජ්‌ඣෝගහෙත්‌වා අඤ්‌ඤතරස්‌මිං රුක්‌ඛමූලේ දිවාවිහාරං නිසීදි. අථ ඛෝ මාරෝ පාපිමා සේලාය භික්‌ඛුනියා භයං ඡම්‌භිතත්‌තං ලෝමහංසං උප්‌පාදේතුකාමෝ සමාධිම්හා චාවේතුකාමෝ යේන සේලා භික්ඛුනී තේනුපසංකමි. උපසංකමිත්වා සේලං භික්‌ඛුනිං ගාථාය අජ්‌ඣභාසි.

එදා සේලා භික්ෂුණිය උදේ වරුවේ සිවුරු පොරවාගෙන, පාත්‍ර සිවුරු අරගෙන, සැවැත් නුවරට පිඬුසිඟා වැඩියා. සැවැත් නුවර පිණ්ඩපාතේ වැඩලා දන් වළඳලා දවල් කාලෙ ගතකරන්න හිතාගෙන අන්ධ වනයට පිටත් වුනා. අන්ධ වනයෙ ඇතුළටම ගිහින් එක්තරා රුක්සෙවනක දවල් කාලෙ වාඩිවෙලා හිටියා.

එතකොට පවිටු මාරයාට මේ විදිහේ කැමැත්තක් ඇතිවුනා. “සේලා භික්ෂුණියව භය කරවන්න ඕන. තැති ගන්වන්න ඕන. මවිල් කෙලින් කරවන්න ඕන. සමාධියෙන් දුරුකරවන්න ඕන” කියලා. ඊට පස්සේ මාරයා සේලා භික්ෂුණිය ළඟට ගියා. ගිහින් සේලා භික්ෂුණියට ගාථාවක් කිව්වා.

කේනිදං පකතං බිම්‌බං ක්‌වන්නු බිම්‌බස්‌ස කාරකෝ
ක්‌වන්නු බිම්‌බං සමුප්‌පන්‌නං ක්‌වන්නු බිම්‌බං නිරුජ්‌ඣතීති

“මේ ජීවිතය නිර්මාණය කළේ කවුද? කවුද මේ ජීවිතය කරවන කෙනා? මේ ජීවිතේ හටගත්තෙ මොකෙන්ද? මේ ජීවිතේ නිරුද්ධ වෙන්නෙ කොහොමද?”

අථ ඛෝ සේලාය භික්‌ඛුනියා ඒතදහෝසි. කෝ නු ඛ්‌වායං මනුස්‌සෝ වා අමනුස්‌සෝ වා ගාථං භාසතීති? අථ ඛෝ සේලාය භික්‌ඛුනියා ඒතදහෝසි. මාරෝ ඛෝ අයං පාපිමා. මම භයං ඡම්‌භිතත්‌තං ලෝමහංසං උප්‌පාදේතුකාමෝ සමාධිම්‌හා චාවේතුකාමෝ ගාථං භාසතීති. අථ ඛෝ සේලා භික්ඛුනී මාරෝ අයං පාපිමා ඉති විදිත්‌වා මාරං පාපිමන්‌තං ගාථාහි පච්‌චභාසි.

එතකොට සේලා භික්ෂුණියට මෙහෙම හිතුනා. “කවුද මෙයා? මිනිහෙක්ද? අමනුෂ්‍යයෙක්ද? මේ ගාථා කියන්නෙ?” ඉතින් සේලා භික්ෂුණියට මෙහෙම හිතුනා. “මේ තමයි පාපී මාරයා මාව භය කරවන්න, තැති ගන්වන්න, ඇඟේ මවිල් කෙළින් කරවන්න, සමාධියෙන් දුරු කරවන්නයි ඔය ගාථා කියන්නෙ.” ඉතින් සේලා භික්ෂුණිය මේ පවිටු මාරයා බව දැනගෙන, පවිටු මාරයාට ගාථාවලින් පිළිතුරු දුන්නා.

නයිදං අත්‌තකතං බිම්‌බං නයිදං පරකතං අඝං
හේතුං පටිච්‌ච සම්‌භූතං හේතුභංගා නිරුජ්‌ඣති.

“මේක තමා විසින් කරපු ජීවිතයකුත් නෙවෙයි. මේ දුක් අනුන් විසින් කරපු දේකුත් නෙවෙයි. හේතු නිසා හටගත්තු දෙයක්. හේතු බිඳීමෙන් නිරුද්ධ වෙලා යන දෙයක්.

යථා අඤ්‌ඤතරං බීජං ඛෙත්‌තේ වුත්‌තං විරූහති
පඨවීරසඤ්‌ච ආගම්‌ම සිනේහඤ්‌ච තදූභයං

කුඹුරක වපුරපු යම්කිසි බීජයක්, වතුරත්, පෘථුවි රසත් කියන දෙක නිසා වැඩෙනවාද,

ඒවං ඛන්‌ධා ච ධාතුයෝ ඡ ච ආයතනා ඉමේ
හේතුං පටිච්‌ච සම්‌භූතා හේතුභං‌ගා නිරුජ්‌ඣරේති.

ඒ විදියමයි මේ ස්කන්ධ, ධාතු, ආයතනත් හේතු නිසා හටගන්නවා. හේතු බිඳීමෙන් නිරුද්ධ වෙනවා.”

අථ ඛෝ මාරෝ පාපිමා ….(පෙ)…. තත්ථේවන්‌තරධායීති.

එතකොට පවිටු මාරයා, ‘සේලා භික්ෂුණිය මාව දැනගත්තා නෙව’ කියල දුක් වුනා. නොසතුටු වුනා. එතනම අතුරුදහන් වුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_5-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M