සැවැත් නුවරදී ………………………
එදා චාලා භික්ෂුණිය උදේ වරුවේ සිවුරු පොරවාගෙන, පාත්‍ර සිවුරු අරගෙන, සැවැත් නුවරට පිඬුසිඟා වැඩියා. සැවැත් නුවර පිණ්ඩපාතේ වැඩලා දන් වළඳලා දවල් කාලෙ ගතකරන්න හිතාගෙන අන්ධ වනයට පිටත් වුනා. අන්ධ වනයෙ ඇතුළටම ගිහින් එක්තරා රුක්සෙවනක දවල් කාලෙ වාඩිවෙලා හිටියා.
එතකොට පවිටු මාරයා චාලා භික්ෂුණිය වෙත ආවා. ඇවිදින් චාලා භික්ෂුණියට මෙහෙම කිව්වා.
“ඒයි භික්ෂුණී, ඔයා අකමැති මෙනවාටද?”
(චාලා භික්ෂුණිය) :
“ආයුෂ්මත, මං ඉපදීමට කැමති නෑ.”
(මාරයා) :
“ඒ මොකද ඉපදීමට කැමති නැත්තෙ? ඉපදුනාම නෙව කම්සැප විඳින්න පුළුවන් වෙන්නෙ. ඒයි භික්ෂුණිය, ඉපදීමට ආශා කරන්න එපාය කියල කවුද ඔයාට ඉගැන්නුවේ?”
(චාලා භික්ෂුණිය):
“ඉපදිච්ච කෙනාට තමයි මරණය තියෙන්නෙ. ඉපදුනාම ලැබෙන්නෙ දුකයි. වධ බන්ධන, කරදර කම්කටොලු ඔක්කොම ලැබෙනවා. ඒ නිසා මං ඉපදීමට කැමති නෑ.
ඉපදීම ඉක්මවන ධර්මය බුදු සමිඳුන් තමයි අපට කියල දුන්නෙ. සියලු දුක් නැති කරවන ඒ ආර්ය සත්‍ය තුළ මාව පිහිටෙව්වේ උන්වහන්සේ තමයි.
රූප ලෝකෙ ඉපදුනු සත්වයෝ ඉන්නවා. අරූප ලෝකෙ ඉපදුනු සත්වයෝ ඉන්නවා. ඔය කාටත් නිරෝධ සත්‍ය දැනනොගත්තොත්, ආයෙමත් භවයට එන්න සිද්ධ වෙනවා.”
එතකොට පවිටු මාරයා, ‘චාලා භික්ෂුණිය මාව දැනගත්තා නෙව’ කියල දුක් වුනා. නොසතුටු වුනා. එතනම අතුරුදහන් වුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_5-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M