සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

5.1.4. විජයා සුත්තං

5.1.4. විජයා භික්ෂුණිය මාරයාට පැවසූ දෙසුම

සාවත්ථියං….

සැවැත් නුවරදී ………………………

අථ ඛෝ විජයා භික්ඛුනී පුබ්බන්හසමයං නිවාසෙත්‌වා පත්‌තචීවරමාදාය සාවත්‌ථිං පිණ්‌ඩාය පාවිසි. සාවත්‌ථියං පිණ්‌ඩාය චරිත්‌වා පච්‌ඡාභත්‌තං පිණ්‌ඩපාතපටික්‌කන්‌තා යේන අන්‌ධවනං තේනුපසංකමි. දිවාවිහාරාය. අන්‌ධවනං අජ්‌ඣෝගහෙත්‌වා අඤ්‌ඤතරස්‌මිං රුක්‌ඛමූලේ දිවාවිහාරං නිසීදි. අථ ඛෝ මාරෝ පාපිමා විජයාය භික්‌ඛුනියා භයං ඡම්‌භිතත්‌තං ලෝමහංසං උප්‌පාදේතුකාමෝ සමාධිම්‌හා චාවේතුකාමෝ යේන විජයා භික්ඛුනී තේනුපසංකමි. උපසංකමිත්‌වා විජයං භික්‌ඛුනිං ගාථාය අජ්‌ඣභාසි.

එදා විජයා භික්ෂුණිය උදේ වරුවේ සිවුරු පොරවාගෙන, පාත්‍ර සිවුරු අරගෙන, සැවැත් නුවරට පිඬුසිඟා වැඩියා. සැවැත් නුවර පිණ්ඩපාතේ වැඩලා දන් වළඳලා දවල් කාලෙ ගතකරන්න හිතාගෙන අන්ධ වනයට පිටත් වුනා. අන්ධ වනයෙ ඇතුළටම ගිහින් එක්තරා රුක්සෙවනක දවල් කාලෙ වාඩිවෙලා හිටියා.

එතකොට පවිටු මාරයාට මේ විදිහේ කැමැත්තක් ඇතිවුනා. “විජයා භික්ෂුණියව භය කරවන්න ඕන. තැති ගන්වන්න ඕන. මවිල් කෙලින් කරවන්න ඕන. සමාධියෙන් දුරුකරවන්න ඕන” කියලා. ඊට පස්සේ මාරයා විජයා භික්ෂුණිය ළඟට ගියා. ගිහින් විජයා භික්ෂුණියට ගාථාවක් කිව්වා.

දහරා ත්‌වං රූපවතී අහඤ්‌ච දහරෝ සුසු
පඤ්‌චංගිකේන තුරියේන ඒහය්‍යේභිරමාමසේති

“ඒයි ලස්සන තැනැත්තී, ඔය තාම තරුණයි. මමත් යෞවන වයසේ ඉන්න තරුණයෙක්. එන්න. පංචාංගික තූර්ය නාදයෙන් සතුටු වෙමින් අපි ප්‍රීතියෙන් ඉඳිමු.”

අථ ඛෝ විජයාය භික්‌ඛුනියා ඒතදහෝසි. කෝ නු ඛ්‌වායං මනුස්‌සෝ වා අමනුස්‌සෝ වා ගාථං භාසතීති? අථ ඛෝ විජයාය භික්‌ඛුනියා ඒතදහෝසි. මාරෝ ඛෝ අයං පාපිමා මම භයං ඡම්‌භිතත්‌තං ලෝමහංසං උප්‌පාදේතුකාමෝ සමාධිම්‌හා චාවේතුකාමෝ ගාථං භාසතීති. අථ ඛෝ විජයා භික්ඛුනී මාරෝ අයං පාපිමා ඉති විදිත්‌වා මාරං පාපිමන්‌තං ගාථාහි පච්‌චභාසි.

එතකොට විජයා භික්ෂුණියට මෙහෙම හිතුනා. “කවුද මෙයා? මිනිහෙක්ද? අමනුෂ්‍යයෙක්ද? මේ ගාථා කියන්නෙ?” ඉතින් විජයා භික්ෂුණියට මෙහෙම හිතුනා. “මේ තමයි පාපී මාරයා මාව භය කරවන්න, තැති ගන්වන්න, ඇඟේ මවිල් කෙළින් කරවන්න, සමාධියෙන් දුරු කරවන්නයි ඔය ගාථා කියන්නෙ.” ඉතින් විජයා භික්ෂුණිය මේ පවිටු මාරයා බව දැනගෙන, පවිටු මාරයාට ගාථාවලින් පිළිතුරු දුන්නා.

රූපා සද්‌දා රසා ගන්‌ධා ඵොට්‌ඨබ්‌බා ච මනෝරමා
නිය්‍යාතයාමි තුය්‌හේව මාර නාහං තේනත්‌ථිකා

“හිත ඇලෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තියෙනවා තමයි. ඒයි මාරය, මං ඒවා ඔබටම දෙනවා. මට ඕවයින් කිසිවැඩක් නැහැ.

ඉමිනා පූතිකායේන භින්‌දනේන පභංගුනා
අට්‌ටීයාමි හරායාමි කාමතණ්‌හා සමූහතා

බිඳිලා යන, වහා නැසිලා යන මේ කුණු ශරීරය මට එපාවෙලා තියෙන්නෙ. ඒ ගැන මං ලැජ්ජයි. මං කාම තණ්හාව මුළින්ම උදුරලා දැම්මා.

යේ ච රූපූපගා සත්‌තා යේ ච ආරුප්ප‌ඨායිනෝ
යා ච සන්‌තා සමාපත්‌ති සබ්‌බත්‌ථ විහතෝ තමෝති.

රූප ලෝකවලත් සත්වයෝ ඉන්නවා. අරූප ලෝකවලත් සත්වයෝ ඉන්නවා. ශාන්ත වූ සමාපත්තියත් තියෙනවා. ඒ හැමදෙයක් ගැනම තිබුණු අවිද්‍යා අන්ධකාරය මට දුරුවුනා.”

අථ ඛෝ මාරෝ පාපිමා ජානාති මං විජයා භික්‌ඛුනීති දුක්‌ඛී දුම්‌මනෝ තත්ථේවන්‌තරධායීති.

එතකොට පවිටු මාරයා, ‘විජයා භික්ෂුණිය මාව දැනගත්තා නෙව’ කියල දුක් වුනා. නොසතුටු වුනා. එතනම අතුරුදහන් වුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_5-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M