සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

5.1.2. සෝමා සුත්තං

5.1.2. සෝමා භික්ෂුණිය මාරයාට පැවසූ දෙසුම

සාවත්ථියං…

සැවැත් නුවරදී ………………………

අථ ඛෝ සෝමා භික්ඛුනී පුබ්බන්හසමයං නිවාසෙත්‌වා පත්‌තචීවරමාදාය සාවත්‌ථිං පිණ්‌ඩාය පාවිසි. සාවත්‌ථියං පිණ්‌ඩාය චරිත්‌වා පච්‌ඡාභත්‌තං පිණ්‌ඩපාතපටික්‌කන්‌තා යේන අන්‌ධවනං තේනුපසංකමි. දිවාවිහාරාය. අන්‌ධවනං අජ්‌ඣෝගහෙත්‌වා අඤ්‌ඤතරස්‌මිං රුක්‌ඛමූලේ දිවාවිහාරං නිසීදි. අථ ඛෝ මාරෝ පාපිමා සෝමාය භික්‌ඛුනියා භයං ඡම්‌භිතත්‌තං ලෝමහංසං උප්‌පාදේතුකාමෝ සමාධිම්‌හා චාවේතුකාමෝ යේන සෝමා භික්ඛුනී තේනුපසංකමි. උපසංකමිත්‌වා සෝමං භික්‌ඛුනිං ගාථාය අජ්‌ඣභාසි.

එදා සෝමා භික්ෂුණිය උදේ වරුවේ සිවුරු පොරවාගෙන, පාත්‍ර සිවුරු අරගෙන, සැවැත් නුවරට පිඬුසිඟා වැඩියා. සැවැත් නුවර පිණ්ඩපාතේ වැඩලා දන් වළඳලා දවල් කාලෙ ගතකරන්න හිතාගෙන අන්ධ වනයට පිටත් වුනා. අන්ධ වනයෙ ඇතුළටම ගිහින් එක්තරා රුක්සෙවනක දවල් කාලෙ වාඩිවෙලා හිටියා.

එතකොට පවිටු මාරයාට මේ විදිහේ කැමැත්තක් ඇතිවුනා. “සෝමා භික්ෂුණියව භය කරවන්න ඕන. තැති ගන්වන්න ඕන. මවිල් කෙලින් කරවන්න ඕන. සමාධියෙන් දුරුකරවන්න ඕන” කියලා. ඊට පස්සේ මාරයා සෝමා භික්ෂුණිය ළඟට ගියා. ගිහින් සෝමා භික්ෂුණියට ගාථාවක් කිව්වා.

යන්තං ඉසීහි පත්‌තබ්‌බං ඨානං දුරභිසම්‌භවං
න තං ද්‌වංගුලපඤ්‌ඤාය සක්‌කා පප්‌පෝතුමිත්‌ථියාති.

“අවබෝධයට ඉතා දුෂ්කර වූ තත්වයක් වන ඔය දේ ලබන්නෙ ඉසිවරුන් විසින් නෙව. ඇඟිලි දෙකේ නුවණ තියෙන ගෑණුන්ට ඔවැනි තත්වෙකට පත්වෙන්න පුළුවන්කමක් නෑ.”

අථ ඛෝ සෝමාය භික්‌ඛුනියා ඒතදහෝසි. කෝ නු ඛ්‌වායං මනුස්‌සෝ වා අමනුස්‌සෝ වා ගාථං භාසතීති? අථ ඛෝ සෝමාය භික්‌ඛුනියා ඒතදහෝසි. මාරෝ ඛෝ අයං පාපිමා මම භයං ඡම්‌භිතත්‌තං ලෝමහංසං උප්‌පාදේතුකාමෝ සමාධිම්‌හා චාවේතුකාමෝ ගාථං භාසතීති. අථ ඛෝ සෝමා භික්ඛුනී මාරෝ අයං පාපිමා ඉති විදිත්‌වා මාරං පාපිමන්‌තං ගාථාහි අජ්ඣභාසි.

එතකොට සෝමා භික්ෂුණියට මෙහෙම හිතුනා. “කවුද මෙයා? මිනිහෙක්ද? අමනුෂ්‍යයෙක්ද? මේ ගාථා කියන්නෙ?” ඉතින් සෝමා භික්ෂුණියට මෙහෙම හිතුනා. “මේ තමයි පාපී මාරයා මාව භය කරවන්න, තැති ගන්වන්න, ඇඟේ මවිල් කෙළින් කරවන්න, සමාධියෙන් දුරු කරවන්නයි ඔය ගාථා කියන්නෙ.” ඉතින් සෝමා භික්ෂුණිය මේ පවිටු මාරයා බව දැනගෙන, පවිටු මාරයාට ගාථාවලින් පිළිතුරු දුන්නා.

ඉත්‌ථිභාවෝ කිං කයිරා චිත්‌තම්‌හි සුසමාහිතේ
ඤාණම්‌හි වත්‌තමානම්‌හි සම්‌මා ධම්‌මං විපස්‌සතෝ.

“හිත තියෙන්නෙ සමාධිමත් වෙලා නම්, ගෑණුකමෙන් මොකක් කරන්නද? හොඳට යථා ස්වභාවය විදර්ශනා කරන්න පුළුවන් එකේ, අවබෝධ ඥානයත් ඇතිවෙන එකේ ගෑණුකම මොකටද?

යස්‌ස නූන සියා ඒවං ඉත්‌ථාහං පුරිසෝති වා
කිඤ්‌චි වා පන අඤ්‌ඤස්‌මිං තං මාරෝ වත්‌තුමරහතීති.

යම්කිසි කෙනෙකුට මමත් ගැහැණියෙක්, මමත් පිරිමියෙක්, මම කවුරු හරි කෙනෙක් කියල හිතනවා නම්, මාරය, ඔබ විසින් ඔය කථාව කිව යුත්තෙ අන්න ඒ වගේ කෙනෙකුට.”

අථ ඛෝ මාරෝ පාපිමා ජානාති මං සෝමා භික්‌ඛුනීති දුක්‌ඛී දුම්‌මනෝ තත්ථේවන්‌තරධායීති.

එතකොට පවිටු මාරයා, ‘සෝමා භික්ෂුණිය මාව දැනගත්තා නෙව’ කියල දුක් වුනා. නොසතුටු වුනා. එතනම අතුරුදහන් වුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_5-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M