සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

4.2.9. කස්සක සුත්තං

4.2.9. ගොවියා ගැන වදාළ දෙසුම

සාවත්ථියං….

සැවැත් නුවර ජේතවනාරාමයේදී ………………………

තේන ඛෝ පන සමයේන භගවා භික්‌ඛූ නිබ්‌බානපටිසංයුත්‌තාය ධම්‌මියා කථාය සන්‌දස්‌සේති සමාදපේති සමුත්‌තේජේති සම්‌පහංසේති. තේ ච භික්‌ඛූ අට්‌ඨිකත්‌වා මනසිකත්‌වා සබ්‌බචේතසා සමන්‌නාහරිත්‌වා ඕහිතසෝතා ධම්‌මං සුණන්‌ති.

එදා භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුන් වහන්සේට ඒ අමා නිවන් සුව ගැන දහම් දෙසමින් හිටියා. කරුණු දක්වමින්, සමාදන් කරවමින්, උත්සාහවත් කරවමින්, හිතට ඇතුල් කරවමින් හිටියා. ඒ භික්‍ෂුන් වහන්සේලාත් ‘අවබෝධ කරගන්න ඕන’ කියල හිතාගෙන, මුළු හිතම යොමු කරගෙන, සවන් යුග යොමු කරගෙන, දහම් අසමින් හිටියා.

අථ ඛෝ මාරස්‌ස පාපිමතෝ ඒතදහෝසි. අයං ඛෝ සමණෝ ගෝතමෝ භික්‌ඛූ නිබ්‌බානපටිසංයුත්‌තාය ධම්‌මියා කථාය ….(පෙ)…. සම්පහංසේති. තේ ච භික්ඛූ ….(පෙ)…. ධම්මං සුණන්ති. යන්නූනාහං යේන සමණෝ ගෝතමෝ තේනුපසංකමෙය්‍යං විචක්‌ඛුකම්‌මායාති. අථ ඛෝ මාරෝ පාපිමා කස්‌සකවණ්‌ණං අභිනිම්‌මිනිත්‌වා මහන්‌තං නංගලං ඛන්‌ධේ කරිත්‌වා දීඝං පාචනයට්‌ඨිං ගහෙත්‌වා හටහටකේසෝ සාණසාටීනිවත්‌ථෝ කද්‌දමමක්‌ඛිතේහි පාදේහි යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්‌වා භගවන්‌තං ඒතදවෝච. අපි සමණ බලිවද්‌දේ අද්‌දසාති? කිම්පන පාපිම තේ බලිවද්‌දේහීති?

එතකොට පවිටු මාරයාට මෙහෙම හිතුනා. මේ ගෞතම ශ්‍රමණයන් වහන්සේ භික්‍ෂුසංඝයාට ඒ අමා නිවන ගැන ධර්ම කථාවල් …. (පෙ) …. හිතට ඇතුල් කරවනවා නෙව. ඒ භික්‍ෂුන් වහන්සේලාත් …. (පෙ) …. දහම් අසනවා. මං ශ්‍රමණ ගෞතමයන් ළඟට යන්න ඕන. ඒ භික්‍ෂුන්ගේ නුවණැස වනසන්න ඕන.ඊට පස්සෙ පාපී මාරයා ගොවියකුගේ වේශයක් මවාගත්තා. ලොකු නඟුලක් කරේ තබාගත්තා. දිග කෙවිටක් අතට ගත්තා. කොණ්ඩෙ අවුල් කරගෙන, හණ වැහැරියක් ඇඳගෙන, මඩ තැවරුණ පාවලින් යුතුව භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ල භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා.

“ඒයි ශ්‍රමණය, මගේ හරක් දැක්කාද?”

“මාරය, ඔබට හරකුන්ගෙන් තියෙන ඵලේ මොකක්ද?”

මමේව සමණ චක්‌ඛු, මම රූපා, මම චක්‌ඛුසම්‌ඵස්‌සවිඤ්‌ඤාණායතනං. කුහිං මේ සමණ ගන්‌ත්‌වා මොක්‌ඛසි? මමේව සමණ සෝතං, මම සද්‌දා, මම සෝතසම්‌ඵස්‌සවිඤ්‌ඤාණායතනං. මමේව සමණ ඝානං, මම ගන්‌ධා, මම ඝාණසම්‌ඵස්‌සවිඤ්‌ඤාණායතනං. මමේව සමණ ජිව්‌හා, මම රසා, මම ජිව්හාසම්‌ඵස්‌සවිඤ්‌ඤාණායතනං. මමේව සමණ කායෝ, මම ඵොට්‌ඨබ්‌බා, මම කායසම්‌ඵස්‌සවිඤ්‌ඤාණායතනං. මමේව සමණ මනෝ, මම ධම්‌මා, මම මනෝසම්‌ඵස්‌සවිඤ්‌ඤාණායතනං. කුහිං මේ සමණ ගන්‌ත්‌වා මොක්‌ඛසීති?

“ඒයි ශ්‍රමණය, ඇස කියන්නෙ මගේ දෙයක්මයි. රූපත් මගේමයි. ඇසේ ස්පර්ශයත්, විඤ්ඤාණයත් මගේමයි. ඉතින් එහෙම එකේ ශ්‍රමණය, මගෙන් නිදහස් වෙන්න හදන්නෙ කොහේ ගිහින්ද? ඒයි ශ්‍රමණය කනත් මගේමයි. ශබ්දත් මගේමයි. කනේ ස්පර්ශයත්, විඤ්ඤාණයත් මගේමයි. ඒ වගේම ශ්‍රමණය නාසයත් මගේමයි. ගඳසුවඳත් මගේමයි. නාසයේ ස්පර්ශයත්, විඤ්ඤාණයත් මගේමයි. ශ්‍රමණය, දිවත් මගේමයි. රසත් මගේමයි. දිවේ ස්පර්ශයත්, විඤ්ඤාණයත් මගේමයි. ශ්‍රමණය, කයත් මගේමයි. පහසත් මගේමයි. කයේ ස්පර්ශයත්, විඤ්ඤාණයත් මගේමයි. ශ්‍රමණය, මනසත් මගේමයි. මනසට සිතෙන අරමුණුත් මගේමයි. මනසේ ස්පර්ශයත්, විඤ්ඤාණයත් මගේමයි. ඉතින් ශ්‍රමණය, මගෙන් නිදහස් වෙන්න හදන්නෙ කොහේ ගිහින්ද?”

තවේව පාපිම චක්‌ඛු, තව රූපා, තව චක්‌ඛුසම්‌ඵස්‌සවිඤ්‌ඤාණායතනං. යත්‌ථ ච ඛෝ පාපිම නත්‌ථි චක්‌ඛු, නත්‌ථි රූපා, නත්‌ථි චක්‌ඛුසම්‌ඵස්‌සවිඤ්‌ඤාණායතනං. අගති තව තත්‌ථ පාපිම. තවේව පාපිම සෝතං, තව සද්‌දා, තව සෝතසම්‌ඵස්‌සවිඤ්‌ඤාණායතනං. යත්‌ථ ච ඛෝ පාපිම නත්‌ථි සෝතං, නත්‌ථි සද්‌දා, නත්‌ථි සෝතසම්‌ඵස්‌සවිඤ්‌ඤාණායතනං. අගති තව තත්‌ථ පාපිම. තවේව පාපිම ඝානං, තව ගන්‌ධා, තව ඝානසම්‌ඵස්‌සවිඤ්‌ඤාණායතනං ….(පෙ)…. අගති තව තත්‌ථ පාපිම. තවේව පාපිම ජිව්‌හා, තව රසා, තව ජිව්‌හාසම්‌ඵස්‌සවිඤ්‌ඤාණායතනං ….(පෙ)…. අගති තව තත්ථ පාපිම. තවේව පාපිම කායෝ, තව ඵොට්‌ඨබ්‌බා, තව කායසම්‌ඵස්‌සවිඤ්‌ඤාණායතනං ….(පෙ)…. අගති තව තත්ථ පාපිම. තවේව පාපිම මනෝ, තව ධම්‌මා, තව මනෝසම්‌ඵස්‌සවිඤ්‌ඤාණායතනං. යත්‌ථ ච ඛෝ පාපිම නත්‌ථි මනෝ, නත්‌ථි ධම්‌මා, නත්‌ථි මනෝසම්‌ඵස්‌සවිඤ්‌ඤාණායතනං. අගති තව තත්‌ථ පාපිමාති.

“ඇත්ත මාරය. ඇස ඔබේම තමයි. රූපත් ඔබේම තමයි. ඇසේ ස්පර්ශයත්, විඤ්ඤාණයත් ඔබේ තමයි. නමුත් මාරය, යම් තැනක ඇස නැත්නම්, රූප නැත්නම්, ඇසේ ස්පර්ශයත්, විඤ්ඤාණයත් නැත්නම් මාරය, ඔබට එතනට එන්න බෑ.

මාරය, කනත් ඔබේම තමයි. ශබ්දත් ඔබේ තමයි. කනේ ස්පර්ශයත්, විඤ්ඤාණයත් ඔබේ තමයි. නමුත් මාරය, යම් තැනක කන නැත්නම්, ශබ්ද නැත්නම්, කනේ ස්පර්ශයත්, විඤ්ඤාණයත් නැත්නම් මාරය, ඔබට එතනට එන්න බෑ.

මාරය, නාසයත් ඔබේම තමයි. ගඳසුවඳත් ඔබේම තමයි. නාසයේ ස්පර්ශයත්, විඤ්ඤාණයත් ඔබේම තමයි …. (පෙ) …. අන්න එතනට මාරය, ඔබට එන්න බෑ.

මාරය, දිවත් ඔබේම තමයි. රසත් ඔබේම තමයි. දිවේ ස්පර්ශයත්, විඤ්ඤාණයත් ඔබේම තමයි. …. (පෙ) …. අන්න එතනට මාරය ඔබට එන්න බෑ.

මාරය, කයත් ඔබේම තමයි. කයට දැනෙන පහසත් ඔබේම තමයි. කයේ ස්පර්ශයත්, විඤ්ඤාණයත් ඔබේම තමයි …. (පෙ) …. මාරය, අන්න එතනට ඔබට එන්න බෑ.

මාරය, මනසත් ඔබේම තමයි. මනසට සිතෙන අරමුණුත් ඔබේම තමයි. මනසේ ස්පර්ශයත්, විඤ්ඤාණයතනයත් ඔබේම තමයි. නමුත්, මාරය යම් තැනක මනස නැත්නම්, අරමුණුත් නැත්නම්, මනසේ ස්පර්ශයත්, විඤ්ඤාණයත් නැත්නම්, අන්න එතනට ඔබට එන්න බෑ.”

(මාරෝ);

(මාරයා) :

යං වදන්‌ති මම ඉදන්‌ති යේ වදන්‌ති මමන්‌ති ච
එත්‌ථ චේ තේ මනෝ අත්‌ථි න මේ සමණ මොක්‌ඛසීති

“ඒ වුනාට කවුරු හරි කියනවා නම්, ඒවා මගේ කියලා, ඒවා මට අයිතියි කියලා, අන්න ඒව ගැන කෙනෙකුගේ හිත පවතිනවා නම්, ශ්‍රමණය, මගෙන් නම් නිදහස් වෙන්න බෑ.”

(භගවා);

(භාග්‍යවතුන් වහන්සේ) :

යං වදන්‌ති න තං මය්‌හං යේ වදන්‌ති න තේ අහං
ඒවං පාපිම ජානාහි න මේ මග්‌ගම්‌පි දක්‌ඛසීති

“ඒ වුනත් මාරය, කවුරු හරි කියනවා නම්, එය ‘මගේ නොවෙයි’ කියලා, එය ‘මට අයිති නෑ’ කියලා, ‘මම නොවෙයි’ කියලා, මාරය, මේ ගැන ඔබ දැනගන්න ඕන. මගේ ගමන් මාර්ගයවත් ඔබට දකින්න බෑ.”

අථ ඛෝ මාරෝ පාපිමා ….(පෙ)…. තත්ථේවන්‌තරධායීති.

එතකොට පවිටු මාරයා …. (පෙ) …. එතනම අතුරුදහන් වුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_4-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M