ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ මගධ ජනපදයේ පංචාසාලා කියන බමුණු ගමේ. ඒ දවස පංචසාලා බමුණු ගමේ පොඩි දරුවන්ට තෑගි යවන දවසයි.
එදා භාග්‍යවතුන් වහන්සේ උදේ වරුවෙ සිවුරු පොරවාගෙන, පාත්‍ර-සිවුරු අරගෙන, පංචසාලා බ්‍රාහ්මණ ගමට පිණ්ඩපාතෙ වැඩියා. ඒ මොහොතේ පංචසාල ගමේ බමුණු ගෘහපතිවරුන්ට පවිටු මාරයා වැහිලයි තිබුනෙ. මාරයා ඒක කළේ ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේට පිණ්ඩපාතෙ ලැබෙන්න එපා!’ කියන අදහසින්.
ඉතින් භාග්‍යවතුන් වහන්සේ පාත්තරය සෝදගෙන පංචසාලා බමුණු ගමට පිණ්ඩපාතෙ වැඩියා. අන්තිමේදී ඒ සේදූ පාත්‍රයම අරගෙන (දානෙ නැතුව) ආපහු වැඩියා.
එතකොට පවිටු මාරයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “මොකද ශ්‍රමණය, පිණ්ඩපාතෙ ලැබුනා නේද?”
“ඒයි මාරය, මට පිණ්ඩපාතෙ නොලැබෙන විදිහට ඔබ ඉතින් කටයුතු කළා නෙව.”
“එහෙම නම් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ආයෙමත් පංචසාල බමුණු ගමට පිණ්ඩපාතෙ වඩිනු මැනව. භාග්‍යවතුන් වහන්සේට පිණ්ඩපාතෙ ලැබෙන විදිහට මං කටයුතු සළස්වන්නම්.”
(භාග්‍යවතුන් වහන්සේ) :
“මාරය, තථාගතයන් වහන්සේත් සමඟ හැප්පෙන්න ගිහින් පව් රැස්කර ගත්තා. ඒයි මාරය, ඔබ හිතන්නෙ තමන්ගේ පව් විපාක දෙන්නෙ නැතෙයි කියලද?
ඇත්තෙන්ම අපට කිසිම ක්ලේශයක් නැති නිසා අපි සැපසේම යි ජීවත් වෙන්නේ. ආභස්සර දිව්‍යලෝකෙ දෙවියන් වගෙයි, අපිත් ප්‍රීතිය අනුභව කරල ඉන්නවා.”
එතකොට පවිටු මාරයා …. (පෙ) …. එතනම නොපෙනී ගියා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_4-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M