සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

4.2.6. පත්ත සුත්තං

4.2.6. පාත්‍රය ගැන වදාළ දෙසුම

සාවත්ථියං…

සැවැත් නුවර ජේතවනාරාමයේදී ………………………

තේන ඛෝ පන සමයේන භගවා පඤ්‌චන්‌නං උපාදානක්‌ඛන්‌ධානං උපාදාය භික්‌ඛූ ධම්‌මියා කථාය සන්‌දස්‌සේති සමාදපේති සමුත්‌තේජේති සම්‌පහංසේති. තේ ච භික්‌ඛූ අට්‌ඨීකත්‌වා මනසිකත්‌වා සබ්‌බචේතසා සමන්‌නාහරිත්‌වා ඕහිතසෝතා ධම්‌මං සුණන්‌ති.

එදා භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුන් වහන්සේලාට දේශනා කරමින් සිටියේ පංචුපාදානස්කන්ධ දුක ගැනයි. නොයෙක් ආකාරයෙන් නිදර්ශන පෙන්නා දුන්නා. සමාදන් කළා. උත්සාහවත් කළා. හිතට ඇතුල් කළා. ඒ භික්‍ෂුන් වහන්සේලාත් අවබෝධ කරගැනීමේ අදහසින්ම මුළු හිතම යොමු කරගෙන, හොඳට සවන් යුග යොමු කරගෙන, ඒ ධර්මය අසමින් සිටියා.

අථ ඛෝ මාරස්‌ස පාපිමතෝ ඒතදහෝසි. අයං ඛෝ සමණෝ ගෝතමෝ පඤ්‌චන්‌නං උපාදානක්‌ඛන්‌ධානං උපාදාය භික්‌ඛූ ධම්‌මියා කථාය සන්‌දස්‌සේති සමාදපේති සමුත්‌තේජේති සම්‌පහංසේති. තේ ච භික්‌ඛූ අට්‌ඨිකත්‌වා මනසිකත්‌වා සබ්‌බචේතසා සමන්‌නාහරිත්‌වා ඕහිතසෝතා ධම්‌මං සුණන්‌ති. යන්නූනාහං යේන සමණෝ ගෝතමෝ තේනුපසංකමෙය්‍යං විචක්‌ඛුකම්‌මායාති.

එතකොට පවිටු මාරයාට මෙහෙම හිතුනා. ‘මේ ගෞතම ශ්‍රමණයන් වහන්සේ මේ භික්‍ෂුන්ට නිදර්ශන සහිතව, කරුණු සමාදන් කරවමින් උත්සාහවත් කරවමින් සිතට ඇතුළු කරවමින්, පංචඋපාදානස්කන්ධය ගැන දහම් දෙසනවා නෙව. ඒ භික්‍ෂුන් වහන්සේලාත්, ‘අවබෝධ කරගන්න ඕන’ කියන අදහසින්ම, මුළු හිතම යොමු කරගෙන, මනාකොට සවන් යුග යොමු කරගෙන දහම් අසනවා. මං යන්න ඕන ශ්‍රමණ ගෞතමයන් ළඟට. ගිහින් ඒ දහම් අසන භික්‍ෂුන්ගේ නුවණැස වහල දාන්න ඕන.

තේන ඛෝ පන සමයේන සම්‌බහුලා පත්‌තා අජ්ඣෝකාසේ නික්‌ඛිත්‌තා හොන්‌ති. අථ ඛෝ මාරෝ පාපිමා බලිවද්‌දවණ්‌ණං අභිනිම්‌මිනිත්‌වා යේන තේ පත්‌තා තේනුපසංකමි. අථ ඛෝ අඤ්‌ඤතරෝ භික්‌ඛු අඤ්‌ඤතරං භික්‌ඛුං ඒතදවෝච. භික්‌ඛු භික්‌ඛු ඒසෝ බලිවද්‌දෝ පත්‌තේ භින්‌දෙය්‍යාති. ඒවං වුත්තේ භගවා තං භික්‌ඛුං ඒතදවෝච. න සෝ භික්‌ඛු බලිවද්‌දෝ. මාරෝ ඒස පාපිමා, තුම්‌හාකං විචක්‌ඛුකම්‌මායාගතෝති. අථ ඛෝ භගවා මාරෝ අයං පාපිමා ඉති විදිත්‌වා මාරං පාපිමන්‌තං ගාථාහි අජ්‌ඣභාසි.

ඒ වන විට පාත්‍ර ගොඩාක් එළිමහනේ තැන්පත් කරල තිබුනා. එතකොට පවිටු මාරයා හරකෙකුගේ වේශයක් මවාගත්තා. ඒ පාත්‍ර ළඟට ගියා. ඒ මොහොතේ එක්තරා භික්‍ෂුවක් අනිත් භික්‍ෂුවට මෙහෙම කියනවා. “භික්‍ෂුව, භික්‍ෂුව අන්න හරකෙක් පාත්තර බිඳින්න හදනවා.”

එතකොට භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂුවට මෙහෙම වදාළා. “නෑ පින්වත් භික්‍ෂුව, ඒ හරකෙක් නොවෙයි. ඒ තමයි පවිටු මාරයා. ඔබේ නුවණැස වනසන්නටයි ඒ මාරයා ආවේ.” ඉතින් භාග්‍යවතුන් වහන්සෙ, ‘මේ ඉන්නෙ පවිටු මාරයා’ කියල අඳුරගෙන, පවිටු මාරයාට ගාථාවලින් වදාළා.

රූපං වේදයිතං සඤ්‌ඤං විඤ්‌ඤාණං යඤ්‌ච සංඛතං
නේසෝහමස්‌මි නේතං මේ ඒවං තත්‌ථ විරජ්‌ජති

“රූපයත්, වේදනාවත්, සඤ්ඤාවත්, විඤ්ඤාණයත්, ඒ වගේම සංස්කාරත් තියෙනවා. මේ පංචුපාදානස්කන්ධය ‘මම නොවේ, මගේ නොවේ’ කියල අවබෝධ කළොත් අන්න එතකොට මේ පංචුපාදානස්කන්ධය කෙරෙහි ඇලෙන්නෙ නෑ.

ඒවං විරත්‌තං ඛේමත්‌තං සබ්‌බසංයෝජනාතිගං
අන්‌වේසං සබ්‌බඨානේසු මාරසේනාපි නාජ්‌ඣගාති

මේ විදිහට නොඇලුන බිය රහිත බවට පත් වුන, හැම සංයෝජනයක්ම ඉක්මවා ගිය, ඒ රහතුන් වැඩිය මග ගැන මාර සේනාව හැමතැනම හෙව්වත් හොයාගන්න බෑ.”

අථ ඛෝ මාරෝ පාපිමා ….(පෙ)…. තත්ථේවන්‌තරධායීති.

එතකොට පාපී මාරයා …. (පෙ) …. එතනම නොපෙනී ගියා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_4-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M