ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ කොසොල් ජනපදයේ ඒකසාලා කියන බ්‍රාහ්මණ ගමේ. එදා භාග්‍යවතුන් වහන්සේ මහත් පිරිසක් පිරිවරාගෙන දහම් දෙසමින් වැඩහිටියේ.
එතකොට පවිටු මාරයාට මේ අදහස ඇතිවුනා. ‘මේ ගෞතම ශ්‍රමණයන් වහන්සේ මහා පිරිසක් පිරිවරාගෙන දහම් දෙසනවා නෙව. මං ශ්‍රමණ ගෞතමයන් ළඟට යන්න ඕන. බණ අසන උදවියගේ නුවණැස වහන්න ඕන.’ එහෙම හිතල පවිටු මාරයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින්, භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් මෙහෙම කිව්වා.
“තමුන්නාන්සේ ඔය අනුන්ට අනුශාසනා කරන එක නම් සුදුසු දෙයක් නොවෙයි. ඔය දේවල් කරන්න ගිහින් ඇලීම් ගැටීම් හදාගන්න එපා!”
(භාග්‍යවතුන් වහන්සේ) :
“සම්බුදු සමිඳුන් ලෝක සත්වයාට හිතානුකම්පාවෙන්මයි අනුශාසනා කරන්නෙ. අනික, තථාගතයන් වහන්සේ කියල කියන්නෙ ඇලීම් ගැටීම්වලින් නිදහස් වෙච්ච කෙනෙක්.
එතකොට පාපී මාරයා …. (පෙ) …. එතනම නොපෙනී ගියා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_4-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M