සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

4.2.2. සීහ සුත්තං

4.2.2. සිංහයා ගැන වදාළ දෙසුම

ඒකං සමයං භගවා සාවත්‌ථියං විහරති ජේතවනේ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමේ. තේන ඛෝ පන සමයේන භගවා මහතියා පරිසාය පරිවුතෝ ධම්‌මං දේසේති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේව පිරිවරාගත් විශාල පිරිසකට දහම් දෙසමින් හිටියා.

අථ ඛෝ මාරස්‌ස පාපිමතෝ ඒතදහෝසි. අයං ඛෝ සමණෝ ගෝතමෝ මහතියා පරිසාය පරිවුතෝ ධම්‌මං දේසේති. යන්නූනාහං යේන සමණෝ ගෝතමෝ තේනුපසංකමෙය්‍යං විචක්‌ඛුකම්‌මායාති. අථ ඛෝ මාරෝ පාපිමා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්‌වා භගවන්‌තං ගාථාය අජ්‌ඣභාසි.

එතකොට පාපී මාරයාට මෙහෙම හිතුනා. ‘මේ ගෞතම ශ්‍රමණයන් වහන්සේ මහා පිරිසක් පිරිවරාගෙන දහම් දෙසනවා. මං ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟට යන්න ඕන. ගිහින් බණ අහන උදවියගේ නුවණැස වහන්න ඕන.’

එහෙම හිතලා පවිටු මාරයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් මෙහෙම කිව්වා.

කින්‌නු සීහෝව නදසි පරිසායං විසාරදෝ
පටිමල්‌ලෝ හි තේ අත්‌ථි විජිතාවී නු මඤ්‌ඤසීති.

“හා! පිරිස මැද්දෙ විශාරදව සිංහනාද කරනවා නේද? දිනුව කියලද හිතාගෙන ඉන්නේ? තමුන්නාන්සෙට විරුද්ධකාරයෙක් ඉන්නවා.”

(භගවා)

(භාග්‍යවතුන් වහන්සේ) :

නදන්‌ති වේ මහාවීරා පරිසාසු විසාරදා
තථාගතා බලප්‌පත්‌තා තිණ්‌ණා ලෝකේ විසත්‌තිකන්‌ති.

“මහාවීර වූ තථාගතයන් වහන්සේලා තථාගත බලයට පැමිණිලා ලෝකයේ තෘෂ්ණාවෙන් එතෙර වෙලයි ඉන්නෙ. ඉතින් ඇත්තෙන්ම උන්වහන්සේලා පිරිස් මැද්දෙ විශාරදව සිංහනාද කරනවා තමයි.”

අථ ඛෝ මාරෝ පාපිමා ‘ජානාති මං භගවා ජානාති මං සුගතෝ’ති දුක්ඛී දුම්මනෝ තත්ථේවන්‌තරධායීති.

එතකොට පවිටු මාරයා ‘භාග්‍යවතුන් වහන්සේ මාව දැනගත්තා නෙව. සුගතයන් වහන්සේ මාව දැනගත්තා නෙව’ කියල දුක් වුනා. නොසතුටු වුනා. එතනම නොපෙනී ගියා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_4-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M