මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.
එදා පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.
“දරුවන් ඉන්න කෙනා ඒ දරුවො නිසාමයි සතුටු වෙන්නෙ. හරකබාන තියෙන කෙනා, ඒ නිසාමයි සතුටු වෙන්නෙ. කෙලෙස් කියල කියන්නෙ මිනිසුන්ට සතුට ඇතිකරල දෙන දේටයි. යමෙකුට කෙලෙස් නැත්නම් එයාට සතුටක් නෑ.”
(භාග්‍යවතුන් වහන්සේ) :
“දරුවන් ඉන්න කෙනා ඒ දරුවො නිසාම ශෝක වෙනවා. හරකබාන තියෙන කෙනා ඒ නිසාම ශෝක වෙනවා. කෙලෙස් කියල කියන්නෙ මිනිසුන්ට ශෝකය හදන දේටයි. යමෙකුට කෙලෙස් නැත්නම්, එයාට ශෝකයක් නෑ.”
එතකොට පවිටු මාරයා ‘භාග්‍යවතුන් වහන්සේ මාව දැනගත්තා නෙව. සුගතයන් වහන්සේ මාව දැනගත්තා නෙව’ කියල දුක් වුනා. අසතුටට පත් වුනා. එහිම නොපෙනී ගියා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_4-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M