ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර වේළුවනය නම් වූ කලන්දක නිවාපයේ.
එදා භාග්‍යවතුන් වහන්සේ රාත්‍රී බොහෝ වෙලාවක් එලිමහනේ සක්මන් කළා. රැය පහන් වෙනකොට සිරිපා සෝදාගෙන කුටියට වැඩියා. දකුණු ඇලයට හාන්සි වෙලා, දකුණු පය මත වම් පාදය ටිකක් මෑත්කරල තියාගෙන, අවදි වෙන වෙලාව සිහි කරගෙන, හොඳ සිහි නුවණින් සිංහ සෙය්‍යාවෙන් සැතපුනා.
ඒ වෙලාවේ පවිටු මාරයා භාග්‍යවතුන් වහන්සේ ලඟට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට ගාථාවක් පැවසුවා.
“හා! නිදාගන්නවා නේද? මොකද නිදාගන්නෙ? මොකද නිකන් මැරුණා වගේ ඉන්නෙ? මට පාළු කුටියක් හම්බවුනා කියලද නිදන්නෙ? ඉර උදාවෙනකම්ම නිදන්නද හිතන්නෙ?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“සසරේ බැඳුන දැල තමයි තණ්හාව. විසත්තිකා කියන්නෙත් තණ්හාවටමයි. අන්න ඒ තණ්හාව යම් කෙනෙක් තුළ කොයියම්ම ආකාරයෙන්වත් හටගන්නෙ නැත්නම්, ඒ සියලු කෙලෙස් නැතිකරල දාපු බුදුවරයන් වහන්සේ නමක් සැනසිල්ලේ සැතපෙන කොට, ඒයි මාරය, ඔබට ඇති අමාරුව මොකක්ද?”
ඒ මොහොතේ පවිටු මාරයා ‘භාග්‍යවතුන් වහන්සෙ මාව දැනගත්තා නෙව. සුගතයන් වහන්සේ මාව දැනගත්තා නෙව’ කියල දුක් වුනා. අසතුට පත්වුනා. එතනම නො පෙනී ගියා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_4-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M