සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

4.1.6. සප්ප සුත්තං

4.1.6. සර්පයා ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා රාජගහේ විහරති වේළුවනේ කලන්‌දකනිවාපේ. තේන ඛෝ පන සමයේන භගවා රත්‌තන්‌ධකාරතිමිසායං අජ්ඣෝකාසේ නිසින්නෝ හෝති. දේවෝ ච ඒකමේකං ඵුසායති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර වේළුවනය නම් වූ කලන්දක නිවාපයේ. එදා භාග්‍යවතුන් වහන්සේ රෑ ඝන අඳුරේ එළිමහනේ වැඩසිටියා. වැහි පොදත් එක දෙක වැටෙනවා.

අථ ඛෝ මාරෝ පාපිමා භගවතෝ භයං ඡම්‌භිතත්‌තං ලෝමහංසං උප්‌පාදේතුකාමෝ මහන්‌තං සප්‌පරාජවණ්‌ණං අභිනිම්‌මිනිත්‌වා යේන භගවා තේනුපසංකමි. සෙය්‍යථාපි නාම මහතී ඒකරුක්‌ඛිකා නාවා, ඒවමස්ස කායෝ හෝති. සෙය්‍යථාපි නාම මහන්‌තං සොණ්‌ඩිකාකිළඤ්‌ජං, ඒවමස්ස ඵණෝ හෝති. සෙය්‍යථාපි නාම මහතී කෝසලිකා කංසපාතී, ඒවමස්ස අක්‌ඛීනි භවන්‌ති. සෙය්‍යථාපි නාම දේවේ ගළගළායන්‌තේ විජ්‌ජුල්‌ලතා නිච්‌ඡරන්‌ති, ඒවමස්ස මුඛතෝ ජිව්‌හා නිච්‌ඡරති. සෙය්‍යථාපි නාම කම්‌මාරගග්‌ගරියා ධමමානාය සද්‌දෝ හෝති, ඒවමස්ස අස්‌සාසපස්‌සාසානං සද්‌දෝ හෝති.

එතකොට පවිටු මාරයාට මේ වගේ කැමැත්තක් ඇතිවුනා. ‘භාග්‍යවතුන් වහන්සේව භය කරවන්න ඕන. තැති ගන්වන්න ඕන. මවිල් කෙළින් කරවන්න ඕන’ කියල විශාල නාග රාජයෙකුගේ වේශයක් මවාගත්තා. භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. උගේ ඇඟ තනි ගස් කඳකින් හදාපු ඔරුවක් වගේ. උගේ පෙණය රා පෙරන විශාල පෙරහන්කඩයක් වගේ. උගේ ඇස් කොසොල් රටේ තියෙන විශාල පිඟන් වගේ. වැස්ස වහිනකොට විදුලි එළිය නික්මෙනවා. ඌ කටින් දිව එළියට දානකොට අන්න ඒ වගෙයි. කම්මලේ මයිනහම පිඹිනකොට මහා සද්දයක් එනවා. ඌ ආශ්වාස ප්‍රශ්වාස කරන කොට එන්නෙත් ඒ විදිහේ සද්දයක් තමයි.

අථ ඛෝ භගවා මාරෝ අයං පාපිමා ඉති විදිත්‌වා මාරං පාපිමන්‌තං ගාථාහි අජ්‌ඣභාසි.

ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ මේ ඉන්නේ ‘පාපී මාරයා’ කියල හඳුනගත්තා. පාපී මාරයාට ගාථාවලින් මෙහෙම වදාළා.

යෝ සුඤ්‌ඤගේහානි සේවති සෙය්‍යා ස මුනි අත්‌තසඤ්‌ඤතෝ
වොස්‌සජ්‌ජ චරෙය්‍ය තත්‌ථ සෝ පතිරූපං හි තථාවිධස්‌ස තං

“සමහර උදවිය පාළු කුටිවල ඉන්නවා. පාළු කුටිවල සැතපෙනවා. අන්න ඔහු මුනිවරයෙක්. තමාව සංවර කරගෙනයි ඉන්නෙ. ඔහු හැමදේකම ආශාව දුරුකරලයි ඉන්නෙ. එබඳු අයට පාළු තැන් කදිමයි.

චරකා බහූ භේරවා බහූ අථෝ ඩංසසිරිංසපා බහූ
ලෝමම්‌පි න තත්‌ථ ඉඤ්‌ජයේ සුඤ්‌ඤාගාරගතෝ මහාමුනි

භයානක වන සතුන් හරියට ඉන්නවා. බිහිසුණු අරමුණු ඕනතරම් තියෙනවා. ලේ බොන මැසිමදුරුවොත්, සර්පයොත් ඕනතරම් ඉන්නවා. නමුත් ඒ පාළු කුටියට වඩින මුනිවරයාගේ ලොම් ගසක්වත් සොලවන්න ඒ එක අරමුණකටවත් බෑ.

නභං ඵලෙය්‍ය පඨවී චලෙය්‍ය සබ්‌බේ ච පාණා උද සන්‌තසෙය්‍යුං
සල්‌ලම්‌පි චේ උරසි පකප්‌පයෙය්‍යුං උපධීසු තාණං න කරොන්‌ති බුද්‌ධාති.

ආකාසය පුපුරල ගියත්, පොළොව පුපුරා ගියත්, සකළ සත්ව ප්‍රජාවම භීතියෙන් වෙලී ගියත්, පපුවට තියුණු උල්වලින් ඇන්නත්, බුදුවරයන් වහන්සේලා කෙලෙස්වලින් රැකවරණයක් හොයන්නෙ නෑ.”

අථ ඛෝ මාරෝ පාපිමා ‘ජානාති මං භගවා ජානාති මං සුගතෝ’ති දුක්ඛී දුම්මනෝ තත්ථේවන්‌තරධායීති.

එතකොට පවිටු මාරයා ‘භාග්‍යවතුන් වහන්සේ මාව දැනගත්තා නෙව. සුගතයන් වහන්සේ මාව දැනගත්තා නෙව’ කියල දුක් වුනා. අසතුටට පත් වුනා. එතනම නොපෙනී ගියා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_4-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M