මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ බරණැස් නුවර ඉසිපතන නම් වූ මුව වනයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි”යි කියල භික්‍ෂුසංඝයා ඇමතුවා. ඒ භික්‍ෂුන් වහන්සේලාත්, “පින්වතුන් වහන්ස” කියල භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා.
ඒ වෙලාවෙදී භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. “පින්වත් මහණෙනි. නුවණින් සිහිකිරීම නිසාත්, නුවණින් වීරිය වැඩූ නිසාත්, මේ උත්තරීතර වූ විමුක්තියට පත්වෙන්න මට පුළුවන් වුනා. උත්තරීතර වූ විමුක්තිය අවබෝධ කරන්න පුළුවන් වුනා. ඒ නිසා, පින්වත් මහණෙනි, ඔබත් නුවණින් කල්පනා කරලා, නුවණින් වීරිය වඩලා, මේ උත්තරීතර වූ විමුක්තියට පත්වෙන්න ඕන. උත්තරීතර වූ විමුක්තිය අවබෝධ කරන්න ඕන.
ඒ වෙලාවේ පවිටු මාරයා භාග්‍යවතුන් වහන්සේ වෙත ආවා. ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“ශ්‍රමණය, ඔබ මාරයාගේ උගුලට අහුවෙල නේද ඉන්නෙ? දිව්‍ය වූ මාර බන්ධන තියෙනවා. මිනිස් ලෝකෙ මාර බන්ධන තියෙනවා. ඒ මාර බන්ධන වලින් බැඳිල ගිහින් නේද ඉන්නෙ? ශ්‍රමණය මගෙන් නම් ඔබට නිදහසක් ලැබෙන්නෙ නෑ.”
(භාග්‍යවතුන් වහන්සේ) :
“මම මාර උගුලෙන් නිදහස් වෙච්ච කෙනෙක්. දිව්‍ය වූ මාර බන්ධන තියෙනවා. මිනිස් ලොවත් මාර බන්ධන තියෙනවා. ඒ සියලු මාර බන්ධන වලින් නිදහස් වෙලයි ඉන්නෙ. ඒයි මාරය, මේ කරුණෙදී ඔබ පැරදුනා.”
එතකොට පවිටු මාරයා ‘භාග්‍යවතුන් වහන්සේ මාව දැනගත්තා නෙව. සුගතයන් වහන්සේ මාව දැනගත්තා නෙව’ කියල දුක් වුනා. අසතුටට පත් වුනා. එතනම නොපෙනී ගියා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_4-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M