සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

3.3.4. ඉස්සත්ථ සුත්තං

3.3.4. ඉස්සත්ථ සූත්‍රය

135. සාවත්ථියං….

135. සැවැත් නුවර ජේතවනාරාමයේදී ………………..

ඒකමන්තං නිසින්නෝ ඛෝ රාජා පසේනදි කෝසලෝ භගවන්‌තං ඒතදවෝච. කත්‌ථ නු ඛෝ භන්තේ දානං දාතබ්‌බන්‌ති? යත්‌ථ ඛෝ මහාරාජ චිත්‌තං පසීදතීති. කත්‌ථ පන භන්තේ දින්‌නං මහප්‌ඵලන්‌ති? අඤ්‌ඤං ඛෝ ඒතං මහාරාජ කත්‌ථ දානං දාතබ්‌බං. අඤ්‌ඤං පනේතං කත්‌ථ දින්‌නං මහප්‌ඵලන්‌ති. සීලවතෝ ඛෝ මහාරාජ දින්‌නං මහප්‌ඵලං නෝ තථා දුස්‌සීලේ. තේන හි මහාරාජ තඤ්‌ඤේවෙත්‌ථ පටිපුච්‌ඡිස්‌සාමි. යථා තේ ඛමෙය්‍ය තථා නං බ්‍යාකරෙය්‍යාසි.

එකත්පසක සිටි පසේනදී කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේ ගෙන් මෙහෙම ඇහුවා. “ස්වාමීනී, දන් දිය යුත්තෙ කාටද?”

“පින්වත් මහාරාජ, යමෙකු කෙරෙහි හිත පහදිනවා නම්, දන් දිය යුත්තේ ඔහුටයි.”

“ස්වාමීනී, කාට දුන්නු දානෙන්ද මහත්ඵල ලැබෙන්නෙ?”

“පින්වත් මහාරාජ, ‘දානෙ දෙන්නෙ කාටද’ කියන එක, එක ප්‍රශ්නයක්. ‘කාට දුන්නාමද මහත්ඵල ලැබෙන්නෙ’ කියන එක, තව ප්‍රශ්නයක්. පින්වත් මහාරාජ, සීලවන්තයෙකුට දෙන දානයයි මහත්ඵල වෙන්නෙ. දුස්සීලයාට දෙන දානය නම් නෙවෙයි. පින්වත් මහාරාජ, ඔය කාරණය මං ඔබෙන්ම විමසන්නම්. ඔබට වැටහෙන විදිහට උත්තර දෙන්න.

තං කිං මඤ්‌ඤසි මහාරාජ ඉධ ත්‍යාස්‌ස යුද්‌ධං පච්‌චුපට්‌ඨිතං සංගාමෝ සමුපබ්බූළ්හෝ, අථ ආගච්‌ඡෙය්‍ය ඛත්‌තියකුමාරෝ අසික්‌ඛිතෝ අකතහත්‌ථෝ අකතයොග්‌ගෝ අකතූපාසනෝ භීරුච්ඡම්‌භී උත්‍රාසී පලායී. භරෙය්‍යාසි තං පුරිසං? අත්‌ථෝ ච තේ තාදිසේන පුරිසේනාති? නාහං භන්තේ භරෙය්‍යං තං පුරිසං. න ච මේ අත්‌ථෝ තාදිසේන පුරිසේනාති. අථ ආගච්‌ඡෙය්‍ය බ්‍රාහ්‌මණකුමාරෝ අසික්‌ඛිතෝ ….(පෙ)…. අථ ආගච්‌ඡෙය්‍ය වෙස්‌සකුමාරෝ අසික්‌ඛිතෝ ….(පෙ)…. අථ ආගච්‌ඡෙය්‍ය සුද්‌දකුමාරෝ අසික්‌ඛිතෝ ….(පෙ)…. භරෙය්‍යාසි තං පුරිසං? අත්‌ථෝ ච ඛෝ තේ තාදිසේන පුරිසේනාති? නාහං භන්තේ භරෙය්‍යං තං පුරිසං. න ච මේ අත්ථෝ තාදිසේන පුරිසේනාති.

පින්වත් මහාරාජ, මේ ගැන ඔබ මොකක්ද හිතන්නෙ? ඔන්න ඔබට යුද්ධයක් කරන්න සිද්ධ වෙනවා. ඔන්න යුද සෙනඟ රැස් වෙනවා. එතකොට දුනු ශිල්පය පුහුණු නැති, අත්දැකීම් නැති, නුපුරුදු, ශිල්ප දක්වා නැති, බියගුළු වේව්ලන, තැති අරගෙන පලා යන රාජවංශික කුමාරයෙක් ආවොත්, එබඳු පුරුෂයාව ඔබ පෝෂණය කරනවාද? එබඳු කෙනෙකුගෙන් ඔබට ප්‍රයෝජනයක් තියෙනවාද?”

“නෑ. ස්වාමීනී, මං ඒ පුද්ගලයාව පෝෂණය කරන්නෙ නෑ. එබඳු පුද්ගලයෙකුගෙන් මට කිසි ප්‍රයෝජනයක් නෑ.”

“එතකොට දුනු ශිල්පය පුරුදු නැති බ්‍රාහ්මණ වංශික කුමාරයෙක් එනවා …. (පෙ) …. ඒ වගේම දුනු ශිල්පය පුරුදු නැති වෙළඳ කුලේ වංශික කුමාරයෙක් එනවා …. (පෙ) …. දුනු ශිල්පය පුරුදු නැති හීන කුලේ කුමාරයෙක් එනවා …. (පෙ) …. එතකොට ඔබ ඒ පුරුෂයාව ඔබ පෝෂණය කරනවාද? එබඳු කෙනෙකුගෙන් ඔබට ප්‍රයෝජනයක් තියෙනවාද?”

“නෑ. ස්වාමීනී, මං ඒ පුද්ගලයාව පෝෂණය කරන්නෙ නෑ. එබඳු පුද්ගලයෙකුගෙන් මට කිසි ප්‍රයෝජනයක් නෑ.”

තං කිං මඤ්‌ඤසි මහාරාජ ඉධ ත්‍යාස්‌ස යුද්‌ධං පච්‌චුපට්‌ඨිතං සංගාමෝ සමුපබ්බූළ්හෝ. අථ ආගච්‌ඡෙය්‍ය ඛත්‌තියකුමාරෝ සුසික්‌ඛිතෝ කතහත්‌ථෝ කතයොග්‌ගෝ කතූපාසනෝ අභීරු අච්‌ඡම්‌භී අනුත්‍රාසී අපලායී. භරෙය්‍යාසි තං පුරිසං? අත්‌ථෝ ච තේ තාදිසේන පුරිසේනාති? භරෙය්‍යාහං භන්තේ තං පුරිසං අත්‌ථෝ ච මේ තාදිසේන පුරිසේනාති.

පින්වත් මහාරාජ, මේ ගැන ඔබ මොකක්ද හිතන්නෙ? ඔන්න ඔබට යුද්ධයක් කරන්න සිද්ධ වෙනවා. ඔන්න යුද සෙනඟ රැස් වෙනවා. එතකොට දුනු ශිල්පය පුහුණු වුන රාජවංශික කුමාරයෙක් එනවා. ඔහුට අත්දැකීම් තියෙනවා. හොඳ පුරුද්දක් තියෙනවා. ශිල්ප දක්වල තියෙනවා. බියගුළු නෑ. වේව්ලන්නෙ නෑ. තැති අරගෙන්නෙ නෑ. පලා යන්නෙ නෑ. ඔබ ඒ පුරුෂයාව ඔබ පෝෂණය කරනවා ද? එබඳු කෙනෙකුගෙන් ඔබට ප්‍රයෝජනයක් තියෙනවාද?”

“ස්වාමීනී, මං ඒ පුද්ගලයාව පෝෂණය කරනවා. ඒ වගේ පුද්ගලයන් ගෙන් තමයි මට ප්‍රයෝජන වෙන්නෙ.”

අථ ආගච්‌ඡෙය්‍ය බ්‍රාහ්‌මණකුමාරෝ සුසික්ඛිතෝ ….(පෙ)…. වෙස්‌සකුමාරෝ සුසික්ඛිතෝ ….(පෙ)…. සුද්‌දකුමාරෝ සුසික්‌ඛිතෝ කතහත්‌ථෝ කතයොග්‌ගෝ කතූපාසනෝ අභීරු අච්‌ඡම්‌භී අනුත්‍රාසී අපලායී. භරෙය්‍යාසි තං පුරිසං? අත්‌ථෝ ච තේ තාදිසේන පුරිසේනාති? භරෙය්‍යාහං භන්තේ තං පුරිසං, අත්‌ථෝ ච මේ තාදිසේන පුරිසේනාති.

“ඒ වගේම දුනු ශිල්පයේ හොඳට පුහුණු වුන බ්‍රාහ්මණ වංශික කුමාරයෙක් ආවොත් …. (පෙ) …. දුනු ශිල්පයේ හොඳට පුහුණු වුන වෙළඳ කුලේ කුමාරයෙක් ආවොත් …. (පෙ) …. දුනු ශිල්පයේ හොඳට පුහුණු වුන හීන කුලේ කුමාරයෙක් ආවොත් …. (පෙ) …. ඔබ ඒ පුද්ගලයාව පෝෂණය කරනවාද? එබඳු කෙනෙකුගෙන් ඔබට ප්‍රයෝජනයක් තියෙනවාද?”

“ස්වාමීනී, මං ඒ පුද්ගලයාව පෝෂණය කරනවා. ඒ වගේ පුද්ගලයන් ගෙන් තමයි මට ප්‍රයෝජන වෙන්නෙ.”

ඒවමේව ඛෝ මහාරාජ යස්‌මා කස්‌මා චේපි කුලා අගාරස්‌මා අනගාරියං පබ්‌බජිතෝ හෝති. සෝ ච හෝති පඤ්‌චංගවිප්‌පහීනෝ පඤ්‌චංගසමන්‌නාගතෝ තස්‌මිං දින්‌නේ මහප්‌ඵලං හෝති. කතමානි පඤ්‌ච අංගානි පහීනානි හොන්‌ති? කාමච්‌ඡන්‌දෝ පහීනෝ හෝති බ්‍යාපාදෝ පහීනෝ හෝති ථීනමිද්‌ධං පහීනං හෝති උද්‌ධච්‌චකුක්‌කුච්‌චං පහීනං හෝති විචිකිච්‌ඡා පහීනා හෝති. ඉමානි පඤ්‌ච අං‌ගානි පහීනානි හොන්‌ති.

“පින්වත් මහාරාජ, ඔන්න ඔය විදිහමයි, කොයියම්ම කුලේකින් හරි, පින්වත් කෙනෙක් ගිහි ගෙදරින් නික්මිලා මේ ශාසනයේ මහණ වුනොත්, ඒ භික්ෂුව අංග පහකින් තොරව ඉන්නෙ, අංග පහකින් යුතුව නම් ඉන්නෙ, ඒ භික්ෂුවට දෙන දානෙ මහත්ඵල ලබා දෙනවා.

ඒ ප්‍රහාණය වෙලා ගිය අංග පහ මොනවාද? ප්‍රහීණ වුනේ කාමච්ඡන්දයයි. ප්‍රහීණ වුනේ ව්‍යාපාදයයි. ප්‍රහීණ වුනේ ථීනමිද්ධයයි. ප්‍රහීණ වුනේ උද්ධච්ච කුක්කුච්චයයි. ප්‍රහීණ වුනේ විචිකිච්ඡාවයි. මේ අංග පහ තමයි ප්‍රහීණ වෙලා ගියේ.

කතමේහි පඤ්‌චහංගේහි සමන්‌නාගතෝ හෝති? අසේඛේන සීලක්‌ඛන්‌ධේන සමන්‌නාගතෝ හෝති අසේ‌ඛේන සමාධික්‌ඛන්‌ධේන සමන්‌නාගතෝ හෝති අසේඛේන පඤ්‌ඤාක්‌ඛන්‌ධේන සමන්‌නාගතෝ හෝති අසේඛේන විමුත්‌තික්‌ඛන්‌ධේන සමන්‌නාගතෝ හෝති අසේඛේන විමුත්‌තිඤාණදස්‌සනක්‌ඛන්‌ධේන සමන්‌නාගතෝ හෝති. ඉමේහි පඤ්‌චහං‌ගේ හි සමන්‌නාගතෝ හෝති. ඉති පඤ්‌චං‌ගවිප්‌පහීනේ පඤ්‌චංගසමන්‌නාගතේ දින්‌නං මහප්‌ඵලන්‌ති. ඉදමවෝච භගවා. ඉදං වත්වා සුගතෝ අථාපරං ඒතදවෝච සත්ථා.

මොන අංග පහකින්ද සමන්විත වෙලා ඉන්නෙ? අසේඛ (එනම්, රහතන් වහන්සේට කියන නමකි) වූ සීල ස්කන්ධයෙන් සමන්විත වෙයි. අසේඛ වූ සමාධි ස්කන්ධයෙන් සමන්විත වෙයි. අසේඛ වූ ප්‍රඥා ස්කන්ධයෙන් සමන්විත වෙයි. අසේඛ වූ විමුක්ති ස්කන්ධයෙන් සමන්විත වෙයි. අසේඛ වූ විමුක්ති ඤාණදර්ශන ස්කන්ධයෙන් සමන්විත වෙයි. මේ අංග පහෙනුයි සමන්විත වෙන්නෙ. ඔය විදිහට අංග පහක් නැතිවෙලා, අංග පහකින් යුක්ත වෙලා සිටින කෙනෙකුට දෙන දානය මහත්ඵල වෙනවා.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළිත් මේ ගාථාවන්ද වදාළා.

ඉස්‌සත්‌ථං බලවිරියඤ්‌ච යස්‌මිං විජ්‌ජේථ මාණවේ
තං යුද්‌ධත්‌ථෝ භරේ රාජා නාසූරං ජාතිපච්‌චයා

“යම් තරුණයෙක් තුළ දුනු ශිල්පයේ කුසලතාවත්, කායික මානසික බල වීරියත් දකින්න ලැබෙනවා නම්, යුද්ධයේදී පිහිට පිණිස එබඳු අයවයි රජතුමා පෝෂණය කරන්නෙ. අදක්ෂ කෙනාව උපන් වංශය හේතු කරගෙන පෝෂණය කරන්නෙ නෑ.

තථේව ඛන්‌තිසෝරච්‌චං ධම්‌මා යස්‌මිං පතිට්‌ඨිතා
තමරියවුත්‌තිං මේධාවිං හීනජච්‌චම්‌පි පූජයේ

ඒ වගේම යම් කෙනෙකු තුළ ඉවසීමත්, කීකරුකමත්, උතුම් නිවනත්, පිහිටලා තියෙනවා නම්, ආර්ය තත්වයට පත් වූ ඒ ප්‍රඥාවන්ත කෙනා හීන කුලයක ඉපදුනත් ගෞරව ලබනවා.

කාරයේ අස්‌සමේ රම්‌මේ වාසයෙත්‌ථ බහුස්‌සුතේ
පපඤ්‌ච විවනේ කයිරා දුග්‌ගේ සංකමනානි ච

ඔහු උදෙසා සිත්කළු අසපු කරනවා. බහුශ්‍රැතයන් හට නවාතැන් දෙනවා. වතුර නැති වන සෙනසුන්වල පැන් පොකුණු කරවනවා. කඳු ගැටි සමතලා කරල සක්මන් මළු කරනවා.

අන්‌නං පානං ඛාදනීයං වත්‌ථසේනාසනානි ච
දදෙය්‍ය උජුභූතේසු විප්‌පසන්‌නේන චේතසා

දන් පැන්ද, කැවිලිද, සිවුරු පිරිකරද, ඉඳුම් හිටුම්ද, ඒ රහතුන් කෙරෙහි චිත්ත ප්‍රසාදයෙන් පූජා කරනවා.

යථා හි මේඝෝ ථනයං විජ්‌ජුමාලී සතක්‌කකු
ථලං නින්‌නඤ්‌ච පූරේති අභිවස්‌සං වසුන්‌ධරං

විදුලි එළි විහිදෙන සිය ගණන් වළාකුළු ඇති වැස්ස ගුගුරා ඇද හැලෙන්නෙ පොළොව තෙමාගෙන. වළ ගොඩැලි පුරවනවා වගෙයි.

තථේව සද්‌ධෝ සුතවා අභිසං‌ඛච්‌ච භෝජනං
වනිබ්‌බකේ තප්‌පයති අන්‌නපානේන පණ්‌ඩිතෝ
ආමෝදමානෝ පකිරේති දේථ දේථාති භාසති

ඒ වගේමයි ශ්‍රද්ධාවන්ත, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඤාණවන්තයි. ඔහු භෝජන පිළියෙල කරල ඒ ආහාරපානවලින් ඉල්ලාගෙන එන අය සතුටු කරවනවා. සතුටු වෙවී දානෙ දෙන්නෙ විසුරෝනවා වගෙයි. හැමෝටම ‘දන් දෙන්න, දන් දෙන්න’ කියල කියනවා.

තං හිස්‌ස ගජ්‌ජිතං හෝති දේවස්‌සේව පවස්‌සතෝ
සා පුඤ්‌ඤධාරා විපුලා දාතාරං අභිවස්‌සතීති

වැස්ස වහිනකොට අහස ගුගුරනවා වගෙයි දානය සඳහා ඔහුගේ හඬ නැගීම. ඒ පුණ්‍ය ධාරාව දන් දෙන කෙනාව හොඳ හැටියට තෙමාගෙන යනවා.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_3-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M