සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

3.3.3. ලෝක සුත්තං

3.3.3. ලෝක සූත්‍රය

134. සාවත්ථියං….

134. සැවැත් නුවර ජේතවනාරාමයේදී ………………..

ඒකමන්තං නිසින්නෝ ඛෝ රාජා පසේනදි කෝසලෝ භගවන්‌තං ඒතදවෝච. කති නු ඛෝ භන්තේ ලෝකස්‌ස ධම්‌මා උප්‌පජ්‌ජමානා උප්‌පජ්‌ජන්‌ති අහිතාය දුක්‌ඛාය අඵාසුවිහාරායාති? තයෝ ඛෝ මහාරාජ ලෝකස්‌ස ධම්‌මා උප්‌පජ්‌ජමානා උප්‌පජ්‌ජන්‌ති අහිතාය දුක්‌ඛාය අඵාසුවිහාරාය. කතමේ තයෝ? ලෝභෝ ඛෝ මහාරාජ ලෝකස්‌ස ධම්‌මෝ උප්‌පජ්‌ජමානෝ උප්‌පජ්‌ජති අහිතාය දුක්‌ඛාය අඵාසුවිහාරාය. දෝසෝ ඛෝ මහාරාජ ලෝකස්‌ස ධම්‌මෝ උප්‌පජ්‌ජමානෝ උප්‌පජ්‌ජති අහිතාය දුක්‌ඛාය අඵාසුවිහාරාය. මෝහෝ ඛෝ මහාරාජ ලෝකස්‌ස ධම්‌මෝ උප්‌පජ්‌ජමානෝ උප්‌පජ්‌ජති අහිතාය දුක්‌ඛාය අඵාසුවිහාරාය. ඉමේ ඛෝ මහාරාජ තයෝ ලෝකස්‌ස ධම්‌මා උප්‌පජ්‌ජමානා උප්‌පජ්‌ජන්‌ති අහිතාය දුක්‌ඛාය අඵාසුවිහාරායාති.

එකත්පසක සිටි පසේනදී කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේ ගෙන් මෙහෙම ඇහුවා. “ස්වාමීනී, ලෝක සත්වයාට අහිත පිණිස, දුක පිණිස, කරදරය පිණිස උපදිනවා නම්, උපදින්න තියෙන්නෙ කරුණු කීයක්ද?”

“පින්වත් මහාරාජ, ලෝක සත්වයාට අහිත පිණිස, දුක පිණිස, කරදරය පිණිස උපදිනවා නම් උපදින්න තියෙන්නෙ කරුණු තුනයි. ඒ කරුණු තුන මොනවාද? පින්වත් මහාරාජ, ලෝක සත්වයාට අහිත පිණිස, දුක පිණිස, කරදරය පිණිස උපදිනවා නම් උපදින්න තියෙන්නෙ ලෝභයයි. පින්වත් මහාරාජ, ලෝක සත්වයාට අහිත පිණිස, දුක පිණිස, කරදරය පිණිස උපදිනවා නම් උපදින්න තියෙන්නෙ ද්වේෂයයි. පින්වත් මහාරාජ, ලෝක සත්වයාට අහිත පිණිස, දුක පිණිස, කරදරය පිණිස උපදිනවා නම් උපදින්න තියෙන්නෙ මෝහයයි. පින්වත් මහාරාජ, ලෝක සත්වයාට අහිත පිණිස, දුක පිණිස, කරදරය පිණිස උපදිනවා නම් උපදින්න තියෙන්නෙ මේ කරුණු තුන තමයි.

ලෝභෝ දෝසෝ ච මෝහෝ ච පුරිසං පාපචේතසා
හිංසන්‌ති අත්‌තසම්‌භූතා තචසාරංව සම්‌ඵලන්‌ති.

ලෝභයත්, ද්වේෂයත්, මෝහයත් තමා තුළ හටගන්නා පව් සිතුවිලිත් පුද්ගලයාව පෙළා දමනවා. පොත්තම හරය කරගත්ත ගහක හටගන්න ගෙඩි ඒ ගහ වනසනවා වගෙයි.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_3-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M