සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

3.3.2. අය්‍යකා සුත්තං

3.3.2. අය්‍යකා සූත්‍රය

133. සාවත්ථියං…

133. සැවැත් නුවර ජේතවනාරාමයේදී ………………..

අථ ඛෝ රාජා පසේනදි කෝසලෝ දිවාදිවස්ස යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්‌නං ඛෝ රාජානං පසේනදිං කෝසලං භගවා ඒතදවෝච. හන්‌ද කුතෝ නු ත්‌වං මහාරාජ ආගච්‌ඡසි දිවාදිවස්‌සාති?

එදා පසේනදී කොසොල් රජතුමා මහ දවාලෙ භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන පසේනදී කොසොල් රජතුමාගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙහෙම ඇහුවා.

“පින්වත් මහාරාජ, මේ මහා දවාලෙ ඔබ කොහේ ඉඳන් එන ගමන්ද?”

අය්‍යකා මේ භන්තේ කාලකතා ජිණ්‌ණා වුද්ධා මහල්‌ලිකා අද්‌ධගතා වයෝඅනුප්‌පත්‌තා වීසංවස්‌සසතිකා ජාතියා. අය්‍යකා ඛෝ පන මේ භන්තේ පියා අහෝසි මනාපා. හත්‌ථිරතනේන චේපහං භන්තේ ලභෙය්‍යං මා මේ අය්‍යකා කාලමකාසීති, හත්‌ථිරතනම්‌පහං දදෙය්‍යං මා මේ අය්‍යකා කාලමකාසීති, අස්‌සරතනේන චේපහං භන්තේ ලභෙය්‍යං, මා මේ අය්‍යකා කාලමකාසීති. අස්‌සරතනම්‌පහං දදෙය්‍යං මා මේ අය්‍යකා කාලමකාසීති. ගාමවරේන චේපහං භන්තේ ලභෙය්‍යං මා මේ අය්‍යකා කාලමකාසීති, ගාමවරම්‌පහං දදෙය්‍යං මා මේ අය්‍යකා කාලමකාසීති. ජනපදේන චේපහං භන්තේ ලභෙය්‍යං මා මේ අය්‍යකා කාලමකාසීති, ජනපදම්‌පහං දදෙය්‍යං මා මේ අය්‍යකා කාලමකාසීති. සබ්‌බේ සත්‌තා මහාරාජ මරණධම්‌මා මරණපරියෝසානා මරණං අනතීතාති. අච්‌ඡරියං භන්තේ අබ්භුතං භන්තේ යාවසුභාසිතමිදං භන්තේ භගවතා සබ්‌බේ සත්‌තා මරණධම්‌මා මරණපරියෝසානා මරණං අනතීතාති.

“ස්වාමීනී, මගේ ආච්චි අම්මා කළුරිය කළා. ඈ ගොඩක් වයසයි. මහළුයි. පිළිවෙලින් අන්තිම වයසටත් ආවා. උපතින් අවුරුදු එකසිය විස්සක් හිටියා. ස්වාමීනී, ඔය ආච්චි අම්මා මට හරිම ප්‍රියමනාපයි. ඉතින් ස්වාමීනී, මගේ ආච්චි අම්මා කළුරිය කරන්න එපා කියල වටිනා හස්තියෙකුට ගනුදෙනු කරන්න පුළුවන් නම්, මං වටිනා හස්තියෙක් වුනත් දෙන්න කැමතියි. ඒ වගේම ස්වාමීනී, ඔය මගේ ආච්චි අම්මා කළුරිය කරන්න එපා කියල වටිනා අශ්වයෙක් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් නම්, මං වටිනා අශ්වයෙක් වුනත් දෙන්න කැමතියි. ඒ වගේම ස්වාමීනී, ඔය මගේ ආච්චි අම්මා කළුරිය කරන්න එපා කියල වටිනා ගම්වරයක් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් නම්, මං වටිනා ගම්වරයක් වුනත් දෙන්න කැමතියි. ඒ වගේම ස්වාමීනී, ඔය මගේ ආච්චි අම්මා කළුරිය කරන්න එපා කියල වටිනා ජනපදයක් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් නම්, මං ජනපදයක් වුනත් දෙන්න කැමතියි.”

“පින්වත් මහාරාජ, හැම සත්වයෙක්ම මරණය උරුම කරගෙනයි ඉන්නෙ. මරණයෙන් අවසන් වෙනවා. මරණය ඉක්මවා ගිහිල්ලා නෑ.”

“ස්වාමීනී, ආශ්චර්යයයි! ස්වාමීනී, අද්භූතයි! ස්වාමීනී, ඒක කොයිතරම් ඇත්තක්ද. දැන් භාග්‍යවතුන් වහන්සේ වදාළේ ‘හැම සත්වයෙක්ම මරණය උරුම කරගෙනයි ඉන්නෙ. මරණයෙන් අවසන් වෙනවා. මරණය ඉක්මවා ගිහිල්ලා නෑ’ කියලා.”

ඒවමේතං මහාරාජ, ඒවමේතං මහාරාජ, සබ්‌බේ සත්‌තා මරණධම්‌මා මරණපරියෝසානා මරණං අනතීතා’ති. සෙය්‍යථාපි මහාරාජ යානි කානිචි කුම්‌භකාරභාජනානි ආමකානි චේව පක්‌කානි ච, සබ්‌බානි තානි භේදනධම්‌මානි භේදනපරියෝසානානි භේදනං අනතීතානි. ඒවමේව ඛෝ මහාරාජ සබ්‌බේ සත්‌තා මරණධම්‌මා මරණපරියෝසානා මරණං අනතීතාති.

“පින්වත් මහාරාජ, ඒක එහෙමම තමයි. පින්වත් මහාරාජ, ඒක එහෙමම තමයි. පින්වත් මහාරාජ, හැම සත්වයෙක්ම මරණය උරුම කරගෙනයි ඉන්නෙ. මරණයෙන් අවසන් වෙනවා. මරණය ඉක්මවා ගිහිල්ලා නෑ. පින්වත් මහාරාජ, ඒක මේ වගේ දෙයක්. පුච්චපු මැටි භාජනත් තියෙනවා. අමු මැටි භාජනත් තියෙනවා. ඒ හැම මැටි භාජනයක්ම බිඳීම උරුම කරගෙන තියෙන්නෙ. බිඳීමෙන් අවසන් වෙන, බිඳෙන ස්වභාවය ඉක්මවා ගිහිල්ලා නෑ. පින්වත් මහාරාජ, ඒ විදිහම තමයි. හැම සත්වයෙක්ම මරණය උරුම කරගෙනයි ඉන්නෙ. මරණයෙන් අවසන් වෙනවා. මරණය ඉක්මවා ගිහිල්ලා නෑ.

සබ්‌බේ සත්‌තා මරිස්‌සන්‌ති මරණන්‌තං හි ජීවිතං
යථාකම්‌මං ගමිස්‌සන්‌ති පුඤ්‌ඤපාපඵලූපගා
නිරයං පාපකම්‌මන්‌තා පුඤ්‌ඤකම්‌මා ච සුග්‌ගතිං

හැම සත්වයෙක්ම මැරිල යනවා. ජීවිතේ කෙළවර මරණයයි. පින් පව්වල විපාක අරගෙන, කර්මානුරූපව ගමනෙ යනවා. පව් කළ උදවිය නිරයේ යනවා. පින් කළ උදවිය සුගතියේ යනවා.

තස්‌මා කරෙය්‍ය කල්‍යාණං නිචයං සම්‌පරායිකං
පුඤ්‌ඤානි පරලෝකස්‌මිං පතිට්‌ඨා හොන්‌ති පාණිනන්ති.

ඒ නිසා පරලොව යහපත ලැබෙනතුරු හොඳ දේවල්මයි කරන්න ඕන. පරලොව යන සත්වයන්ට පිහිට වෙන්නෙ පින විතරයි.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_3-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M