සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

3.3.1. පුග්ගල සුත්තං

3.3.1. පුග්ගල සූත්‍රය

132. සාවත්ථියං…

132. සැවැත් නුවර ජේතවනාරාමයේදී ………………..

අථ ඛෝ රාජා පසේනදි කෝසලෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්‌නං ඛෝ රාජානං පසේනදිකෝසලං භගවා ඒතදවෝච. චත්‌තාරෝ මේ මහාරාජ පුග්‌ගලා සන්‌තෝ සංවිජ්‌ජමානා ලෝකස්‌මිං. කතමේ චත්‌තාරෝ? තමෝතමපරායණෝ තමෝජෝතිපරායණෝ ජෝතිතමපරායණෝ ජෝතිජෝතිපරායණෝ’ති.

එදා පසේනදී කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන පසේනදී කොසොල් රජතුමාට භාග්‍යවතුන් වහන්සේ මෙහෙම වදාළා.

“පින්වත් මහාරාජ, මේ ලෝකෙ පුද්ගලයන් හතර දෙනෙක් දකින්න ලැබෙනවා. ඒ හතර දෙනා කවුද? අඳුරෙන් අඳුරට යන කෙනා. අඳුරෙන් එළියට යන කෙනා. එළියෙන් අඳුරට යන කෙනා. එළියෙන් එළියට යන කෙනායි.

කථඤ්‌ච මහාරාජ, පුග්‌ගලෝ තමෝතමපරායණෝ හෝති? ඉධ මහාරාජ ඒකච්‌චෝ පුග්‌ගලෝ නීචේ කුලේ පච්‌චාජාතෝ හෝති චණ්‌ඩාලකුලේ වා වේණකුලේ වා නේසාදකුලේ වා රථකාරකුලේ වා පුක්‌කුසකුලේ වා දළිද්‌දේ අප්‌පන්‌නපානභෝජනේ කසිරවුත්‌තිකේ යත්‌ථ කසිරේන ඝාසච්‌ඡාදෝ ලබ්‌භති. සෝ ච හෝති දුබ්‌බණ්‌ණෝ දුද්‌දසිකෝ ඕකෝටිමකෝ බව්‌හාබාධෝ, කාණෝ වා හෝති කුණී වා ඛඤ්‌ජෝ වා පක්‌ඛහතෝ වා න ලාභී අන්‌නස්‌ස පානස්‌ස වත්‌ථස්‌ස යානස්‌ස මාලාගන්‌ධවිලේපනස්‌ස සෙය්‍යාවසථපදීපෙය්‍යස්‌ස. සෝ කායේන දුච්‌චරිතං චරති. වාචාය දුච්‌චරිතං චරති. මනසා දුච්‌චරිතං චරති. සෝ කායේන දුච්‌චරිතං චරිත්‌වා වාචාය දුච්‌චරිතං චරිත්‌වා මනසා දුච්‌චරිතං චරිත්‌වා කායස්‌ස භේදා පරං මරණා අපායං දුග්‌ගතිං විනිපාතං නිරයං උපපජ්‌ජති.

පින්වත් මහාරාජ, පුද්ගලයෙක් අඳුරෙන් අඳුරට යන්නෙ කොහොමද? පින්වත් මහාරාජ, මේ ලෝකෙ ඇතැම් කෙනෙක් ඉන්නවා හීන කුලයක ඉපදිලා. සැඩොල් කුලයක ඉපදිලා. කුළුපොතු කුලයක ඉපදිලා. වැදි කුලයක ඉපදිලා. රථකාර කුලයක ඉපදිලා. වැසිකිළි කැසිකිළි හෝදන කුලයක ඉපදිලා. දිළිඳු වෙලා. කෑම් බීම් ආදිය අමාරුවෙන් තමයි ලැබෙන්නෙ. දුකසේ තමයි ජීවත්වෙන්නට තියෙන්නෙ. ඒ වගේම ඔහු විරූපියි, කුදුයි, නිතරම ලෙඩ දුක්. එක්කො කණෙක්. එක්කො කොරෙක්. එක්කො මාන්දම් රෝගියෙක්. හරිහමන් කෑමක් බීමක් නෑ. ඇඳුමක් නෑ. ගමන් බිමන් යන්න වාහනයක් නෑ. මල්, සුවඳ විලවුන් මොකවත් නෑ. ඉන්න තැනක් නෑ. කුප්පි ලාම්පුවක්වත් නෑ. එහෙම ඉඳගෙනත් ඒ පුද්ගලයා කයෙන් වැරදි කරනවා. වචනයෙන් වැරදි කරනවා. සිතෙන් වැරදි කරනවා. ඉතින් ඒ පුද්ගලයා කයෙන් වැරදි කරලා, වචනයෙන් වැරදි කරලා, සිතින් වැරදි කරලා, කය බිඳිලා මළාට පස්සේ අපාය, දුගතිය විනිපාත නම් වූ නිරයේ උපදිනවා.

සෙය්‍යථාපි මහාරාජ පුරිසෝ අන්‌ධකාරා වා අන්‌ධකාරං ගච්‌ඡෙය්‍ය, තමා වා තමං ගච්‌ඡෙය්‍ය ලෝහිතමලා වා ලෝහිතමලං ගච්‌ඡෙය්‍ය. තථූපමාහං මහාරාජ ඉමං පුග්‌ගලං වදාමි. ඒවං ඛෝ මහාරාජ පුග්‌ගලෝ තමෝතමපරායනෝ හෝති.

පින්වත් මහාරාජ, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් ඉන්නවා. අන්ධකාරයෙන් අන්ධකාරයට යනවා. කළුවරෙන් කළුවරටම යනවා. දරුණු කමින් දරුණුකමටම යනවා. පින්වත් මහාරාජ, මේ පුද්ගලයාට කියන්න තියෙන්නෙ ඔය උපමාව තමයි. පින්වත් මහාරාජ, ඔය විදිහටයි පුද්ගලයෙක් අඳුරෙන් අඳුරට යන්නෙ.

කථඤ්‌ච මහාරාජ පුග්‌ගලෝ තමෝජෝතිපරායණෝ හෝති? ඉධ මහාරාජ ඒකච්චෝ පුග්‌ගලෝ නීචේ කුලේ පච්‌චාජාතෝ හෝති, චණ්‌ඩාලකුලේ වා වේණකුලේ වා නේසාදකුලේ වා රථකාරකුලේ වා පුක්‌කුසකුලේ වා දළිද්‌දේ අප්‌පන්‌නපානභෝජනේ කසිරවුත්‌තිකේ යත්‌ථ කසිරේන ඝාසච්‌ඡාදෝ ලබ්‌භති. සෝ ච හෝති දුබ්‌බණ්‌ණෝ දුද්‌දසිකෝ ඕකෝටිමකෝ බව්‌හාබාධෝ කාණෝ වා කුණී වා ඛඤ්‌ජෝ වා පක්‌ඛහතෝ වා න ලාභී අන්‌නස්‌ස පානස්‌ස වත්‌ථස්‌ස යානස්‌ස මාලාගන්‌ධවිලේපනස්‌ස සෙය්‍යාවසථපදීපෙය්‍යස්‌ස. සෝ කායේන සුචරිතං චරති. වාචාය සුචරිතං චරති. මනසා සුචරිතං චරති. සෝ කායේන සුචරිතං චරිත්‌වා වාචාය සුචරිතං චරිත්‌වා මනසා සුචරිතං චරිත්‌වා කායස්‌ස භේදා පරං මරණා සුගතිං සග්‌ගං ලෝකං උපපජ්‌ජති.

පින්වත් මහාරාජ, පුද්ගලයෙක් අඳුරෙන් එළියට යන්නෙ කොහොමද? පින්වත් මහාරාජ, මේ ලෝකෙ ඇතැම් කෙනෙක් ඉන්නවා, හීන කුලයක ඉපදිලා. සැඩොල් කුලයක ඉපදිලා. කුළුපොතු කුලයක ඉපදිලා. වැදි කුලයක ඉපදිලා. රථකාර කුලයක ඉපදිලා. වැසිකිළි කැසිකිළි හෝදන කුලයක ඉපදිලා. දිළිඳු වෙලා. කෑම් බීම් ආදිය අමාරුවෙන් තමයි ලැබෙන්නෙ. දුකසේ තමයි ජීවත්වෙන්නට තියෙන්නෙ. ඒ වගේම ඔහු විරූපියි, කුදුයි, නිතරම ලෙඩ දුක්. එක්කො කණෙක්. එක්කො කොරෙක්. එක්කො මාන්දම් රෝගියෙක්. හරිහමන් කෑමක් බීමක් නෑ. ඇඳුමක් නෑ. ගමන් බිමන් යන්න වාහනයක් නෑ. මල්, සුවඳ විලවුන් මොකවත් නෑ. ඉන්න තැනක් නෑ. කුප්පි ලාම්පුවක්වත් නෑ. නමුත් ඒ පුද්ගලයා කයින් යහපත් දේ කරනවා. වචනයෙන් යහපත් දේ කරනවා. මනසින් යහපත් දේ කරනවා. ඒ පුද්ගලයා කයින් යහපත් දේ කරලා, වචනයෙන් යහපත් දේ කරලා, මනසින් යහපත් දේ කරලා, කය බිඳිල මැරුණට පස්සේ සුගතිය කියන ස්වර්ග ලෝකයේ උපදිනවා.

සෙය්‍යථාපි මහාරාජ පුරිසෝ පඨවියා වා පල්‌ලංකං ආරෝහෙය්‍ය පල්‌ලංකා වා අස්‌සපිට්‌ඨිං ආරෝහෙය්‍ය අස්‌සපිට්‌ඨියා වා හත්‌ථික්‌ඛන්‌ධං ආරෝහෙය්‍ය හත්‌ථික්‌ඛන්‌ධා වා පාසාදං ආරෝහෙය්‍ය. තථූපමාහං මහාරාජ ඉමං පුග්‌ගලං වදාමි. ඒවං ඛෝ මහාරාජ පුග්‌ගලෝ තමෝජෝතිපරායණෝ හෝති.

පින්වත් මහාරාජ, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් බිම ඉඳලා පුටුවකට නඟිනවා. ඒ පුටුවෙන් අශ්වයෙකුගේ පිටට නගිනවා. එහෙම නැත්නම්, ඒ අසු පිටින් ඇතෙකුගේ පිටට නගිනවා. එක්කො ඒ ඇතාගේ පිටින් මාලිගාවකට නගිනවා. පින්වත් මහාරාජ, මේ පුද්ගලයා ගැන එය උපමාව තමයි කරන්න තියෙන්නෙ. පින්වත් මහාරාජ, ඔය විදිහටයි පුද්ගලයෙක් අඳුරින් එළියට යන්නෙ.

කථඤ්‌ච මහාරාජ පුග්‌ගලෝ ජෝතිතමපරායණෝ හෝති? ඉධ මහාරාජ ඒකච්‌චෝ පුග්‌ගලෝ උච්‌චේ කුලේ පච්‌චාජාතෝ හෝති ඛත්‌තියමහාසාලකුලේ වා බ්‍රාහ්‌මණමහාසාලකුලේ වා ගහපතිමහාසාලකුලේ වා අඩ්‌ඪේ මහද්‌ධනේ මහාභෝගේ පහූතජාතරූපරජතේ පහූතවිත්‌තූපකරණේ පහූතධනධඤ්‌ඤේ. සෝ ච හෝති අභිරූපෝ දස්‌සනීයෝ පාසාදිකෝ පරමාය වණ්‌ණපොක්‌ඛරතාය සමන්‌නාගතෝ ලාභී අන්‌නස්‌ස පානස්‌ස වත්‌ථස්‌ස යානස්‌ස මාලාගන්‌ධවිලේපනස්‌ස සෙය්‍යාවසථපදීපෙය්‍යස්‌ස. සෝ කායේන දුච්‌චරිතං චරති වාචාය දුච්‌චරිතං චරති මනසා දුච්‌චරිතං චරති. සෝ කායේන දුච්‌චරිතං චරිත්‌වා වාචාය දුච්‌චරිතං චරිත්‌වා මනසා දුච්‌චරිතං චරිත්‌වා කායස්‌ස භේදා පරං මරණා අපායං දුග්‌ගතිං විනිපාතං නිරයං උපපජ්‌ජති.

පින්වත් මහාරාජ, පුද්ගලයෙක් එළියෙන් අඳුරට යන්නෙ කොහොමද? පින්වත් මහාරාජ, මේ ලෝකෙ ඇතැම් පුද්ගලයෙක් ඉන්නවා උසස් කුලයක උපදිනවා. සම්භාවනීය ගෘහපති කුලයෙ හරි උපදිනවා. මහා ධනවත්, මහා සම්පත් තියෙන, ඕනතරම් රන් රිදී තියෙන, ඕනතරම් දේපළ වස්තුව තියෙන, ඕනතරම් ධන ධාන්‍ය තියෙන පවුලක උපදිනවා. ඒ වගේම ඔහුට ලස්සන රූපයකුත් තියෙනවා. ඕන කෙනෙක් පහදිනවා. බොහොම හැඩ රුව තියෙනවා. කෑම බීම, ඇඳුම් පැළඳුම්, යාන වාහන, මල්, සුවඳ විලවුන්, ඉඳුම් හිටුම්, තෙල් පහන් ආදී හැමදේම තියෙනවා. නමුත් ඔහු කයින් වැරදි කරනවා. වචනයෙන් වැරදි කරනවා. මනසින් වැරදි කරනවා. කයින් වැරදි කරලා, වචනයෙන් වැරදි කරලා, සිතින් වැරදි කරලා, කය බිඳිලා මැරුණට පස්සේ අපාය, දුගතිය, විනිපාත කියන නරකාදියෙ උපදිනවා.

සෙය්‍යථාපි මහාරාජ පුරිසෝ පාසාදා වා හත්‌ථික්‌ඛන්‌ධං ඕරෝහෙය්‍ය, හත්‌ථික්‌ඛන්‌ධා වා අස්‌සපිට්‌ඨිං ඕරෝහෙය්‍ය, අස්‌සපිට්‌ඨියා වා පල්‌ලං‌කං ඕරෝහෙය්‍ය, පල්‌ලංකා වා පඨවිං ඕරෝහෙය්‍ය, පඨවියා වා අන්‌ධකාරං පවිසෙය්‍ය, තථූපමාහං මහාරාජ ඉමං පුග්‌ගලං වදාමි. ඒවං ඛෝ මහාරාජ පුග්‌ගලෝ ජෝතිතමපරායණෝ හෝති.

පින්වත් මහාරාජ, ඕක මේ වගේ දෙයක්. පුරුෂයෙක් මාලිගාවකින් ඇතෙකුගේ පිටට බහිනවා. ඒ ඇතාගේ පිටින් අශ්වයෙකුගේ පිටට බහිනවා. ඒ අශ්වයාගේ පිටින් පුටුවට බහිනවා. පුටුවෙන් බිමට බහිනවා. බිම ඉඳල අඳුරට යනවා වගේ. පින්වත් මහාරාජ, මේ පුද්ගලයා ගැන කියන්න තියෙන්නෙ ඔය උපමාව තමයි. පින්වත් මහාරාජ, ඔය විදිහටයි කෙනෙක් එළියෙන් අඳුරට යන්නේ.

කථඤ්‌ච මහාරාජ පුග්‌ගලෝ ජෝතිජෝතිපරායණෝ හෝති? ඉධ මහාරාජ ඒකච්‌චෝ පුග්‌ගලෝ උච්‌චේ කුලේ පච්‌චාජාතෝ හෝති ඛත්‌තියමහාසාලකුලේ වා බ්‍රාහ්‌මණමහාසාලකුලේ වා ගහපතිමහාසාලකුලේ වා අඩ්‌ඪේ මහද්‌ධනේ මහාභෝගේ පහූතජාතරූපරජතේ පහූතවිත්‌තූපකරණේ පහූතධනධඤ්‌ඤේ. සෝ ච හෝති අභිරූපෝ දස්‌සනීයෝ පාසාදිකෝ පරමාය වණ්‌ණපොක්‌ඛරතාය සමන්‌නාගතෝ ලාභී අන්‌නස්‌ස පානස්‌ස වත්‌ථස්‌ස යානස්‌ස මාලාගන්‌ධවිලේපනස්‌ස සෙය්‍යාවසථපදීපෙය්‍යස්‌ස. සෝ කායේන සුචරිතං චරති වාචාය සුචරිතං චරති මනසා සුචරිතං චරති. සෝ කායේන සුචරිතං චරිත්‌වා වාචාය සුචරිතං චරිත්‌වා මනසා සුචරිතං චරිත්‌වා කායස්‌ස භේදා පරං මරණා සුගතිං සග්‌ගං ලෝකං උපපජ්‌ජති.

පින්වත් මහාරාජ, පුද්ගලයෙක් ආලෝකයෙන් ආලෝකයට යන්නෙ කොහොමද? පින්වත් මහාරාජ, මේ ලෝකයේ ඇතැම් පුද්ගලයෙක් ඉන්නවා උසස් කුලයක උපදිනවා. සම්භාවනීය ගෘහපති කුලයේ හරි උපදිනවා. මහා ධනවත්, මහා සම්පත් තියෙන, ඕනතරම් රන් රිදී තියෙන, ඕනතරම් දේපළ වස්තුව තියෙන, ඕනතරම් ධන ධාන්‍ය තියෙන පවුලක උපදිනවා. ඒ වගේම ඔහුට ලස්සන රූපයකුත් තියෙනවා. ඕන කෙනෙක් පහදිනවා. බොහොම හැඩ රුව තියෙනවා. කෑම බීම, ඇඳුම් පැළඳුම්, යාන වාහන, මල්, සුවඳ විලවුන්, ඉඳුම් හිටුම්, තෙල් පහන් ආදී හැමදේම තියෙනවා. ඒ වගේම ඔහු කයින් යහපත් දේ කරනවා, වචනයෙන් යහපත් දේ කරනවා, මනසින් යහපත් දේ කරනවා. ඉතින් ඔහු කයින් යහපත් දේ කරලා, වචනයෙන් යහපත් දේ කරලා, මනසින් යහපත් දේ කරලා, කය බිඳිල මැරුණට පස්සේ සුගතිය කියන ස්වර්ග ලෝකයේ උපදිනවා.

සෙය්‍යථාපි මහාරාජ පුරිසෝ පල්‌ලංකා වා පල්‌ලංකං සංකමෙය්‍ය, අස්‌සපිට්‌ඨියා වා අස්‌සපිට්‌ඨිං සංකමෙය්‍ය, හත්‌ථික්‌ඛන්‌ධා වා හත්‌ථික්‌ඛන්‌ධං සංකමෙය්‍ය, පාසාදා වා පාසාදං සංකමෙය්‍ය, තථූපමාහං මහාරාජ ඉමං පුග්‌ගලං වදාමි. ඒවං ඛෝ මහාරාජ පුග්‌ගලෝ ජෝතිජෝතිපරායණෝ හෝති. ඉමේ ඛෝ මහාරාජ චත්‌තාරෝ පුග්‌ගලා සන්‌තෝ සංවිජ්‌ජමානා ලෝකස්‌මිං.

පින්වත් මහාරාජ, ඒක මේ වගේ දෙයක්. පුටුවකින් පුටුවකට යනවා වගේ, අසු පිටින් අසු පිටට යනවා වගේ. ඇතු පිටින් ඇතු පිටට යනවා වගේ. මාළිගාවකින් මාළිගාවකට යනවා වගේ. පින්වත් මහාරාජ, මේ පුද්ගලයා ගැන ඔය උපමාව තමයි කරන්න තියෙන්නේ. පින්වත් මහාරාජ, ඔය විදිහටයි පුද්ගලයෙක් ආලෝකයෙන් ආලෝකයට යන්නෙ.

පින්වත් මහාරාජ, මේ පුද්ගලයන් හතර දෙනාම ලෝකයේ දකින්න ලැබෙනවා.

දළිද්‌දෝ පුරිසෝ රාජ අස්‌සද්‌ධෝ හෝති මච්‌ඡරී
කදරියෝ පාපසංකප්‌පෝ මිච්‌ඡාදිට්‌ඨි අනාදරෝ

“පින්වත් මහාරාජ, දිළිඳු පුද්ගලයෙක් ඉන්නවා. ශ්‍රද්ධාවක් නෑ. මසුරුයි. කෑදරයි. පාපකාරී අදහස් තියෙනවා. මිත්‍යා දෘෂ්ටිකයි. අනුන්ට ආදරයක් නෑ.

සමණේ බ්‍රාහ්‌මණේ වාපි අඤ්‌ඤේ වාපි වනිබ්‌බකේ
අක්‌කෝසති පරිභාසති නත්‌ථිකෝ හෝති රෝසකෝ
දදමානං නිවාරේති යාචමානාන භෝජනං

ශ්‍රමණ බ්‍රාහ්මණයන්ටත්, යමක් ඉල්ලගෙන එන කෙනෙකුටත්, ආක්‍රෝශ කරමින් පරිභව කරනවා. ‘නැතැ’යි කියනවා. දොස් කියනවා. ඉල්ලන කෙනෙකුට තව කෙනෙක් දෙන්න හැදුවොත් ඒ බොජුන් පවා වළක්වනවා.

තාදිසෝ පුරිසෝ රාජ මීයමානෝ ජනාධිප
උපේති නිරයං ඝෝරං තමෝතමපරායනෝ

පින්වත් මහාරාජ, එබඳු පුද්ගලයා මැරුණට පස්සේ අඳුරෙන් අඳුරටම ගිහින් අන්තිමේදී දරුණු නරකාදියේ උපදිනවා.

දළිද්‌දෝ පුරිසෝ රාජ සද්‌ධෝ හෝති අමච්‌ඡරී
දදාති සෙට්‌ඨසං‌කප්‌පෝ අබ්‍යග්‌ගමනසෝ නරෝ

ඒ වගේම රජතුමනි, දිළිඳු පුද්ගලයෙක් ඉන්නවා. ශ්‍රද්ධාවන්තයි. මසුරු නෑ. දන් දෙනවා. ශ්‍රේෂ්ඨ අදහස් තියෙනවා. ඔහු තරහ සිත් නැති කෙනෙක්.

සමණේ බ්‍රාහ්‌මණේ වාපි අඤ්‌ඤේ වාපි වනිබ්‌බකේ
උට්‌ඨාය අභිවාදේති සමචරියාය සික්‌ඛති
දදමානං න වාරේති යාචමානාන භෝජනං

ශ්‍රමණ බ්‍රාහ්මණයන්ටත්, ඉල්ලගෙන එන අනිත් උදවියටත් සළකනවා. අසුනෙන් නැගිටලා ගෞරව කරනවා. යහපතෙහි හික්මෙනවා. ඉල්ලන කෙනෙකුට දෙන භෝජනය වළක්වන්නෙ නෑ.

තාදිසෝ පුරිසෝ රාජ මීයමානෝ ජනාධිප
උපේති තිදිවං ඨානං තමෝජෝතිපරායණෝ

ජන ශ්‍රේෂ්ඨ වූ මහාරාජ, එබඳු පුද්ගලයෙක් මැරෙන කොට අඳුරින් එළියට ඇවිත් දෙව්ලොව උපදිනවා.

අඩ්ඪෝ චේ පුරිසෝ රාජ අස්‌සද්‌ධෝ හෝති මච්‌ඡරී
කදරියෝ පාපසංකප්‌පෝ මිච්‌ඡාදිට්‌ඨි අනාදරෝ

පින්වත් මහාරාජ, ධනවත් පුද්ගලයෙක් ඉන්නවා. නමුත් ශ්‍රද්ධාවක් නෑ. මසුරුයි. කෑදරයි. පාපී අදහස් තියෙනවා. මිත්‍යා දෘෂ්ටිකයි. අනුන්ට ආදරයක් නෑ.

සමණේ බ්‍රාහ්‌මණේ වාපි අඤ්‌ඤේ වාපි වනිබ්‌බකේ
අක්‌කෝසති පරිභාසති නත්‌ථිකෝ හෝති රෝසකෝ
දදමානං නිවාරේති යාචමානාන භෝජනං

ශ්‍රමණ බ්‍රාහ්මණයින්ටත් ඉල්ලගෙන එන වෙන අයටත් ආක්‍රෝශ කරනවා. පරිභව කරනවා. ‘නැතැ’යි කියනවා. බනිනවා. ඉල්ලගෙන එන කෙනෙකුට දෙන භෝජනයෙන් වළක්වනවා.

තාදිසෝ පුරිසෝ රාජ මීයමානෝ ජනාධිප
උපේති නිරයං ඝෝරං ජෝතිතමපරායණෝ

ජන ශ්‍රේෂ්ඨ මහරජතුමනි, එබඳු පුදගලයා මැරෙන කොට එළියෙන් අඳුරට ගිහින් දරුණු වූ නරකාදියෙහි උපදිනවා.

අඩ්ඪෝ චේ පුරිසෝ රාජ සද්‌ධෝ හෝති අමච්‌ඡරී
දදාති සෙට්‌ඨසංකප්‌පෝ අබ්‍යග්‌ගමනසෝ නරෝ

පින්වත් මහාරාජ, මහා ධනවත් පුද්ගලයෙක් ඉන්නවා. ඔහු ශ්‍රද්ධාවන්තයි. මසුරු නෑ. දන් දෙනවා. ශ්‍රේෂ්ඨ අදහස් තියෙනවා. තරහ සිතක් නැති කෙනෙක්.

සමණේ බ්‍රාහ්‌මණේ වාපි අඤ්‌ඤේ වාපි වනිබ්‌බකේ
උට්‌ඨාය අභිවාදේති සමචරියාය සික්‌ඛති
දදමානං න වාරේති යාචමානාන භෝජනං

ශ්‍රමණ බ්‍රාහ්මණයන්ටත්, ඉල්ලගෙන එන අනිත් අයටත් සළකනවා. නැගිටලා ගෞරව කරනවා. යහපතේ හික්මෙනවා. ඉල්ලන කෙනෙකුට දෙන භෝජනයෙන් වළක්වන්නෙ නෑ.

තාදිසෝ පුරිසෝ රාජ මීයමානෝ ජනාධිප
උපේති තිදිවං ඨානං ජෝතිජෝතිපරායනෝති

ජන ශ්‍රේෂ්ඨ මහාරාජ, එබඳු පුද්ගලයෙක් මැරෙන කොට, ආලෝකයෙන් ආලෝකයට ගිහින් දෙව්ලොව උපදිනවා.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_3-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M