සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

3.3.5. පබ්බතූපම සුත්තං

3.3.5. පබ්බතූපම සූත්‍රය

136. සාවත්ථියං…

136. සැවැත් නුවර ජේතවනාරාමයේදී ………………..

ඒකමන්තං නිසින්‌නං ඛෝ රාජානං පසේනදිං කෝසලං භගවා ඒතදවෝච. හන්‌ද කුතෝ නු ත්‌වං මහාරාජ ආගච්‌ඡසි දිවා දිවස්‌සාති? යානි තානි භන්තේ රඤ්‌ඤං ඛත්‌තියානං මුද්‌ධාවසිත්‌තානං ඉස්‌සරියමදමත්‌තානං කාමගේධපරියුට්‌ඨිතානං ජනපදත්‌ථාවරියප්‌පත්‌තානං මහන්‌තං පඨවිමණ්‌ඩලං අභිවිජිය අජ්‌ඣාවසන්‌තානං රාජකරණීයානි සන්ති, තේස්වාහං ඒතරහි උස්‌සුක්‌කං ආපන්‌නෝති.

එකත්පසක හිඳගත් පසේනදී කොසොල් රජුගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙහෙම ඇහුවා.

“පින්වත් මහාරාජ, මේ මහ දවල් කොහේ ඉඳලා එන ගමන්ද?”

“ස්වාමීනී, අපි ඉතින් යම් පෘථුවි මණ්ඩලේ දිනපු ඔටුණු පළන්දපු රජවරු නෙව. අපිට යස ඉසුරු තියෙනවා. කාම සැප සම්පත් තියෙනවා. ජනපද තියෙනවා. ඉතින් අපට ඒ ගැන රාජකාරි තියෙනවා. ඒ රාජකාරිවල උත්සාහවත් වෙලා එන ගමනුයි මේ ආවෙ.”

තං කිං මඤ්‌ඤසි මහාරාජ, ඉධ තේ පුරිසෝ ආගච්‌ඡෙය්‍ය පුරත්‌ථිමාය දිසාය සද්‌ධායිකෝ පච්‌චයිකෝ. සෝ තං උපසංකමිත්‌වා ඒවං වදෙය්‍ය, යග්‌ඝේ මහාරාජ ජානෙය්‍යාසි, අහං ආගච්‌ඡාමි පුරත්‌ථිමාය දිසාය. තත්‌ථද්‌දසං මහන්‌තං පබ්‌බතං අබ්‌භසමං සබ්‌බේ පාණේ නිප්‌පෝඨෙන්‌තෝ ආගච්‌ඡති. යං තේ මහාරාජ කරණීයං තං කරෝහීති. අථ දුතියෝ පුරිසෝ ආගච්‌ඡෙය්‍ය දක්ඛිණාය දිසාය ….(පෙ)…. අථ තතියෝ පුරිසෝ ආගච්‌ඡෙය්‍ය පච්ඡිමාය දිසාය ….(පෙ)…. අථ චතුත්‌ථෝ පුරිසෝ ආගච්‌ඡෙය්‍ය උත්තරාය දිසාය සද්‌ධායිකෝ පච්‌චයිකෝ. සෝ තං උපසංකමිත්‌වා ඒවං වදෙය්‍ය, යග්‌ඝේ මහාරාජ ජානෙය්‍යාසි, අහං ආගච්‌ඡාමි උත්තරාය දිසාය තත්‌ථද්‌දසං මහන්‌තං පබ්‌බතං අබ්‌භසමං. සබ්‌බේ පාණේ නිප්‌පෝඨෙන්‌තෝ ආගච්‌ඡති. යං තේ මහාරාජ කරණීයං තං කරෝහීති. ඒවරූපේ තේ මහාරාජ මහති මහබ්‌භයේ සමුප්‌පන්‌නේ දාරුණේ මනුස්‌සක්‌ඛයේ දුල්‌ලභේ මනුස්‌සත්‌තේ කිමස්‌ස කරණීයන්‌ති?

“පින්වත් මහාරාජ, මේ ගැන ඔබ මොකද හිතන්නෙ? නැගෙනහිර දිශාවෙන් විශ්වාස කටයුතු පිළිගන්න පුළුවන් වචන තියෙන පුද්ගලයෙක් එනවා. ඔහු ඔබ ළඟට ඇවිත් මෙහෙම කියනවා. ‘හා! දේවයන් වහන්ස, දැන වදාළ මැනැව. මං නැගෙනහිර දිශාවේ ඉඳලයි එන්නෙ. මං දැක්කා අහස උසට අතිවිශාල පර්වතයක් සියලු සතුන් යට කරගෙන එනවා. ඉතින් දේවයන් වහන්ස, ඒ වෙනුවෙන් ඔබවහන්සේට කළ හැකි දෙයක් ඇත්නම් කළ මැනැව.’ එතකොටම බටහිර දිශාවෙනුත් පුද්ගලයෙක් එනවා …. (පෙ) …. එතකොටම දකුණු දිශාවෙනුත් පුද්ගලයෙක් එනවා …. (පෙ) …. එතකොටම උතුරු දිශාවෙනුත් විශ්වාස කටයුතු පිළිගන්න පුළුවන් වචන තියෙන පුද්ගලයෙක් එනවා. ඔහු ඔබ ළඟට ඇවිත් මෙහෙම කියනවා. ‘හා! දේවයන් වහන්ස, දැන වදාළ මැනැව. මං උතුරු දිශාවෙ ඉඳලයි එන්නෙ. මං දැක්කා අහස උසට අතිවිශාල පර්වතයක් සියලු සතුන් යට කරගෙන එනවා. ඉතින් දේවයන් වහන්ස, ඒ වෙනුවෙන් ඔබවහන්සේට කළ හැකි දෙයක් ඇත්නම් කළ මැනැව.’

පින්වත් මහාරාජ, ඔය ආකාර වූ මහා භයානක අවස්ථාවක් දරුණු අවස්ථාවක් ඇති වුනොත් දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබූ ඔබ ගන්න පියවර කුමක්ද?”

ඒවරූපේ මේ භන්තේ මහති මහබ්‌භයේ සමුප්‌පන්‌නේ දාරුණේ මනුස්‌සක්‌ඛයේ දුල්‌ලභේ මනුස්‌සත්‌තේ කිමස්‌ස කරණීයං අඤ්‌ඤත්‍ර ධම්‌මචරියාය සමචරියාය කුසලකිරියාය පුඤ්‌ඤකිරියායාති.

“ස්වාමීනී, ඔවැනි මහා භයානක, දරුණු, මිනිසුන් වැනසෙන අවස්ථාවක් ඇති වුණොත් දුර්ලභ මනුස්ස ජීවිතේ ලබාපු මම ධර්මයේ හැසිරීම, යහපතේ හැසිරීම, කුසල් කිරීම, පින් කිරීම හැර වෙන මොකක් කරන්නද?”

ආරෝචේමි ඛෝ තේ මහාරාජ, පතිවේදයාමි ඛෝ තේ මහාරාජ, අධිවත්‌තති ඛෝ තං මහාරාජ ජරාමරණං. අධිවත්‌තමානේ ච තේ මහාරාජ ජරාමරණේ කිමස්‌ස කරණීයන්‌ති? අධිවත්‌තමානේ ච මේ භන්තේ ජරාමරණේ කිමස්‌ස කරණීයං අඤ්‌ඤත්‍ර ධම්‌මචරියාය සමචරියාය කුසලකිරියාය පුඤ්‌ඤකිරියාය.

“පින්වත් මහාරාජ, ඔබට මේ කාරණය දැනුම් දෙන්න සිද්ධ වෙනවා. ඔබට මේ කාරණය පවසන්න සිද්ධ වෙනවා. පින්වත් මහාරාජ, ජරා මරණ දෙක ඔබව යටකරගෙන යනවා. පින්වත් මහාරාජ, ජරා මරණ දෙක ඔබව යටකරගෙන යද්දී ඔබ ගන්න පියවර මොකක්ද?”

“ස්වාමීනී, ජරා මරණ දෙක අපව යටකරගෙන යද්දී ධර්මයේ හැසිරීම, යහපතේ හැසිරීම, කුසල් කිරීම, පින් කිරීම හැර වෙන මොකක් කරන්නද?

යානි තානි භන්තේ රඤ්‌ඤං ඛත්‌තියානං මුද්‌ධාවසිත්‌තානං ඉස්‌සරියමදමත්‌තානං කාමගේධපරියුට්‌ඨිතානං ජනපදත්‌ථාවරියප්‌පත්‌තානං මහන්‌තං පඨවිමණ්‌ඩලං අභිවිජිය අජ්‌ඣාවසන්‌තානං හත්‌ථියුද්‌ධානි භවන්‌ති. තේසම්‌පි භන්තේ හත්‌ථියුද්‌ධානං නත්‌ථි ගති නත්‌ථි විසයෝ අධිවත්‌තමානේ ජරාමරණේ. යානිපි තානි භන්තේ රඤ්‌ඤං ඛත්‌තියානං මුද්‌ධාවසිත්‌තානං ….(පෙ)…. අස්‌සයුද්‌ධානි භවන්‌ති ….(පෙ)…. රථයුද්‌ධානි භවන්‌ති ….(පෙ)…. පත්‌තියුද්‌ධානි භවන්‌ති තේසම්‌පි භන්තේ පත්‌තියුද්‌ධානං නත්‌ථි ගති නත්‌ථි විසයෝ අධිවත්‌තමානේ ජරාමරණේ.

ස්වාමීනී, මිහිමඬල දිනාගත්, රජ කෙනෙකුට ඔටුණු පළන් යස ඉසුරු පිරිලා තියෙන, කාම සම්පත්වලට යටවුන, ජනපද වලට අධිපති, රජ කෙනෙකුට ඇත්තුන්ගෙන් කරන යුද්ධ ඇතිවෙනවා. ඒ වුනත් ස්වාමීනී, මේ ජරා මරණ දෙක අපව යට කරද්දී, ඔය ඇත් යුද්ධවලින් නම් වැඩක් නැහැ. ප්‍රයෝජනයක් නැහැ.

ස්වාමීනී, ඔටුණු පළන්දපු රජවරු ඉන්නවා …. (පෙ) …. අශ්ව සේනාවෙන් කරන යුද්ධ තියෙනවා …. (පෙ) …. රථ සේනාවෙන් කරන යුද්ධ තියෙනවා …. (පෙ) …. පාබල සේනාවෙන් කරන යුද්ධ ඇතිවෙනවා. ඒ වුනත් මේ ජරා මරණ දෙක අපව යට කරද්දී, ඔය පාබල යුද්ධවලින් නම් වැඩක් නැහැ. ප්‍රයෝජනයක් නැහැ.

සන්‌ති ඛෝ පන භන්තේ ඉමස්‌මිං රාජකුලේ මන්‌තිනෝ මහාමත්‌තා යේ පහොන්‌ති ආගතේ පච්‌චත්‌ථිකේ මන්‌තේහි භේදයිතුං. තේසම්‌පි භන්තේ මන්‌තයුද්‌ධානං නත්‌ථි ගති නත්‌ථි විසයෝ අධිවත්‌තමානේ ජරාමරණේ.

ඒ වගේම ස්වාමීනී, මේ රජකුලේ මන්ත්‍රීවරු, මහඇමතිවරු ඉන්නවා. ඒ අයට හතුරොත් එක්ක කුමන්ත්‍රණය කරලා, ඒ හතුරන්ව බිඳවල දාන්න පුළුවන්කම තියෙනවා. ඒ වුණත් ස්වාමීනී, මේ ජරා මරණ දෙක අපට යට කරද්දී, ඔය යුද කුමන්ත්‍රණවලින් නම් වැඩක් නැහැ. ප්‍රයෝජනයක් නැහැ.

සංවිජ්‌ජති ඛෝ පන භන්තේ ඉමස්‌මිං රාජකුලේ පහූතං හිරඤ්‌ඤසුවණ්‌ණං භූමිගතඤ්‌චේව වේහාසට්‌ඨඤ්‌ච යේන මයං පහෝම ආගතේ පච්‌චත්‌ථිකේ ධනේන උපලාපේතුං. තේසම්‌පි භන්තේ ධනයුද්‌ධානං නත්‌ථි ගති නත්‌ථි විසයෝ අධිවත්‌තමානේ ජරාමරණේ. අධිවත්‌තමානේ ච මේ භන්තේ ජරාමරණේ කිමස්‌ස කරණීයං අඤ්‌ඤත්‍ර ධම්‌මචරියාය සමචරියාය කුසලකිරියාය පුඤ්‌ඤකිරියායාති.

ස්වාමීනී, අපේ මේ රජ කුලේ රන්, රිදී පිරිල ඉතිරිලා තියෙනවා. අහසේ පොළොවේ ඕනතරම් වස්තුව තියෙනවා. ළඟට ආපු හතුරන්ව වුනත් ඒ ධනයෙන් පොළඹවගන්න පුළුවන්කම තියෙනවා. ඒ වුනත් ස්වාමීනී, මේ ජරා මරණ දෙක අපව යට කරද්දී, ඔය ධන යුද්ධයෙනුත් නම් වැඩක් නැහැ. ප්‍රයෝජනයක් නැහැ.

ඉතින් ස්වාමීනී, ජරා මරණ දෙක අපව යටගෙන යනකොට ධර්මයේ හැසිරීම හැර, යහපතේ හැසිරීම හැර, කුසල් කිරීම හැර, පින් කිරීම හැර වෙන මොකක්ද කරන්න තියෙන්නේ?”

ඒවමේතං මහාරාජ ඒවමේතං මහාරාජ. අධිවත්‌තමානේ ච තේ ජරාමරණේ කිමස්‌ස කරණීයං අඤ්‌ඤත්‍ර ධම්‌මචරියාය සමචරියාය කුසලකිරියාය පුඤ්‌ඤකිරියායාති. ඉදමවෝච භගවා. ඉදං වත්වා සුගතෝ අථාපරං ඒතදවෝච සත්ථා.

“පින්වත් මහාරාජ, ඒක එහෙමම තමයි. පින්වත් මහාරාජ, ඒක එහෙමම තමයි. ජරා මරණ දෙක ඔබව යටකරගෙන යනකොට, ධර්මයේ හැසිරීම හැර, යහපතේ හැසිරීම හැර, කුසල් කිරීම හැර, පින් කිරීම හැර වෙන මොකක් කරන්නද?”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළි මේ ගාථාවන් වදාළා.

යථාපි සේලා විපුලා නභං ආහච්‌ච පබ්‌බතා
සමන්‌තා අනුපරියෙය්‍යුං නිප්‌පෝඨෙන්‌තා චතුද්‌දිසා

“අහස උසට තියෙන විශාල පර්වත, හාත්පස, හැම දිශාවෙම සතුන්ව සුණු විසුණු කරගෙන, පෙරළීගෙන එනවා වගෙයි.

ඒවං ජරා ච මච්‌චු ච අධිවත්‌තන්‌ති පාණිනෝ
ඛත්‌තියේ බ්‍රාහ්‌මණේ වෙස්‌සේ සුද්‌දේ චණ්‌ඩාලපුක්‌කුසේ
න කිඤ්‌චි පරිවජ්‌ජේති සබ්‌බමේවාභිමද්‌දති

ඔය විදිහට උපන් සත්වයාව ජරා මරණ දෙකෙන් යටකරල දානවා. රාජ වංශයේ, වෙළඳ කුලේ, හීන කුලේ, සැඩොල් කුලේ, පුක්කුස කුලේ කියලා අයෙ ඉතින් බේරිල්ලක් නෑ. හැම කෙනෙක්වම ජරා මරණ විසින් යට කරලා දානවා.

න තත්‌ථ හත්‌ථීනං භූමි න රථානං න පත්‌තියා
න චාපි මන්‌තයුද්‌ධේන සක්‌කා ජේතුං ධනේන වා

ඒ ජරා මරණවලින් දිනන්න ඇත් සේනාවකට බෑ. රථ සේනාවකට බෑ. පාබල සේනාවකට බෑ. කුමන්ත්‍රණ යුද්ධවලට බෑ. ධනයටත් බෑ.

තස්‌මා හි පණ්‌ඩිතෝ පෝසෝ සම්‌පස්‌සං අත්‌ථමත්‌තනෝ
බුද්‌ධේ ධම්‌මේ ච සංඝේ ච ධීරෝ සද්‌ධං නිවේසයේ

ඒ නිසා නුවණැති ධෛර්යවත් සත්පුරුෂයා, තමන්ගේ යහපත දකිනවා නම්, බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවාගන්න ඕන.

යෝ ධම්‌මචාරී කායේන වාචාය උද චේතසා
ඉධේව නං පසංසන්‌ති පෙච්‌ච සග්‌ගේ පමෝදතීති

යමෙක් කයෙනුත්, වචනයෙනුත්, හිතිනුත් ධර්මයේ හැසිරෙනවා නම්, මෙලොවදීම ඔහු ප්‍රශංසා ලබනවා. පරලොව සුගතියේ ඉපදිලා සතුටු වෙනවා.”

කෝසල වග්ගෝ තතියෝ.

තුන්වෙනි කෝසල වර්ගය අවසන් විය.

තත්‍රැද්දානං;

පුග්‌ගලෝ අය්‍යකා ලෝකෝ ඉස්‌සත්‌ථං පබ්‌බතූපමං
දේසිතං බුද්‌ධසෙට්‌ඨේන ඉමං කෝසලපඤ්‌චකන්‌ති.

කෝසලසංයුත්‌තං සමත්‌තං.

කෝසල සංයුත්තය අවසන් විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_3-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M