සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

3.2.8. කල්‍යාණමිත්ත සුත්තං

3.2.8. කල්‍යාණමිත්‍රයා ගැන වදාළ දෙසුම

129. සාවත්ථියං….

129. සැවැත් නුවර ජේතවනාරාමයේදී ………………..

ඒකමන්තං නිසින්නෝ ඛෝ රාජා පසේනදි කෝසලෝ භගවන්‌තං ඒතදවෝච. ඉධ මය්‌හං භන්තේ රහෝගතස්‌ස පටිසල්‌ලීනස්‌ස ඒවං චේතසෝ පරිවිතක්‌කෝ උදපාදි. ස්‌වාක්‌ඛාතෝ භගවතා ධම්‌මෝ. සෝ ච ඛෝ කල්‍යාණමිත්‌තස්‌ස කල්‍යාණසහායස්‌ස කල්‍යාණසම්‌පවංකස්‌ස නෝ පාපමිත්‌තස්‌ස නෝ පාපසහායස්‌ස නෝ පාපසම්‌පවං‌කස්‌සාති.

එකත්පසක හිටි පසේනදී කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

ස්වාමීනී, මං හුදෙකලාවෙ තනියම ඉන්න කොට මෙන්න මේ විදිහේ කල්පනාවක් සිතේ ඇතිවුනා. “භාග්‍යවතුන් වහන්සේත් ඉතා යහපත් ලෙස ශ්‍රී සද්ධර්මය දේශනා කරලයි තියෙන්නෙ. ඒ ශ්‍රී සද්ධර්මය තියෙන්නෙ කල්‍යාණ මිත්‍රයන් ඇති කෙනාටයි. කල්‍යාණ යහළුවන් ඇති කෙනාටයි. කල්‍යාණ මිත්‍ර ආශ්‍රයට වැටුණු කෙනාටයි. පාප මිත්‍රයන් ඇති කෙනාට නොවෙයි. පාපී යහළුවන් ඇති කෙනාට නොවෙයි. පවිටු මිතුරන්ගේ ඇසුරට වැටුනු කෙනාට නොවෙයි.”

ඒවමේතං මහාරාජ, ඒවමේතං මහාරාජ. ස්‌වාක්‌ඛාතෝ මහාරාජ මයා ධම්‌මෝ. සෝ ච ඛෝ කල්‍යාණමිත්‌තස්‌ස කල්‍යාණසහායස්‌ස කල්‍යාණසම්‌පවංකස්‌ස නෝ පාපමිත්‌තස්‌ස නෝ පාපසහායස්‌ස නෝ පාපසම්‌පවං‌කස්‌සාති.

“පින්වත් මහාරාජ, ඒක එහෙමම තමයි. පින්වත් මහාරාජ, ඒක එහෙමම තමයි. පින්වත් මහාරාජ, මා විසින් ඉතා යහපත් ලෙස ශ්‍රී සද්ධර්මය දේශනා කරලයි තියෙන්නෙ. ඒ ශ්‍රී සද්ධර්මය තියෙන්නෙ කල්‍යාණ මිත්‍රයන් ඇති කෙනාටයි. කල්‍යාණ යහළුවන් ඇති කෙනාටයි. කල්‍යාණ මිත්‍ර ආශ්‍රයට වැටුණු කෙනාටයි. පාප මිත්‍රයන් ඇති කෙනාට නොවෙයි. පාපී යහළුවන් ඇති කෙනාට නොවෙයි. පවිටු මිතුරන්ගේ ඇසුරට වැටුනු කෙනාට නොවෙයි.

ඒකමිදාහං මහාරාජ සමයං සක්‌කේසු විහරාමි නාගරකං නාම සක්‍යානං නිගමෝ. අථ ඛෝ මහාරාජ ආනන්‌දෝ භික්‌ඛු යේනාහං තේනුපසංකමි. උපසංකමිත්‌වා මං අභිවාදෙත්‌වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ මහාරාජ ආනන්‌දෝ භික්‌ඛු මං ඒතදවෝච. උපඩ්‌ඪමිදං භන්තේ බ්‍රහ්‌මචරියස්‌ස යදිදං කල්‍යාණමිත්‌තතා කල්‍යාණසහායතා කල්‍යාණසම්‌පවංකතාති.

ඒවං වුත්‌තාහං මහාරාජ ආනන්‌දං භික්‌ඛුං ඒතදවෝචං. මා හේවං ආනන්‌ද, මා හේවං ආනන්‌ද. සකලමේව හිදං ආනන්‌ද බ්‍රහ්‌මචරියං යදිදං කල්‍යාණමිත්‌තතා කල්‍යාණසහායතා කල්‍යාණසම්‌පවංකතා. කල්‍යාණමිත්‌තස්‌සේතං ආනන්‌ද භික්‌ඛුනෝ පාටිකංඛං කල්‍යාණසහායස්‌ස කල්‍යාණසම්‌පවංකස්‌ස අරියං අට්‌ඨංගිකං මග්‌ගං භාවෙස්‌සති, අරියං අට්‌ඨං‌ගිකං මග්‌ගං බහුලීකරිස්‌සතීති.

පින්වත් මහාරාජ, මං එක් කාලෙක ශාක්‍ය ජනපදයේ ශාක්‍යයන්ගේ ‘නගරක’ කියන කුඩා නගරයේ වාසය කළේ. පින්වත් මහාරාජ, එදා පින්වත් ආනන්ද භික්ෂුව මං හමුවට ආවා. ඇවිදින් මට වන්දනා කරලා පැත්තකින් වාඩිවුනා. පින්වත් මහාරාජ, පැත්තකින් වාඩිවුන පින්වත් ආනන්ද භික්ෂුව මට මෙහෙම කිව්වා. ‘ස්වාමීනී, මේ නිවන් මාර්ගයේ හරියටම භාගයක් පවතින්නෙ කල්‍යාණ මිත්‍රත්වය මතයි. කල්‍යාණ යහළුවන් මතයි. කලණ මිතුරන්ගේ ඇසුර මතයි’ කියලා. එතකොට පින්වත් මහාරාජ, මං පින්වත් ආනන්ද භික්ෂුවට මෙහෙම කිව්වා. ‘පින්වත් ආනන්ද, එහෙම කියන්න එපා! පින්වත් ආනන්ද, එහෙම කියන්න එපා! පින්වත් ආනන්ද, මේ නිවන් මඟ සම්පූර්ණයෙන්ම පවතින්නෙ කල්‍යාණ මිත්‍රත්වය මතයි. කල්‍යාණ යහළුවන් මතයි. කලණ මිතුරන්ගේ ඇසුර මතයි. පින්වත් ආනන්ද, කල්‍යාණ මිත්‍රත්වය ඇති, කල්‍යාණ යහළුවන් ඉන්න, කලණ මිතුරන්ගේ ඇසුරට යොමු වුණ භික්ෂුව තුළ ‘ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල වශයෙන් දියුණු කරනවා’ යන කරුණ කැමති වෙන්න ඕන.

කථඤ්‌ච ආනන්‌ද භික්‌ඛු කල්‍යාණමිත්‌තෝ කල්‍යාණසහායෝ කල්‍යාණසම්‌පවංකෝ අරියං අට්‌ඨං‌ගිකං මග්‌ගං භාවේති, අරියං අට්‌ඨං‌ගිකං මග්‌ගං බහුලීකරෝති? ඉධානන්‌ද භික්‌ඛු සම්‌මාදිට්‌ඨිං භාවේති විවේකනිස්‌සිතං විරාගනිස්‌සිතං නිරෝධනිස්‌සිතං වොස්‌සග්‌ගපරිණාමිං සම්‌මාසං‌කප්‌පං භාවේති ….(පෙ)…. සම්‌මාවාචං භාවේති ….(පෙ)…. සම්‌මාකම්‌මන්‌තං භාවේති ….(පෙ)…. සම්‌මාආජීවං භාවේති ….(පෙ)…. සම්‌මාවායාමං භාවේති ….(පෙ)…. සම්‌මාසතිං භාවේති ….(පෙ)…. සම්‌මාසමාධිං භාවේති විවේකනිස්‌සිතං විරාගනිස්‌සිතං නිරෝධනිස්‌සිතං වොස්‌සග්‌ගපරිණාමිං. ඒවං ඛෝ ආනන්‌ද භික්‌ඛු කල්‍යාණමිත්‌තෝ කල්‍යාණසහායෝ කල්‍යාණසම්‌පවං‌කෝ අරියං අට්‌ඨංගිකං මග්‌ගං භාවේති, අරියං අට්‌ඨංගිකං මග්‌ගං බහුලීකරෝති. තදමිනාපේතං ආනන්‌ද පරියායේන වේදිතබ්‌බං. යථා සකලමේවිදං බ්‍රහ්‌මචරියං යදිදං කල්‍යාණමිත්‌තතා කල්‍යාණසහායතා කල්‍යාණසම්‌පවංකතාති.

පින්වත් ආනන්ද, කල්‍යාණ මිත්‍රයන් ඉන්න, කල්‍යාණ යහළුවන් ඉන්න, කලණ මිතුරන්ගේ ඇසුරට යොමු වූ භික්ෂුව ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නෙ කොහොමද? ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල වශයෙන් දියුණු කරන්නෙ කොහොමද? පින්වත් ආනන්ද, මෙහි භික්ෂුව චිත්ත විවේකයෙන් යුතු, විරාගයෙන් යුතු, තණ්හා නිරෝධයට යොමු වූ, නිවනට නැඹුරු වූ සම්මා දිට්ඨිය වඩනවා …. (පෙ) …. සම්මා සංකල්පය වඩනවා …. (පෙ) …. සම්මා වාචා වඩනවා …. (පෙ) …. සම්මා කම්මන්තය වඩනවා …. (පෙ) …. සම්මා ආජීවය වඩනවා …. (පෙ) …. සම්මා වායාමය වඩනවා …. (පෙ) …. සම්මා සතිය වඩනවා …. (පෙ) …. චිත්ත විවේකයෙන් යුතු, විරාගයෙන් යුතු, තණ්හා නිරෝධයට යොමු වූ, නිවනට නැඹුරු වූ සම්මා සමාධිය වඩනවා. පින්වත් ආනන්ද, කල්‍යාණ මිත්‍රයන් ඇති, කල්‍යාණ යහළුවන් ඇති, කලණ මිතුරන්ගේ ඇසුරට නැඹුරු වූ භික්ෂුව ඔය විදිහටයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නෙ. ඔය විදිහටයි ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල වශයෙන් දියුණු කරන්නෙ.

පින්වත් ආනන්ද, මේ කල්‍යාණ මිත්‍රයන් ඇති බව, කල්‍යාණ යහළුවන් ඇති බව, කලණ මිතුරන්ගේ ඇසුරට නැඹුරු වූ බව මුළු මහත් නිවන් මගටම උපකාර වන බව මේ ක්‍රමයෙනුත් දැනගන්න.

මමං ‌හි ආනන්‌ද කල්‍යාණමිත්‌තං ආගම්‌ම ජාතිධම්‌මා සත්‌තා ජාතියා පරිමුච්‌චන්‌ති. ජරාධම්‌මා සත්‌තා ජරාය පරිමුච්‌චන්‌ති. ව්‍යාධිධම්‌මා සත්‌තා ව්‍යාධිනා පරිමුච්‌චන්‌ති. මරණධම්‌මා සත්‌තා මරණේන පරිමුච්‌චන්‌ති. සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසධම්‌මා සත්‌තා සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසේහි පරිමුච්‌චන්‌ති. ඉමිනා ඛෝ ඒතං ආනන්‌ද පරියායේන වේදිතබ්‌බං. යථා සකලමේවහිදං බ්‍රහ්‌මචරියං යදිදං කල්‍යාණමිත්‌තතා කල්‍යාණසහායතා කල්‍යාණසම්‌පවංකතාති.

පින්වත් ආනන්ද, කල්‍යාණ මිත්‍ර වූ මා ළඟට පැමිණෙන ඉපදීම ස්වභාව කොට ඇති සත්වයෝ ඉපදීමෙන් නිදහස් වෙනවා. ජරාව ස්වභාව කොට ඇති සත්වයෝ ජරාවෙන් නිදහස් වෙනවා. ලෙඩ වීම ස්වභාව කොට ඇති සත්වයෝ ලෙඩ වීමෙන් නිදහස් වෙනවා. මරණය ස්වභාව කොට ඇති සත්වයෝ මරණයෙන් නිදහස් වෙනවා. ශෝක, වැළපීම්, දුක් දොම්නස්, සුසුම් හෙලීම් ස්වභාව කොට ඇති සත්වයෝ ශෝක, වැළපීම්, දුක් දොම්නස්, සුසුම් හෙලීම්වලින් නිදහස් වෙනවා.

පින්වත් ආනන්ද, ඔන්න ඔය විදිහටමයි තේරුම් ගන්න තියෙන්නේ. මේ සම්පූර්ණ නිවන් මඟ පවතින්නේ කල්‍යාණ මිත්‍රයන් මත බව. කල්‍යාණ යහළුවන් මත බව. කල්‍යාණ යහළුවන්ගේ ඇසුර මත බව.

තස්‌මාතිහ තේ මහාරාජ ඒවං සික්‌ඛිතබ්‌බං. කල්‍යාණමිත්‌තෝ භවිස්‌සාමි කල්‍යාණසහායෝ කල්‍යාණසම්‌පවං‌කෝති. ඒවං හි තේ මහාරාජ සික්‌ඛිතබ්‌බං. කල්‍යාණමිත්‌තස්‌ස තේ මහාරාජ කල්‍යාණසහායස්‌ස කල්‍යාණසම්‌පවංකස්‌ස, අයං ඒකෝ ධම්‌මෝ උපනිස්‌සාය විහාතබ්‌බෝ, අප්‌පමාදෝ කුසලේසු ධම්‌මේසු.

අන්න ඒ නිසා පින්වත් මහාරාජ, හික්මෙන්නට තියෙන්නෙ මේ විදිහටයි. ‘මං කල්‍යාණ මිත්‍රයන් ඇති කෙනෙක් වෙනවා. කල්‍යාණ යහළුවන් ඇති කෙනෙක් වෙනවා. කලණ මිතුරන් ඇසුරට නැඹුරු වුන කෙනෙක් වෙනවා’ කියලයි. පින්වත් මහාරාජ, ඔබ විසින් හික්මෙන්නට ඕනෙත් මේ විදිහටමයි. පින්වත් මහාරාජ, කල්‍යාණ මිත්‍රයන් ඇතුව, කල්‍යාණ යහළුවන් ඇතුව, කලණ මිතුරන් ඇසුරට නැඹුරු වෙලා ඉන්න කොට ඔබත් මේ එකම එක ධර්මය ඇසුරු කරගෙන ඉන්න ඕන. ඒක තමයි කුසල් දහම්වල අප්‍රමාදී වීම.

අප්‌පමත්‌තස්‌ස තේ මහාරාජ විහරතෝ අප්‌පමාදං උපනිස්‌සාය ඉත්‌ථාගාරස්‌ස ඒවං භවිස්‌සති. රාජා ඛෝ අප්පමත්තෝ විහරති අප්‌පමාදං උපනිස්‌සාය. හන්‌ද මයම්‌පි අප්‌පමත්‌තා විහරාම අප්‌පමාදං උපනිස්‌සායාති.

පින්වත් මහාරාජ, අප්‍රමාදී වෙලා, අප්‍රමාදී බවම ඇසුරු කරගෙන ඉන්න කොට ඔබේ අන්තඃපුර ස්ත්‍රීන්ටත් මෙහෙම හිතේවි. ‘දැන් රජ්ජුරුවො ඉන්නෙත් අප්‍රමාදීව, අප්‍රමාදය ඇසුරු කරගෙනයි. ඉතින් අපිත් අප්‍රමාදීව අප්‍රමාදය ඇසුරු කරගෙන ඉමු’ කියලා.

අප්‌පමත්‌තස්‌ස තේ මහාරාජ විහරතෝ අප්‌පමාදං උපනිස්‌සාය ඛත්‌තියානම්‌පි අනුයුත්තානං ඒවං භවිස්‌සති. රාජා ඛෝ අප්පමත්තෝ විහරති අප්‌පමාදං උපනිස්‌සාය. හන්‌ද මයම්‌පි අප්‌පමත්‌තා විහරාම අප්‌පමාදං උපනිස්‌සායාති.

පින්වත් මහාරාජ, අප්‍රමාදී වෙලා, අප්‍රමාදී බවම ඇසුරු කරගෙන ඉන්න කොට ඔබට උදව් කරන රාජකීය පිරිසටත් මෙහෙම හිතේවි. ‘දැන් රජ්ජුරුවො ඉන්නෙත් අප්‍රමාදීව, අප්‍රමාදය ඇසුරු කරගෙනයි. ඉතින් අපිත් අප්‍රමාදීව අප්‍රමාදය ඇසුරු කරගෙන ඉමු’ කියලා.

අප්‌පමත්‌තස්‌ස තේ මහාරාජ විහරතෝ අප්‌පමාදං උපනිස්‌සාය බලකායස්‌සපි ඒවං භවිස්‌සති. රාජා ඛෝ අප්පමත්තෝ විහරති අප්‌පමාදං උපනිස්‌සාය. හන්‌ද මයම්‌පි අප්‌පමත්‌තා විහරාම අප්‌පමාදං උපනිස්‌සායාති.

පින්වත් මහාරාජ, අප්‍රමාදී වෙලා, අප්‍රමාදී බවම ඇසුරු කරගෙන ඉන්න කොට ඔබේ හමුදාවටත් මෙහෙම හිතේවි. ‘දැන් රජ්ජුරුවො ඉන්නෙත් අප්‍රමාදීව, අප්‍රමාදය ඇසුරු කරගෙනයි. ඉතින් අපිත් අප්‍රමාදීව අප්‍රමාදය ඇසුරු කරගෙන ඉමු’ කියලා.

අප්‌පමත්‌තස්‌ස තේ මහාරාජ විහරතෝ අප්‌පමාදං උපනිස්‌සාය නේගමජානපදස්‌සාපි ඒවං භවිස්‌සති. රාජා ඛෝ අප්පමත්තෝ විහරති අප්‌පමාදං උපනිස්‌සාය. හන්‌ද මයම්‌පි අප්‌පමත්‌තා විහරාම අප්‌පමාදං උපනිස්‌සායාති.

පින්වත් මහාරාජ, අප්‍රමාදී වෙලා, අප්‍රමාදී බවම ඇසුරු කරගෙන ඉන්න කොට ඔබේ කුඩා නගරවල, ජනපදවල වැසියන්ටත් මෙහෙම හිතේවි. ‘දැන් රජ්ජුරුවො ඉන්නෙත් අප්‍රමාදීව, අප්‍රමාදය ඇසුරු කරගෙනයි. ඉතින් අපිත් අප්‍රමාදීව අප්‍රමාදය ඇසුරු කරගෙන ඉමු’ කියලා.

අප්‌පමත්‌තස්‌ස තේ මහාරාජ විහරතෝ අප්‌පමාදං උපනිස්‌සාය අත්‌තාපි ගුත්‌තෝ රක්‌ඛිතෝ භවිස්‌සති. ඉත්‌ථාගාරම්‌පි ගුත්‌තං රක්‌ඛිතං භවිස්‌සති. කෝසකොට්‌ඨාගාරම්‌පි ගුත්‌තං රක්‌ඛිතං භවිස්‌සතීති.

පින්වත් මහාරාජ, අප්‍රමාදී වෙලා, අප්‍රමාදී බවම ඇසුරු කරගෙන ඉන්න කොට ඔබ විසින් තමාවත් හොඳින් රැකගත්තා, ආරක්ෂා කරගත්තා වෙනවා. අන්තඃපුරයත් හොඳින් රැකගත්තා, ආරක්ෂා කරගත්තා වෙනවා. ධාන්‍ය ගබඩා, අටු කොටු ආදියත් හොඳින් රැකගත්තා, ආරක්ෂා කරගත්තා වෙනවා.

භෝගේ පත්‌ථයමානේන උළාරේ අපරාපරේ
අප්‌පමාදං පසංසන්‌ති පුඤ්‌ඤකිරියාසු පණ්‌ඩිතා.

උදාර වූ නොයෙක් භෝග සම්පත් කැමති කෙනා අප්‍රමාදී වෙන්න ඕන. පුණ්‍ය ක්‍රියාවල අප්‍රමාදී වීම නුවණැත්තන් විසින් ප්‍රශංසා කරනවා.

අප්පමත්තෝ උභෝ අත්‌ථේ අධිගණ්‌හාති පණ්‌ඩිතෝ
දිට්‌ඨේ ධම්‌මේ ච යෝ අත්‌ථෝ යෝ චත්‌ථෝ සම්‌පරායිකෝ
අත්‌ථාභිසමයා ධීරෝ පණ්‌ඩිතෝති පවුච්‌චතීති.

අප්‍රමාදී වූ නුවණැත්තා මෙලොව යම් යහපතක් ඇත්නම් එයත්, පරලොව යම් යහපතක් ඇත්නම් එයත් කියන, දොලොවේම යහපත ලබාගන්නවා නම් තමන්ගේ යහපත ඇති කරගන්නා ඒ වීරියවන්ත කෙනාටයි නුවණැත්තා කියන්නෙ.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_3-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M