සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

3.2.7. අප්පමාද සුත්තං

3.2.7. අප්‍රමාදී වීම ගැන වදාළ දෙසුම

සාවත්ථියං…

සැවැත් නුවර ජේතවන අසපුවේ දී ………………..

ඒකමන්තං නිසින්නෝ ඛෝ රාජා පසේනදි කෝසලෝ භගවන්‌තං ඒතදවෝච. අත්‌ථි නු ඛෝ භන්තේ ඒකෝ ධම්‌මෝ යෝ උභෝ අත්‌ථේ සමධිගය්‌හ තිට්‌ඨති, දිට්‌ඨධම්‌මිකඤ්‌චේව අත්‌ථං සම්‌පරායිකඤ්‌චාති.

එකත්පසක සිටි පසේනදී කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම පැවසුවා. “ස්වාමීනී, යම් ධර්මයක් මෙලොව යහපතත්, පරලොව යහපතත්, දෙලොවම යහපතක් ඇති කරයි නම්, එබඳු එකම එක ධර්මයක් තියෙනවාද?”

අත්‌ථි ඛෝ මහාරාජ ඒකෝ ධම්‌මෝ යෝ උභෝ අත්‌ථේ සමධිගය්‌හ තිට්‌ඨති, දිට්‌ඨධම්‌මිකඤ්‌චේව අත්‌ථං සම්‌පරායිකඤ්‌චාති.

“පින්වත් මහාරාජ, යම් ධර්මයක් මෙලොව යහපතත්, පරලොව යහපතත් කියන මේ දෙලොව යහපහතක් සලසයි නම්, එබඳු වූ එකම එක ධර්මයක් තියෙනවා.”

කතමෝ පන භන්තේ ඒකෝ ධම්‌මෝ යෝ උභෝ අත්‌ථේ සමධිගය්‌හ තිට්‌ඨති. දිට්‌ඨධම්‌මිකඤ්‌චේව අත්‌ථං සම්‌පරායිකඤ්‌චාති.

“ස්වාමීනී, යම් ධර්මයක් මෙලොව යහපතත්, පරලොව යහපතත් කියන දෙලොවම යහපත පිණිස ඇතිකරනවා නම්, එබඳු වූ එකම එක ධර්මය මොකක්ද?”

අප්‌පමාදෝ ඛෝ මහාරාජ ඒකෝ ධම්‌මෝ යෝ උභෝ අත්‌ථේ සමධිගය්‌හ තිට්‌ඨති, දිට්‌ඨධම්‌මිකඤ්‌චේව අත්‌ථං සම්‌පරායිකඤ්‌චාති. සෙය්‍යථාපි මහාරාජ යානි කානිචි ජංගමානං පාණානං පදජාතානි සබ්‌බානි තානි හත්‌ථිපදේ සමෝධානං ගච්‌ඡන්‌ති, හත්‌ථිපදං තේසං අග්‌ගමක්‌ඛායති යදිදං මහන්‌තත්‌තේන. ඒවමේව ඛෝ මහාරාජ අප්‌පමාදෝ ඒකෝ ධම්‌මෝ යෝ උභෝ අත්‌ථේ සමධිගය්‌හ තිට්‌ඨති. දිට්‌ඨධම්‌මිකඤ්‌චේව අත්‌ථං සම්‌පරායිකඤ්‌චාති.

“පින්වත් මහාරාජ, යම් ධර්මයක් මෙලොව යහපතත්, පරලොව යහපතත් කියන දෙලොවම යහපත ඇතිකරයි නම්, අන්න ඒ එකම එක ධර්මය නම් අප්‍රමාදයයි. පින්වත් මහාරාජ, ඇවිදගෙන යන සතුන්ගේ පා සටහන් ඔක්කොම ඇතෙකුගේ පා සටහනක් තුළට දමන්නට පුළුවනි. එහෙම නම්, ඒ පා සටහන් අතර විශාලත්වයෙන් අග්‍ර වෙන්නේ ඇතාගේ පා සටහනයි. පින්වත් මහාරාජ, අන්න ඒ විදිහටම යම් ධර්මයක් මෙලොව යහපතත්, පරලොව යහපතත් කියන දෙලොවම යහපත හදනවා නම්, ඒ එකම එක ධර්මය අප්‍රමාදයියි.

ආයුං ආරෝගියං වණ්‌ණං සග්‌ගං උච්‌චාකුලීනතං
රතියෝ පත්‌ථයන්‌තේන උළාරා අපරාපරා
අප්‌පමාදං පසංසන්‌ති පුඤ්‌ඤකිරියාසු පණ්‌ඩිතා

ආයුෂත්, නීරෝගීකමත්, ඇඟ පතේ පෙනුමත්, සුගතියත්, උසස් කුලයක ඉපදීමත්, උදාර වූ නොයෙක් ආකාරයෙන් සිත් අලවන්නා වූ දේ කැමති කෙනා විසින් පුණ්‍ය ක්‍රියාවල අප්‍රමාදී වෙන්න ඕන. නුවණැත්තෝ ප්‍රශංසා කරන්නෙ ඒකටයි.

අප්පමත්තෝ උභෝ අත්‌ථේ අධිගණ්‌හාති පණ්‌ඩිතෝ.
දිට්‌ඨේ ධම්‌මේ ච යෝ අත්‌ථෝ යෝ චත්‌ථෝ සම්‌පරායිකෝ
අත්‌ථාභිසමයා ධීරෝ පණ්‌ඩිතෝති පවුච්‌චතීති.

අප්‍රමාදී වූ නුවණැත්තා මෙලොව යම් යහපතක් ඇත්නම් එයත්, පරලොව යම් යහපතක් ඇත්නම් එයත් කියන, දෙලොවේම යහපත ලබාගන්නවා නම් තමන්ගේ යහපත ඇති කරගන්නා ඒ වීරියවන්ත කෙනාටයි නුවණැත්තා කියන්නේ.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_3-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M