සැවැත් නුවර ජේතවනාරාමයේ දී ………………..
එදා පසේනදී කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්නට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා.
ඒ මොහොතේදී එක්තරා පුරුෂයෙක් පසේනදී කොසොල් රජතුමා ළඟට ආවා. ඇවිල්ලා පසේනදී කොසොල් රජුගේ කන ළඟ මේ කාරණය සැලකළා. ‘දේවයන් වහන්ස, මල්ලිකා දේවිය දියණියක් බිහිකළා’ කියලා. එතකොට පසේනදී කොසොල් රජු අසතුටට පත්වුනා.
පසේනදී කොසොල් රජතුමාගේ මේ අසතුටට පත්වීම දැනගත් භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ මේ ගාථාවන් වදාළා.
“මහ රජතුමනි, ඇතැම් කාන්තාවන් ශ්‍රේෂ්ඨ වෙනවා. ඒ නිසා පෝෂණය කළ මැනව. සමහර කාන්තාවන් ඤාණවන්තයි. සීලවන්තයි. නෑදෑයින්ට දෙවියන්ට වගේ සළකනවා. පතිව්‍රතාව රකිනවා.
දිශාවන්ට අධිපති රජතුමනි, එබඳු ස්ත්‍රියකට පුත් රුවනක් උපන්නොත්, ඒ දරුවා අතිදක්ෂයෙක් වෙනවා. එබඳු ස්ත්‍රියකගේ පුත්‍රයා රාජ්‍යානුශාසනාවත් කරනවා.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_3-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M