සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

3.2.2. පඤ්චරාජ සුත්තං

3.2.2. රජවරු පස්දෙනාගේ ප්‍රකාශය ගැන වදාළ දෙසුම

123. සාවත්ථියං….

123. සැවැත් නුවර ජේතවනාරාමයේදී ………………….

තේන ඛෝ පන සමයේන පඤ්‌චන්‌නං රාජූනං පසේනදිපමුඛානං පඤ්‌චහි කාමගුණේහි සමප්‌පිතානං සමංගීභූතානං පරිචාරයමානානං අයමන්‌තරාකථා උදපාදි. කින්නු ඛෝ කාමානං අග්‌ගන්‌ති? තත්‍රේකච්‌චේ ඒවමාහංසු, රූපා කාමානං අග්‌ගන්‌ති. ඒකච්‌චේ ඒවමාහංසු, සද්‌දා කාමානං අග්‌ගන්‌ති. ඒකච්‌චේ ඒවමාහංසු, ගන්‌ධා කාමානං අග්‌ගන්‌ති. ඒකච්‌චේ ඒවමාහංසු, රසා කාමානං අග්‌ගන්‌ති. ඒකච්‌චේ ඒවමාහංසු, ඵොට්‌ඨබ්‌බා කාමානං අග්‌ගන්‌ති.

යතෝ ඛෝ තේ රාජානෝ නාසක්‌ඛිංසු අඤ්‌ඤමඤ්‌ඤං සඤ්‌ඤාපේතුං. අථ ඛෝ රාජා පසේනදි කෝසලෝ තේ රාජානෝ ඒතදවෝච. ආයාම මාරිසා යේන භගවා තේනුපසංකමිස්‌සාම; උපසංකමිත්‌වා භගවන්‌තං ඒතමත්‌ථං පටිපුච්‌ඡිස්‌සාම. යථා නෝ භගවා ව්‍යාකරිස්‌සති තථා නං ධාරෙස්‌සාමාති. ඒවං මාරිසාති ඛෝ තේ රාජානෝ රඤ්‌ඤෝ පසේනදිස්‌ස කෝසලස්‌ස පච්‌චස්‌සෝසුං.

දවසක් පසේනදි කොසොල් රජුන් ප්‍රමුඛ රජවරුන් පස් දෙනෙක් පංචකාම සැපයෙන් ඉඳුරන් පිනව පිනවා හිටියා. එදා ඔවුන් අතර මේ විදිහට කතා බහක් ඇතිවුනා. මේ කාම සැප අතර අග්‍ර දේ මොකක්ද?

එතකොට එක්කෙනෙක් මෙහෙම කිව්වා; “කාම සැප අතර අග්‍ර වෙන්නෙ රූපයයි” තව කෙනෙක් මෙහෙම කිව්වා; “ශබ්දය තමයි කාම සැප අතර අග්‍ර වෙන්නෙ” කියලා. තව කෙනෙක් මෙහෙම කිව්වා; “ගඳ සුවඳ තමයි කාම සැප අතර අග්‍ර වෙන්නෙ” කියලා. තව කෙනෙක් මෙහෙම කිව්වා; “රස තමයි කාම සැප අතර අග්‍ර වෙන්නෙ” කියලා. එතකොට අනිත් කෙනා මෙහෙම කිව්වා; “පහස තමයි කාම සැප අතර අග්‍ර වෙන්නෙ” කියලා. ඒ රජවරුන්ට ඔවුනොවුන්ගේ මතය එකිනෙකාට තේරුම් කරවන්න බැරිවුනා. එතකොට පසේනදි කොසොල් රජතුමා ඒ රජවරුන්ට මෙහෙම කිව්වා. “නිදුක්වරුනි, අපි යමු භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න. ගිහින් භාග්‍යවතුන් වහන්සේගෙන් ඔය කාරණාව අහමු. භාග්‍යවතුන් වහන්සේ යම් ආකාරයකින් අපට තෝරලා දෙනවා නම්, අපි ඒ විදිහට පිළිගනිමු.” “හොඳයි නිදුකාණෙනි” කියල ඒ රජවරු පසේනදී කොසොල් රජතුමාට පිළිතුරු දුන්නා.

අථ ඛෝ තේ පඤ්‌ච රාජානෝ පසේනදිප්පමුඛා යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නෝ ඛෝ රාජා පසේනදි කෝසලෝ භගවන්‌තං ඒතදවෝච. ඉධ භන්තේ අම්‌හාකං පඤ්‌චන්‌නං රාජූනං පඤ්‌චහි කාමගුණේහි සමප්‌පිතානං සමංගීභූතානං පරිචාරයමානානං අයමන්‌තරාකථා උදපාදි. කින්නු ඛෝ කාමානං අග්‌ගන්‌ති? ඒකච්‌චේ ඒවමාහංසු. රූපා කාමානං අග්‌ගන්‌ති. ඒකච්‌චේ ඒවමාහංසු. ….(පෙ)…. ඵොට්‌ඨබ්‌බා කාමානං අග්‌ගන්‌ති. කින්නු ඛෝ භන්තේ කාමානං අග්‌ගන්‌ති?

ඉතින් පසේනදී කොසොල් රජු ප්‍රධාන ඒ රජවරු පස් දෙනා භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන පසේනදී කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

“ස්වාමීනී, මේ අපි රජවරු පස් දෙනා පංචකාම සැපයෙන් ඉන්ද්‍රියන් පිනව පිනවා ඉන්න කොට මේ විදිහේ කතා බහක් ඇතිවුනා. ‘මේ කාම සැපයෙන් අග්‍ර වෙන්නෙ මොකක්ද?’ කියලා. එතකොට එක්කෙනෙක් කිව්වා. කාම සැපයෙන් රූපය අග්‍රයි කියලා. තව කෙනෙක් ශබ්දය …. (පෙ) …. පහස කාම සැපයෙන් අග්‍රයි කියලා. ස්වාමීනී, කාම සැපයෙන් අග්‍ර දේ මොකක්ද?”

මනාපපරියන්‌තං ඛ්‌වාහං මහාරාජ පඤ්‌චසු කාමගුණේසු අග්‌ගන්‌ති වදාමි. තේව මහාරාජ රූපා ඒකච්‌චස්‌ස මනාපා හොන්‌ති. තේව රූපා ඒකච්‌චස්‌ස අමනාපා හොන්‌ති. යේහි ච යෝ රූපේහි අත්‌තමනෝ හෝති පරිපුණ්‌ණසං‌කප්‌පෝ, සෝ තේහි රූපේහි අඤ්‌ඤං රූපං උත්‌තරිතරං වා පණීතතරං වා න පත්‌ථේති. තේ තස්‌ස රූපා පරමා හොන්‌ති. තේ තස්‌ස රූපා අනුත්‌තරා හොන්‌ති.

“පින්වත් මහාරාජ, මම නම් කියන්නෙ ඔය පංචකාම ගුණවලින් අග්‍ර වෙන්නේ තමන්ට ප්‍රිය මනාප දේම තමයි කියලා. පින්වත් මහාරාජ, කෙනෙකුට ඒ රූප ඉතා ප්‍රිය මනාපයි. තව කෙනෙකුට ඒ රූපම අප්‍රියයි. යම් කෙනෙක් යම් රූපවලින් සිත සතුටු වෙනවා නම්, අදහස් පිරිල යනවා නම්, එයා ඒ රූප අත්හැරලා, ඊට වඩා ශ්‍රේෂ්ඨ වූ, ඊට වඩා ප්‍රණීත වූ රූප පතන්නෙ නෑ. එයාට ඒ රූප තමයි උතුම්. එයාට ඒ රූප තමයි අනුත්තර.

තේව මහාරාජ සද්‌දා ….(පෙ)…. තේව මහාරාජ ගන්‌ධා ….(පෙ)…. තේව මහාරාජ රසා ….(පෙ)…. තේව මහාරාජ ඵොට්‌ඨබ්‌බා ඒකච්‌චස්‌ස මනාපා හොන්‌ති. තේව ඵොට්‌ඨබ්‌බා ඒකච්‌චස්‌ස අමනාපා හොන්‌ති. යේහි ච යෝ ඵොට්‌ඨබ්‌බේහි අත්‌තමනෝ හෝති පරිපුණ්‌ණසංකප්‌පෝ, සෝ තේහි ඵොට්‌ඨබ්‌බේහි අඤ්‌ඤං ඵොට්‌ඨබ්‌බං උත්‌තරිතරං වා පණීතතරං වා න පත්‌ථේති. තේ තස්‌ස ඵොට්‌ඨබ්‌බා පරමා හොන්‌ති. තේ තස්‌ස ඵොට්‌ඨබ්‌බා අනුත්‌තරා හොන්‌තීති.

පින්වත් මහාරාජ, එකම ශබ්දය පවා …. (පෙ) …. පින්වත් මහාරාජ, එකම ගඳ සුවඳ පවා, …. (පෙ) …. පින්වත් මහාරාජ එකම රස පවා …. (පෙ) …. පින්වත් මහාරාජ, එකම පහස පවා ඇතැම් කෙනෙකුට ප්‍රිය මනාපයි. ඒ පහසම තව කෙනෙකුට ප්‍රිය මනාප නෑ. යමෙක් යම් පහසකින් සතුටක් ලබනවා නම්, එයාගේ අදහස් සම්පූර්ණ වෙනවා නම්, එයා ඒ පහසට වඩා උතුම් හරි, ප්‍රණීත හරි වෙන පහසක් පතන්නෙ නෑ. එයාට මහා ලොකුවට පේන්නෙ ඒ පහස විතරයි. එයාට ඒ පහස අනුත්තරයි.”

තේන ඛෝ පන සමයේන චන්‌දනංගලිකෝ උපාසකෝ තස්‌සං පරිසායං නිසින්නෝ හෝති. අථ ඛෝ චන්‌දනං‌ගලිකෝ උපාසකෝ උට්‌ඨායාසනා ඒකංසං උත්‌තරාසංගං කරිත්‌වා යේන භගවා තේනඤ්‌ජලිං පණාමෙත්‌වා භගවන්‌තං ඒතදවෝච. පටිභාති මං භගවා පටිභාති මං සුගතාති. පටිභාතු තං චන්‌දනං‌ගලිකාති භගවා අවෝච.

ඒ වෙලාවෙ චන්දනංගලික උපාසකතුමා ඒ පිරිස මැද වාඩිවෙලයි හිටියේ. ඒ චන්දනංගලික උපාසකතුමා ආසනෙන් නැගිට්ටා. උතුරු සළුව තනි පැත්තකට පොරොවගත්තා. භාග්‍යවතුන් වහන්සේ දිහාවට වැඳගත්තා. වැඳගෙන භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “භාග්‍යවතුන් වහන්ස, මට කාරණයක් වැටහෙනවා. සුගතයන් වහන්ස, මට කාරණයක් වැටහෙනවා.”

“පින්වත් චන්දනංගලික, ඔබට ඒ කාරණය වැටහේවා!” කියල භාග්‍යවතුන් වහන්සේ වදාළා.

අථ ඛෝ චන්‌දනං‌ගලිකෝ උපාසකෝ භගවතෝ සම්‌මුඛා තදනුරූපාය ගාථාය අභිත්‌ථවි.

එතකොට චන්දනංගලික උපාසකතුමා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ ඒ අවස්ථාවට ගැලපෙන ගාථාවකින් ස්තුති කළා.

පදුමං යථා කෝකනදං සුගන්‌ධං
පාතෝ සියා ඵුල්‌ලමවීතගන්‌ධං
අංගීරසං පස්‌ස විරෝචමානං
තපන්‌තමාදිච්‌චමිවන්‌තලික්‌ඛේති.

“හිමිදිරි උදෑසන රතු පාට නෙළුම් මලක් පිපෙනවා. ඒ මලෙන් හැම තැනම පැතිරෙන මිහිරි සුවඳ හමාගෙන යනවා. අන්න ඒ වගේමයි, අහසේ බබලන හිරු මඬල වගෙයි. අසිරිමත් ගුණයෙන් බබලන බුදු සමිඳුන් දෙස බලන්න.”

අථ ඛෝ තේ පඤ්‌ච රාජානෝ චන්‌දනංගලිකං උපාසකං පඤ්‌චහි උත්‌තරාසංගේ හි අච්‌ඡාදේසුං. අථ ඛෝ චන්‌දනංගලිකෝ උපාසකෝ තේහි පඤ්‌චහි උත්‌තරාසංගේහි භගවන්‌තං අච්‌ඡාදේසීති.

එතකොට ඒ රජවරු පස්දෙනා උතුරු සළු පහකින් ඒ චන්දනංගලික උපාසකතුමාව පෙරෙව්වා. ඉතින් ඒ චන්දනංගලික උපාසකතුමා ඒ උතුරු සළු පහ භාග්‍යවතුන් වහන්සේට පූජා කළා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_3-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M