සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

3.1.9. යඤ්ඤ සුත්තං

3.1.9. යාගය ගැන වදාළ දෙසුම

සාවත්ථියං….

සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………….

තේන ඛෝ පන සමයේන රඤ්‌ඤෝ පසේනදිස්‌ස කෝසලස්‌ස මහායඤ්‌ඤෝ පච්‌චුපට්‌ඨිතෝ හෝති. පඤ්‌ච ච උසභසතානි පඤ්‌ච ච වච්‌ඡතරසතානි පඤ්‌ච ච වච්‌ඡතරීසතානි පඤ්‌ච ච අජසතානි පඤ්‌ච ච උරබ්‌භසතානි ථූණූපනීතානි හොන්‌ති යඤ්‌ඤත්‌ථාය. යේ පිස්‌ස තේ හොන්‌ති දාසාති වා පෙස්‌සාති වා කම්‌මකරාති වා තේපි දණ්‌ඩතජ්‌ජිතා භයතජ්‌ජිතා අස්‌සුමුඛා රුදමානා පරිකම්‌මානි කරොන්‌ති.

ඒ දවස්වල පසේනදී කොසොල් රජ්ජුරුවන්ගේ මහා යාගයක් පටන් අරන් තිබුනා. ඒ යාගෙට ලොකු ගොන්නු පන්සීයක්, නාම්බො පන්සීයක්, නෑම්බියො පන්සීයක්, එළුවො පන්සීයක්, බැටළුවො පන්සීයක් කණුවල ගැට ගහලා තිබුනා, යාගයට ගන්න කියල.

ඔහුගේ දාසයො හරි, දූතයො හරි, කම්කරුවො හරි හිටියා නම්, ඒ උදවියත් දඬුවම්වලට භයේ තැති අරගෙන, කඳුළු පිරුණ මුහුණින්, අඬ අඬා එතන වැඩ කළා.

අථ ඛෝ සම්‌බහුලා භික්‌ඛූ පුබ්බන්හසමයං නිවාසෙත්‌වා පත්‌තචීවරමාදාය සාවත්‌ථිං පිණ්‌ඩාය පවිසිංසු. සාවත්‌ථියං පිණ්‌ඩාය චරිත්‌වා පච්‌ඡාභත්‌තං පිණ්‌ඩපාතපටික්‌කන්‌තා යේන භගවා තේනුපසංකමිංසු; උපසංකමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නෝ ඛෝ තේ භික්‌ඛූ භගවන්‌තං ඒතදවෝචුං. ඉධ භන්තේ රඤ්‌ඤෝ පසේනදිස්‌ස කෝසලස්‌ස මහායඤ්‌ඤෝ පච්‌චුපට්‌ඨිතෝ හෝති පඤ්‌ච ච උසභසතානි පඤ්‌ච ච වච්‌ඡතරසතානි පඤ්‌ච ච වච්‌ඡතරීසතානි පඤ්‌ච ච අජසතානි පඤ්‌ච ච උරබ්‌භසතානි ථූණූපනීතානි හොන්‌ති යඤ්‌ඤත්‌ථාය. යේපිස්‌ස භන්තේ තේ හොන්‌ති දාසාති වා පෙස්‌සාති වා කම්‌මකරාති වා තේපි දණ්‌ඩතජ්‌ජිතා භයතජ්‌ජිතා අස්‌සුමුඛා රුදමානා පරිකම්‌මානි කරොන්‌තීති.

එදා බොහෝ භික්‍ෂුන් වහන්සේලා උදේ වරුවේ සිවුරු පොරෝගෙන, පාත්‍ර සිවුරු අරගෙන, සැවැත් නුවරට පිණ්ඩපාතෙ වැඩියා. සැවැත් නුවර පිණ්ඩපාතෙ කරගෙන හවස් වරුවෙ භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන ඒ භික්‍ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

“ස්වාමීනි, මේ දවස්වල පසේනදී කොසොල් රජ්ජුරුවන්ගේ මහා යාගයක් පටන් අරන්. ලොකු ගොන්නු පන්සීයක්, නාම්බො පන්සීයක්, නෑම්බියො පන්සීයක්, එළුවො පන්සීයක්, බැටළුවො පන්සීයක් කණුවල ගැට ගහලා ඉන්නවා යාගයට ගන්න කියලා. ඒ වගේම ස්වාමීනි, ඔහුගේ දාසයො, දූතයො, කම්කරුවො හැටියට ඉන්න අය පවා දඬුවම්වලට තැති අරගෙන භයෙන් තැති අරගෙන, කඳුළු පිරුණු මුහුණින් තමයි අඬ අඬා ඒවා කරන්නෙ.”

අථ ඛෝ භගවා ඒතමත්‌ථං විදිත්‌වා තායං වේලායං ඉමා ගාථායෝ අභාසි.

එතකොට භාග්‍යවතුන් වහන්සේ ඒ කරුණ දැනගෙන ඒ වෙලාවෙ මේ ගාථාවන් වදාළා.

අස්‌සමේධං පුරිසමේධං සම්‌මාපාසං වාජපෙය්‍යං නිරග්‌ගලං
මහායඤ්‌ඤා මහාරම්‌භා න තේ හොන්‌ති මහප්‌ඵලා

“අස්සමේධ, පුරිසමේධ, සම්මාපාස, වාජපෙය්ය, නිරග්ගල කියල මහා විශාලෙට කරන මහා යාග තියෙනවා. ඔය යාගවලින් කිසි ප්‍රයෝජනයක් නෑ.

අජේළකා ච ගාවෝ ච විවිධා යත්‌ථ හඤ්‌ඤරේ
න තං සම්‌මග්‌ගතා යඤ්‌ඤං උපයන්‌ති මහේසිනෝ

එළුබැටළුවො මරන, ගවයන් මරන, ඔය යාගවලට යහපත් මාර්ගයේ ගමන් කරන බුද්ධාදී ඉසිවරයන් වහන්සේලා වඩින්නෙ නෑ.

යේ ච යඤ්‌ඤා නිරාරම්‌භා යජන්‌ති අනුකුලං සදා
අජේළකා ච ගාවෝ ච විවිධා නෙත්‌ථ හඤ්‌ඤරේ

ඔය මහ ලොකුවට නැතුවට, ගෙයක් පාසා හැම තිස්සෙම පුංචියට යාග කෙරෙනවා. ඒ යාගවල එළු බැටළුවො මරන්නෙත් නෑ. ගවයන් මරන්නෙත් නෑ.

ඒතං සම්‌මග්‌ගතා යඤ්‌ඤං උපයන්‌ති මහේසිනෝ
ඒතං යජේථ මේධාවී ඒසෝ යඤ්‌ඤෝ මහප්‌ඵලෝ

ඒ යාගවලට යහපත් මාර්ගයේ ගමන් කරන බුද්ධාදී ඉසිවරයන් වහන්සේල වඩිනවා. නුවණැති උදවිය කළ යුත්තෙ අන්න ඒ වගේ යාග තමයි. ඒ යාගවල ගොඩාක් ප්‍රතිඵල තියෙනවා.

ඒතං හි යජමානස්‌ස සෙය්‍යෝ හෝති න පාපියෝ
යඤ්‌ඤෝ ච විපුලෝ හෝති පසීදන්‌ති ච දේවතාති.

එබඳු යාග කරන උදවිය දියුණු වෙනවා. පිරිහෙන්නෙ නෑ. ඒ යාගය ලොකු දෙයක්. දෙවියන් පවා පහදිනවා.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_3-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M