සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………….
ඒ දිනවල පසේනදී කොසොල් රජ්ජුරුවො විශාල පිරිසක් හිරකරලා හිටියා. සමහර කෙනෙක්ව කඹවලිනුත්, සමහර කෙනෙක්ව යකඩ දම්වැල් වලිනුත්, සමහර කෙනෙක්ව දඬුකඳේ ගහල තියනවා.
එදා බොහෝ භික්‍ෂුන් වහන්සේලා උදේ වරුවේ සිවුරු පොරෝගෙන, පාත්‍ර සිවුරු අරගෙන සැවැත් නුවර පිණ්ඩපාතෙ වැඩියා. සැවැත් නුවර පිණ්ඩපාතෙ කරගෙන, හවස් වරුවේ භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න ගියා. ගිහින් වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන ඒ භික්‍ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “ස්වාමීනි, මේ පසේනදී කොසොල් රජතුමා සමහරුන්ව කඹවලිනුත්, සමහර කෙනෙක්ව දම්වැල් වලිනුත්, සමහරුන්ව දඬුකඳේ ගහල බැඳල දාපු විශාල පිරිසක් හිටියා.”
එතකොට භාග්‍යවතුන් වහන්සේ ඒ කරුණ දැනගෙන ඒ වෙලාවේ මේ ගාථාවන් වදාළා.
“යකඩවලින් කරපු, ලීයෙන් කරපු, බුබුස් තණවලින් කරපු, බන්ධන තියෙනවා තමයි. ඒ වුනත් නුවණැත්තෝ ඒවාට බලවත් බන්ධනය කියල කියන්නෙ නෑ. මැණික් කුණ්ඩලාභරණවලට, දූදරුවන්ට, බිරින්දෑවරුන්ට, බලවත්ව ඇලී ගිහින්, ඒ ගැන යම් අපේක්‍ෂාවක් තියෙනවාද, නුවණැත්තෝ අන්න ඒකටයි බලවත් බන්ධනය කියල කිව්වේ. ඒ බන්ධනය (පුද්ගලයා) අපායට ඇදගෙන යනවා. සියුම් එකක්. නිදහස් වෙන්න අමාරු එකක්. නමුත් ඔය බන්ධන පවා සිඳගෙන, කාම සැප අත්හැර දාලා, අපේක්‍ෂා රහිතව, පැවිදි වෙන අයත් ඉන්නවා.”
සාදු! සාදු!! සාදු!!!
පළමුවෙනි බන්ධන වර්ගය අවසන් විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_3-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M