සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………….
එකත්පසක සිටි පසේනදී කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“ස්වාමීනි, මං නඩු විසඳන්න විනිශ්චය ආසනේ ඉන්න කොට, මහා සම්භාවනීය රාජවංශික උදවිය, සම්භාවනීය බ්‍රාහ්මණ වංශික උදවිය, සම්භාවනීය ගෘහපති උදවිය එනවා. ඔවුන්ට හොඳට ධනය තියෙනවා. හොඳට භවභෝග සම්පත් තියෙනවා. රන් රිදී පිරිල තියෙනවා. සැපසම්පත් ඕනතරම් තියෙනවා. ධනධාන්‍ය ඕනතරම් තියෙනවා. නමුත් ඔවුන් කාමය නිසාම, කාමය මුල් කරගෙන, කාමයෙන් ඇතිවෙච්ච ප්‍රශ්න නිසාම දැන දැන බොරු කියනවා. එතකොට ස්වාමීනි, මට මෙහෙම හිතෙනවා. මගේ මේ නඩු විසඳීම වැඩක් නෑ. ‘දැන් මේ අධිකරණ ශාලාවෙ ලස්සන මූණක් දකින්න නෑ නෙව’ කියලා.”
“පින්වත් මහාරාජ, රාජවංශික සම්භාවනීය උදවිය වෙන්න පුළුවනි, බ්‍රාහ්මණ වංශික උදවිය වෙන්න පුළුවනි, ගෘහපති සම්භාවනීය උදවිය වෙන්න පුළුවනි, මහා ධනවතුන් වෙන්නත් පුළුවනි, හොඳට භවබෝග සම්පත් තියෙන්නත් පුළුවන්, රන් රිදී පිරිල තියෙන්නත් පුළුවන්, ඔවුන්ට කොයිතරම් සැපසම්පත් තිබුනත්, ධනධාන්‍ය ඕන තරම් තිබුනත්, කාමය නිසා, කාමය මුල් කරගෙන, කාමයෙන් ඇතිවෙන ප්‍රශ්න නිසා දැන දැන බොරු කියනවා නම්, ඔවුන්ට ඒක බොහෝ කලක් අහිත පිණිස, දුක් පිණිස හේතු වේවි.
කාම සැපයට සත්වයන් ඇලෙනවා. ගිජු වෙනවා. කාමයේ මුසපත් වෙනවා. අන්තිමේදී ඒකෙ සීමාව හොයාගන්න බැරුව යනවා. මසුන් මරන්න අටවපු කෙමනටයි රිංගන්නෙ කියල දන්නෙ නැති මාළුවො වගේ, පස්සෙ ඔවුන් දුකට පත්වෙනවා. ඒකෙ විපාකය පාපී දෙයක්.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_3-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M