සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………….
එකත්පසක සිටි පසේනදී කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
“ස්වාමීනි, මං හුදෙකලාවෙ තනියම ඉන්න කොට, මට මෙහෙම කල්පනාවක් ඇතිවුනා. මේ ලෝකෙ ටික දෙනෙක් ඉන්නවා. එයාල ගොඩක් සැපසම්පත් ලැබුනා කියල මත් වෙන්නෙ නෑ. ප්‍රමාද වෙන්නෙ නෑ. කාම සැපයට ගිජු වෙන්නෙ නෑ. අනිත් උදවිය ගැන වැරදි විදිහට පිළිපදින්නෙ නෑ. ඒ වුනාට මේ ලෝකෙ මහා පිරිසක් ඉන්නවා සැපසම්පත් ලැබිච්ච ගමන් මත් වෙනවා. ප්‍රමාද වෙනවා. කාමයන්ට ගිජු වෙනවා. අනිත් උදවිය කෙරෙහි වැරදි විදිහට පිළිපදිනවා.”
“පින්වත් මහාරාජ, ඒක එහෙමම තමයි. පින්වත් මහාරාජ, ඒක එහෙමම තමයි. පින්වත් මහාරාජ, ලෝකෙ ටික දෙනෙක් තමයි ඉන්නෙ. එයාලට වස්තුව ලැබුනට මත් වෙන්නෙ නෑ. ප්‍රමාද වෙන්නෙ නෑ. කාම සැපයට ගිජු වෙන්නෙ නෑ. අනිත් උදවිය කෙරෙහි වැරදි විදිහට පිළිපදින්නෙ නෑ. ඒ වුනාට මේ ලෝකෙ මහ විශාල පිරිසක් ඉන්නවා, දේපල වස්තුව වැඩි වැඩියෙන් ලැබෙන කොට මත් වෙනවා. ප්‍රමාද වෙනවා. කාම සැපයට ගිජු වෙනවා. අනිත් උදවිය කෙරෙහි වැරදි විදිහට පිළිපදිනවා.
කාම සැපයට සත්වයන් ඇලෙනවා. ගිජු වෙනවා. කාමයෙහි මුසපත් වෙනවා. අන්තිමේදී ඒකෙ සීමාව හොයාගන්න බැරුව යනවා. වැද්දා අටවපු උගුල හොයාගන්න බැරි මුවන් වගේ. පස්සෙ ඔවුන් දුකට පත්වෙනවා. ඒකෙ විපාකය පාපී දෙයක්.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_3-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M