සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………….
එකත්පසක සිටි පසේනදී කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේ ගෙන් මෙහෙම ඇහුවා.
“ස්වාමීනී, ඉපදිච්ච කෙනෙකුට ජරාමරණ හැර වෙන දෙයක් තියෙනවාද?”
“පින්වත් මහාරාජ, ඉපදිච්ච කෙනෙකුට ජරාමරණ හැර වෙන මොකවත් නෑ. පින්වත් මහාරාජ, සම්භාවනීය රාජවංශිකයො ඉන්නවා. එයාලට වස්තුව තියෙනවා. ධනය තියෙනවා. භෝග සම්පත් තියෙනවා. රන් රිදී පිරිල තියෙනවා. තව සැපසම්පත් තියෙනවා. ධනධාන්‍ය පිරිල තියෙනවා. ඉපදිලා සිටින ඔවුන්ටත් ජරාමරණ හැර වෙන මොකවත් නෑ. පින්වත් මහාරාජ, සම්භාවනීය බ්‍රාහ්මණයො ඉන්නවා …. (පෙ) …. පින්වත් මහාරාජ, සම්භාවනීය ගෘහපතිවරු ඉන්නවා. එයාලා ධනවත්. භවභෝග සම්පත් තියෙනවා. රන් රිදී පිරිල තියෙනවා. අනෙත් වස්තුවත් ඕනතරම් තියෙනවා. ධනධාන්‍යත් පිරිල තියෙනවා. ඉපදිලා ඉන්න ඔවුන්ටත් ජරාමරණ හැර වෙන මොකවත් නෑ. පින්වත් මහාරාජ, රහත් භික්‍ෂූන් වහන්සේලා ඉන්නවා. ඔවුන්ට කෙලෙස් නෑ. නිවන් මඟ සම්පූර්ණ කරල ඉන්නේ. කළ යුතු දේ කරලා ඉන්නෙ. කෙලෙස් බර වීසිකරල ඉන්නෙ. ක්‍රමානුකූලව උත්තම බවට පත්වෙලයි ඉන්නෙ. භව බන්ධන නැතිකරලයි ඉන්නෙ. අවබෝධයෙන්ම දුකින් නිදහස් වෙලයි ඉන්නෙ. ඒ රහතුන්ගේ පවා මේ කය බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. බැහැරට දමන ස්වභාවයෙන් යුක්තයි.
හැඩවැඩ ඇති ලස්සන රාජකීය වාහනත් ඇත්තෙන්ම දිරල යනවා. ශරීරත් එහෙම තමයි. දිරල යනවා. ඒ වුනත්, සත්පුරුෂයින්ගේ ධර්මය නම් දිරල යන්නෙ නෑ කියල ඇත්තෙන්ම සත්පුරුෂයො ඒක කියනවා.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_3-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M