සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………….
එදා පසේනදී කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන පසේනදී කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා.
“ස්වාමීනි, පුරුෂයෙකුගේ සිතේ තමන්ට අහිත පිණිස, දුක් පිණිස, කරදර පිණිස උපදිනවා නම්, කරුණු කීයක් උපදිනවාද?”
“පින්වත් මහාරාජ, පුරුෂයෙකුගේ සිතේ තමන්ට අහිත පිණිස, දුක් පිණිස, කරදර පිණිස උපදිනවා නම් උපදින්න තියෙන්නෙ කරුණු තුනයි. ඒ කරුණු මොනවාද? පින්වත් මහාරාජ, පුරුෂයාගේ සිත තුළ අහිත පිණිස, දුක් පිණිස, කරදරය පිණිස උපදිනවා නම් උපදින්නෙ ලෝභයයි. පින්වත් මහාරාජ, පුරුෂයාගේ සිත තුළ අහිත පිණිස, දුක් පිණිස, කරදර පිණිස උපදිනවා නම් උපදින්නෙ ද්වේෂයයි. පින්වත් මහාරාජ, පුරුෂයාගේ සිත තුළ අහිත පිණිස, දුක් පිණිස, කරදර පිණිස උපදිනවා නම් උපදින්නෙ මෝහයයි. පින්වත් මහාරාජ, පුරුෂයාගේ සිත තුළ අහිත පිණිස, දුක් පිණිස, කරදර පිණිස උපදිනවා නම් උපදින්න තියෙන්නෙ ඔය තුන තමයි.
තමන්ගේ සිත තුළමයි මේවා ඇතිවෙන්නෙ. එතකොට ලෝභ, ද්වේෂ, මෝහ ආදී පව් සිතුවිලි ඒ පුද්ගලයාව පෙළන්න ගන්නවා. ඒක පොත්තම අරටුව හැටියට තියෙන ගහක ගෙඩි හැදුන වගේ වැඩක්.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_3-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M