සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

2.3.9. සුසීම සුත්තං

2.3.9. සුසීම දිව්‍යපුත්‍රයාට වදාළ දෙසුම

110. සාවත්ථියං…

සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………….

අථ ඛෝ ආයස්‌මා ආනන්‌දෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්‌නං ඛෝ ආයස්‌මන්‌තං ආනන්‌දං භගවා ඒතදවෝච. තුය්‌හම්‌පි නෝ ආනන්‌ද සාරිපුත්‌තෝ රුච්‌චතීති.

එදා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ හමුවට වැඩියා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන ආයුෂ්මත් ආනන්දයන්ගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙහෙම ඇහුවා.

“පින්වත් ආනන්ද, ඔබටත් පින්වත් සාරිපුත්තයන්ව රුස්සන්නෙ නැද්ද?”

කස්‌ස හි නාම භන්තේ, අබාලස්‌ස අදුට්‌ඨස්‌ස අමූළ්‌හස්‌ස අවිපල්‌ලත්‌ථචිත්‌තස්‌ස ආයස්‌මා සාරිපුත්‌තෝ න රුච්‌චෙය්‍ය. පණ්‌ඩිතෝ භන්තේ, ආයස්‌මා සාරිපුත්‌තෝ. මහාපඤ්‌ඤෝ භන්තේ, ආයස්‌මා සාරිපුත්‌තෝ. පුථුපඤ්‌ඤෝ භන්තේ, ආයස්‌මා සාරිපුත්‌තෝ. හාසුපඤ්‌ඤෝ භන්තේ, ආයස්‌මා සාරිපුත්‌තෝ. ජවනපඤ්‌ඤෝ භන්තේ, ආයස්‌මා සාරිපුත්‌තෝ. තික්‌ඛපඤ්‌ඤෝ භන්තේ, ආයස්‌මා සාරිපුත්‌තෝ. නිබ්‌බේධිකපඤ්‌ඤෝ භන්තේ, ආයස්‌මා සාරිපුත්‌තෝ. අප්‌පිච්‌ඡෝ භන්තේ, ආයස්‌මා සාරිපුත්‌තෝ. සන්‌තුට්‌ඨෝ භන්තේ, ආයස්‌මා සාරිපුත්‌තෝ. පවිවිත්‌තෝ භන්තේ, ආයස්‌මා සාරිපුත්‌තෝ. අසංසට්‌ඨෝ භන්තේ, ආයස්‌මා සාරිපුත්‌තෝ. ආරද්‌ධවිරියෝ භන්තේ, ආයස්‌මා සාරිපුත්‌තෝ. වත්‌තා භන්තේ, ආයස්‌මා සාරිපුත්‌තෝ. වචනක්‌ඛමෝ භන්තේ, ආයස්‌මා සාරිපුත්‌තෝ. චෝදකෝ භන්තේ, ආයස්‌මා සාරිපුත්‌තෝ. පාපගරහී භන්තේ, ආයස්‌මා සාරිපුත්‌තෝ. කස්‌ස හි නාම භන්තේ, අබාලස්‌ස අදුට්‌ඨස්‌ස අමූළ්‌හස්‌ස අවිපල්‌ලත්‌ථචිත්‌තස්‌ස ආයස්‌මා සාරිපුත්‌තෝ න රුච්‌චෙය්‍යාති.

“ස්වාමීනි, මෝඩ නැති, දුෂ්ට නැති, මුළා වෙලා නැති, විකෘති නොවූ සිත් ඇති, කාටද ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේව රුස්සන්නෙ නැත්තෙ? ස්වාමීනි, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ බුද්ධිමත් කෙනෙක්. ස්වාමීනී, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මහා ප්‍රඥාවකින් යුක්තයි. ස්වාමීනී, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ අතිශයින්ම ප්‍රඥාවන්තයි. ස්වාමීනි, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වහා කරුණු වැටහෙන ප්‍රඥාවකින් යුක්තයි. ස්වාමීනි, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වේගවත් ප්‍රඥාවකින් යුක්තයි. ස්වාමීනි, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ තියුණු ප්‍රඥාවකින් යුක්තයි. ස්වාමීනි, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ අවබෝධයෙන්ම කළකිරීමට සමත් ප්‍රඥාවෙන් යුක්තයි.

ස්වාමීනි, සාරිපුත්තයන් වහන්සේ අල්පේච්ඡ බවින් යුක්තයි. ස්වාමීනි, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ලද දෙයින් සතුටු වන කෙනෙක්. ස්වාමීනි, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ හුදෙකලා විවේකයෙන් සතුටු වන කෙනෙක්. ස්වාමීනි, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ලෝකය හා එක් නොවී වාසය කරන කෙනෙක්. ස්වාමීනි, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ පටන්ගත් වීරිය තියෙන කෙනෙක්. ස්වාමීනි, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ යහපත් වචන ඇති කෙනෙක්. ස්වාමීනි, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ඕනෑම දරුණු වචනයක් ඉවසන කෙනෙක්. ස්වාමීනි, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ අනුන්ගේ අඩුපාඩු කරුණාවෙන් පෙන්වා දෙන කෙනෙක්. ස්වාමීනි, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ පාපයට ගරහන කෙනෙක්. ස්වාමීනි, මෝඩ නැති, දුෂ්ට නැති, මුළාව නැති, විකෘති නො වූ සිත් ඇති, කාටද ආයුෂ්මත් සාරිපුත්තයන් රුචි වෙන්නෙ නැත්තේ?”

ඒවමේතං ආනන්‌ද, ඒවමේතං ආනන්‌ද. කස්‌ස හි නාම ආනන්‌ද, අබාලස්‌ස අදුට්‌ඨස්‌ස අමූළ්‌හස්‌ස අවිපල්‌ලත්‌ථචිත්‌තස්‌ස සාරිපුත්‌තෝ න රුච්‌චෙය්‍ය. පණ්‌ඩිතෝ ආනන්‌ද, සාරිපුත්‌තෝ. මහාපඤ්‌ඤෝ ආනන්‌ද, සාරිපුත්‌තෝ. පුථුපඤ්‌ඤෝ ආනන්‌ද, සාරිපුත්‌තෝ. හාසුපඤ්‌ඤෝ ආනන්‌ද, සාරිපුත්‌තෝ. ජවනපඤ්‌ඤෝ ආනන්‌ද, සාරිපුත්‌තෝ. තික්‌ඛපඤ්‌ඤෝ ආනන්‌ද, සාරිපුත්‌තෝ. නිබ්‌බේධිකපඤ්‌ඤෝ ආනන්‌ද, සාරිපුත්‌තෝ. අප්‌පිච්‌ඡෝ ආනන්‌ද, සාරිපුත්‌තෝ. සන්‌තුට්‌ඨෝ ආනන්‌ද, සාරිපුත්‌තෝ. පවිවිත්‌තෝ ආනන්‌ද, සාරිපුත්‌තෝ. අසංසට්‌ඨෝ ආනන්‌ද, සාරිපුත්‌තෝ. ආරද්‌ධවිරියෝ ආනන්‌ද, සාරිපුත්‌තෝ. වත්‌තා ආනන්‌ද, සාරිපුත්‌තෝ. වචනක්‌ඛමෝ ආනන්‌ද, සාරිපුත්‌තෝ. චෝදකෝ ආනන්‌ද, සාරිපුත්‌තෝ. පාපගරහී ආනන්‌ද, සාරිපුත්‌තෝ. කස්‌ස හි නාම ආනන්‌ද අබාලස්‌ස අදුට්‌ඨස්‌ස අමූළ්‌හස්‌ස අවිපල්‌ලත්‌ථචිත්‌තස්‌ස සාරිපුත්‌තෝ න රුච්‌චෙය්‍යාති.

“ඒක ඇත්ත පින්වත් ආනන්ද. ඒක ඇත්ත පින්වත් ආනන්ද. පින්වත් ආනන්ද, මෝඩ නැති, දුෂ්ට නැති, මුළා නැති, විකෘති නොවූ සිත් ඇති කාටද පින්වත් සාරිපුත්තයන්ව රුස්සන්නෙ නැත්තෙ. පින්වත් ආනන්ද, ඔය සාරිපුත්ත බුද්ධිමත්. පින්වත් ආනන්ද, සාරිපුත්ත මහා ප්‍රඥාවන්තයි. පින්වත් ආනන්ද, ඔය සාරිපුත්ත, අතිශයින්ම ප්‍රඥාවන්තයි. පින්වත් ආනන්ද, ඔය සාරිපුත්ත වහා වැටහෙන ප්‍රඥාවෙන් යුක්තයි. පින්වත් ආනන්ද, ඔය සාරිපුත්ත වේගවත් ප්‍රඥාවෙන් යුක්තයි. පින්වත් ආනන්ද, ඔය සාරිපුත්ත තියුණු ප්‍රඥාවෙන් යුක්තයි. පින්වත් ආනන්ද, ඔය සාරිපුත්ත අවබෝධයෙන් කළකිරීමට සමත් ප්‍රඥාවෙන් යුක්තයි. පින්වත් ආනන්ද, ඔය සාරිපුත්ත අල්පේච්ඡ කෙනෙක්. පින්වත් ආනන්ද, ඔය සාරිපුත්ත ලද දෙයින් සතුටුවන කෙනෙක්. පින්වත් ආනන්ද, ඔය සාරිපුත්ත හුදෙකලා වාසයෙන් සතුටුවන කෙනෙක්. පින්වත් ආනන්ද, ඔය සාරිපුත්ත ලෝකය හා එක් නොවී ඉන්න කෙනෙක්. පින්වත් ආනන්ද, ඔය සාරිපුත්ත පටන්ගත් වීරිය තියෙන කෙනෙක්. පින්වත් ආනන්ද, ඔය සාරිපුත්ත යහපත් වචන ඇති කෙනෙක්. පින්වත් ආනන්ද, ඔය සාරිපුත්ත ඕනෑම දරුණු වචනයක් ඉවසන කෙනෙක්. පින්වත් ආනන්ද, ඔය සාරිපුත්ත අනුන් කෙරෙහි කරුණාවෙන් අවවාද දෙන කෙනෙක්. පින්වත් ආනන්ද, ඔය සාරිපුත්ත පවට ගරහන කෙනෙක්. පින්වත් ආනන්ද, බාල නැති, දුෂ්ට නැති, මුළා නැති, විකෘති නොවූ සිත් ඇති කාටද පින්වත් සාරිපුත්තයන්ව රුස්සන්නෙ නැත්තෙ?”

අථ ඛෝ සුසීමෝ දේවපුත්තෝ ආයස්මතෝ සාරිපුත්‌තස්‌ස වණ්‌ණේ භඤ්‌ඤමානේ මහතියා දේවපුත්‌තපරිසාය පරිවුතෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්තං අට්‌ඨාසි. ඒකමන්තං ඨිතෝ ඛෝ සුසීමෝ දේවපුත්තෝ භගවන්‌තං ඒතදවෝච. ඒවමේතං භගවා. ඒවමේතං සුගත. කස්‌ස හි නාම භන්තේ, අබාලස්‌ස අදුට්‌ඨස්‌ස අමූළ්‌හස්‌ස අවිපල්‌ලත්‌ථචිත්‌තස්‌ස ආයස්‌මා සාරිපුත්‌තෝ න රුච්‌චෙය්‍ය? පණ්‌ඩිතෝ භන්තේ, ආයස්‌මා සාරිපුත්‌තෝ ….(පෙ)…. පාපගරහී භන්තේ, ආයස්‌මා සාරිපුත්‌තෝ. කස්‌ස හි නාම භන්තේ, අබාලස්‌ස අදුට්‌ඨස්‌ස අමූළ්‌හස්‌ස අවිපල්‌ලත්‌ථචිත්‌තස්‌ස ආයස්‌මා සාරිපුත්‌තෝ න රුච්‌චෙය්‍යාති.

භාග්‍යවතුන් වහන්සේ විසින් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ගැන ගුණ පවසද්දී සුසීම දිව්‍යපුත්‍රයා මහත් දෙවි පිරිසක් පිරිවරාගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණිලා, භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටගත්තු සුසීම දිව්‍යපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

“භාග්‍යවතුන් වහන්ස, ඒක ඇත්තක්මයි. සුගතයන් වහන්ස, ඒක ඇත්තක්මයි. ස්වාමීනි, බාල නැති, දුෂ්ට නැති, මුළා නැති, විකෘති නොවූ සිත් ඇති කාටද ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේව රුස්සන්නෙ නැත්තෙ? ස්වාමීනි, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ බුද්ධිමත් …. (පෙ) …. ස්වාමීනි, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ පවට ගරහන කෙනෙක්. ස්වාමීනි, මෝඩ නැති, දුෂ්ට නැති, මුළා නැති, විකෘති නොවූ සිත් ඇති කාටද ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේව රුස්සන්නෙ නැත්තෙ?

අහම්‌පි හි භන්තේ, යඤ්‌ඤදේව දේවපුත්තපරිසං උපසංකමිං. ඒතදේව බහුලං සද්‌දං සුණාමි. පණ්‌ඩිතෝ ආයස්‌මා සාරිපුත්‌තෝ ….(පෙ)…. පාපගරහී ආයස්‌මා සාරිපුත්‌තෝ. කස්‌ස හි නාම අබාලස්‌ස අදුට්‌ඨස්‌ස අමූළ්‌හස්‌ස අවිපල්‌ලත්‌ථචිත්‌තස්‌ස ආයස්‌මා සාරිපුත්‌තෝ න රුච්‌චෙය්‍යාති.

ස්වාමීනි, මට යම්කිසි දිව්‍යපුත්‍රයන් පිරිසක් ළඟට ගියාම, මේ ඝෝෂාව තමයි බහුල වශයෙන්ම ඇහෙන්නෙ. ‘ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ බුද්ධිමත් …. (පෙ) …. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ පවට ගරහන කෙනෙක්. බාල නැති, දුෂ්ට නැති, මුළා නැති, විකෘති නොවූ සිත් ඇති කාටද ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේව රුස්සන්නෙ නැත්තෙ?.’

අථ ඛෝ සුසීමස්‌ස දේවපුත්‌තස්‌ස දේවපුත්‌තපරිසා ආයස්මතෝ සාරිපුත්‌තස්‌ස වණ්‌ණේ භඤ්‌ඤමානේ අත්‌තමනා පමුදිතා පීතිසෝමනස්‌සජාතා උච්‌චාවචා වණ්‌ණනිභා උපදංසේති.

සෙය්‍යථාපි නාම මණිවේළුරියෝ සුභෝ ජාතිමා අට්‌ඨංසෝ සුපරිකම්‌මකතෝ පණ්‌ඩුකම්‌බලේ නික්‌ඛිත්‌තෝ භාසතේ ච තපතේ ච විරෝචති ච. ඒවමේවං සුසීමස්‌ස දේවපුත්‌තස්‌ස දේවපුත්‌තපරිසා ආයස්මතෝ සාරිපුත්‌තස්‌ස වණ්‌ණේ භඤ්‌ඤමානේ අත්‌තමනා පමුදිතා පීතිසෝමනස්‌සජාතා උච්‌චාවචා වණ්‌ණනිභා උපදංසේති.

එතකොට සුසීම දිව්‍ය පුත්‍රයාගේ දිව්‍යපුත්‍ර පිරිස, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගේ ගුණ වර්ණනා කරන වෙලාවේ සතුටු වුනා. ප්‍රමුදිත වුනා. ප්‍රීති සොම්නසක් හටගත්තා. (දිව්‍ය ශරීරවලින්) නොයෙක් ආකාර වූ, නොයෙක් පැහැයෙන් යුතු ආලෝක නිකුත් වෙන්න පටන්ගත්තා. අට පැත්තකට කපලා ඔප දාපු ලස්සන වෛරෝඩි මැණිකක් තියෙනවා. ඒක රතු පලසක් උඩ තිබ්බාම තව තවත් බබලනවා. දිලිසෙනවා. රැස් විහිදෙනවා. ඒ විදිහටම සුසීම දිව්‍යපුත්‍රයාගේ දිව්‍යපුත්‍ර පිරිස ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගේ ගුණ වර්ණනා කරන කොට ගොඩාක් සතුටු වුනා. ප්‍රමුදිත වුනා. ප්‍රීති සොම්නසක් හටගත්තා. (දිව්‍ය ශරීරවලින්) නොයෙක් ආකාර වූ, නොයෙක් පැහැයෙන් යුතු ආලෝකයන් නිකුත් වුනා.

සෙය්‍යථාපි නාම නෙක්‌ඛං ජම්‌බෝනදං දක්‌ඛකම්‌මාරපුත්‌තේන උක්‌කාමුඛේ සුකුසලසම්‌පහට්‌ඨං පණ්‌ඩුකම්‌බලේ නික්‌ඛිත්‌තං භාසතේ ච තපතේ ච විරෝචති ච. ඒවමේවං සුසීමස්‌ස දේවපුත්තස්‌ස දේවපුත්තපරිසා ….(පෙ)…. උච්‌චාවචා වණ්‌ණනිභා උපදංසේති.

දඹරනින් කරපු ආභරණයක් තියෙනවා. ඒක දක්‍ෂ රන්කරුවකුගේ පුතෙක් විසින් හොඳට කෝවෙ දාලා රත්කරලා, පිරිසිදු කරල ගත්තු රන්වලින් හදපු එකක්. ඒ ආභරණය රතු පලසක තිබ්බාම බබලනවා. දිලිසෙනවා. රැස් විහිදෙනවා. අන්න ඒ විදිහමයි සුසීම දිව්‍යපුත්‍රයාගේ දිව්‍යපුත්‍ර පිරිස ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගේ ගුණ වර්ණනා කරන කොට ගොඩාක් සතුටු වුනා. ප්‍රමුදිත වුනා. ප්‍රීති සොම්නසක් හටගත්තා. (දිව්‍ය ශරීරවලින්) නොයෙක් ආකාර වූ, නොයෙක් පැහැයෙන් යුතු ආලෝකයන් නිකුත් කළා.

සෙය්‍යථාපි නාම (සරදසමයේ විද්‌ධේ විගතවලාහකේ දේවේ) රත්‌තියා පච්‌චූසසමයං ඕසධිතාරකා භාසතේ ච තපතේ ච විරෝචති ච. ඒවමේවං සුසීමස්‌ස දේවපුත්තස්‌ස දේවපුත්තපරිසා ….(පෙ)…. උච්‌චාවචා වණ්‌ණනිභා උපදංසේති.

පායන කාලෙ වලාකුල් නැති අහසේ පාන්දරට දිලිසෙන පහන් තරුව ලස්සනට බබලනවා. දිලිසෙනවා. රැස් විහිදෙනවා. අන්න ඒ විදිහමයි සුසීම දිව්‍යපුත්‍රයාගේ දිව්‍යපුත්‍ර පිරිස ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගේ ගුණ වර්ණනා කරන කොට ගොඩාක් සතුටු වුනා. ප්‍රමුදිත වුනා. ප්‍රීති සොම්නසක් හටගත්තා. (දිව්‍ය ශරීරවලින්) නොයෙක් ආකාර වූ, නොයෙක් පැහැයෙන් යුතු ආලෝකයන් නිකුත් කළා.

සෙය්‍යථාපි නාම සරදසමයේ විද්‌ධේ විගතවලාහකේ දේවේ ආදිච්‌චෝ නභං අබ්‌භුස්‌සුක්‌කමානෝ සබ්‌බං ආකාසගතං තමං අභිවිහච්‌ච භාසතේ ච තපතේ ච විරෝචති ච. ඒවමේවං සුසීමස්‌ස දේවපුත්තස්‌ස දේවපුත්තපරිසා ….(පෙ)…. උච්‌චාවචා වණ්‌ණනිභා උපදංසේති.

පායන කාලෙ වලාකුළු නැති අහසේ හිරු උදාවෙන කොට, අඳුර දුරුවෙලා, බබලනවා. දිලිසෙනවා. රැස් විහිදෙනවා. අන්න ඒ විදිහමයි සුසීම දිව්‍යපුත්‍රයාගේ දිව්‍යපුත්‍ර පිරිස ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගේ ගුණ වර්ණනා කරන කොට ගොඩාක් සතුටු වුනා. ප්‍රමුදිත වුනා. ප්‍රීති සොම්නසක් හටගත්තා. (දිව්‍ය ශරීරවලින්) නොයෙක් ආකාර වූ, නොයෙක් පැහැයෙන් යුතු ආලෝකයන් නිකුත් කළා.

අථ ඛෝ සුසීමෝ දේවපුත්තෝ ආයස්‌මන්‌තං සාරිපුත්‌තං ආරබ්‌භ භගවතෝ සන්‌තිකේ ඉමං ගාථං අභාසි.

එතකොට සුසීම දිව්‍යපුත්‍රයා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ අරභයා, භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.

පණ්‌ඩිතෝති සමඤ්‌ඤාතෝ සාරිපුත්‌තෝ අකෝධනෝ
අප්‌පිච්‌ඡෝ සෝරතෝ දන්‌තෝ සත්‌ථුවණ්‌ණාභතෝ ඉසීති.

“මහා බුද්ධිමතෙක් හැටියට ප්‍රකට වුන සාරිපුත්තයන් වහන්සේ ක්‍රෝධ රහිත කෙනෙක්. අල්පේච්ඡ කෙනෙක්. කීකරු කෙනෙක්. දමනය වුන කෙනෙක්. ශාස්තෘන් වහන්සේ විසින් වර්ණනා කරපු කෙනෙක්. ඉසිවරයෙක්.”

අථ ඛෝ භගවා ආයස්‌මන්‌තං සාරිපුත්‌තං ආරබ්‌භ සුසීමං දේවපුත්තං ගාථාය අජ්ඣභාසි.

ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ අරභයා සුසීම දිව්‍යපුත්‍රයාට ගාථාවකින් වදාළා.

පණ්‌ඩිතෝති සමඤ්‌ඤාතෝ සාරිපුත්‌තෝ අකෝධනෝ
අප්‌පිච්‌ඡෝ සෝරතෝ දන්‌තෝ කාලං කංඛති සුදන්‌තෝති.

“මහා බුද්ධිමතෙක් විදිහට ප්‍රකට වුන පින්වත් සාරිපුත්තයන් ක්‍රෝධ රහිත කෙනෙක් තමයි. අල්පේච්ඡ කෙනෙක් තමයි. කීකරු කෙනෙක් තමයි. දමනය වෙච්ච කෙනෙක් තමයි. දැන් පින්වත් සාරිපුත්තයන් පිරිනිවන් පාන්න කල් බලාගෙනයි ඉන්නෙ.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_2-3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M