සංයුත්ත නිකාය

සගාථ වග්ගෝ

2.3.8. නන්දිවිසාල සුත්තං

2.3.8. නන්දිවිසාල දිව්‍යපුත්‍රයාට වදාළ දෙසුම

සාවත්ථියං…

සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………….

ඒකමන්තං ඨිතෝ ඛෝ නන්‌දිවිසාලෝ දේවපුත්තෝ භගවන්‌තං ගාථාය අජ්‌ඣභාසි.

එකත්පසක සිටි නන්දිවිසාල දිව්‍යපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් පැවසුවා.

චතුචක්‌කං නවද්‌වාරං පුණ්‌ණං ලෝභේන සංයුතං
පං‌කජාතං මහාවීර කථං යාත්‍රා භවිස්‌සතීති

“මහාවීර වූ මුනිඳුනි, මේ ජීවිතේ නැමැති වාහනයට රෝදවලින් හතරක් තියෙනවා. දොරටු නවයක් තියෙනවා. (අසුචිවලින්) පිරිල තියෙනවා. ආශාවත් එක්ක එකතු වෙලයි තියෙන්නෙ. මඩේ ඉපදිච්ච එකක්. මෙතනින් නික්මිලා යන්නෙ කොහොමද?”

(භගවා);

(භාග්‍යවතුන් වහන්සේ) :

ඡෙත්‌වා නද්‌ධිං වරත්‌තඤ්‌ච ඉච්‌ඡා ලෝභඤ්‌ච පාපකං
සමූලං තණ්‌හං අබ්‌බුය්‌හ ඒවං යාත්‍රා භවිස්‌සතීති

“රැහැනත් වරපටත්, පාපී ආශාවත්, ලෝභයත් සිඳින්න ඕන. තණ්හාව මුලින්ම උදුරා දමන්න ඕන. අන්න එතකොටයි මෙතනින් නික්ම යන්න පුළුවන් වෙන්නෙ.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_2-3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M