☰
සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………….
එකත්පසක සිටි නන්ද දිව්‍යපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.
“කාලය ගෙවිල යනවා. (ජීවත් වෙන්න තියෙන අවස්ථාව) රැයක් පාසා අහිමි වෙලා යනවා. පුද්ගලයාගේ වයස ටික ටික ඔහුව අත්හරිනවා. මරණය අභියස ඇති මේ බිය දකින කෙනා සැප ලබා දෙන පින්මයි කරන්න ඕන.”
(භාග්‍යවතුන් වහන්සේ) :
“කාලය ගෙවිලා යනවා. (ජීවත් වෙන්න තියෙන අවස්ථාව) රැයක් පාසා අහිමි වෙලා යනවා. පුද්ගලයාගේ වයස ටික ටික ඔහුව අත්හරිනවා. මරණය අභියස තියෙන මේ බිය දකින කෙනා ශාන්ත වූ නිවන අපේක්‍ෂාවෙන් ලෝකාමිසය දුරුකරන්න ඕන.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_2-3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M