මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දවස්වල බොහෝ භික්‍ෂුන් වහන්සේලා කොසොල් ජනපදයේ හිමාල පර්වත පැත්තේ වනගත කුටිවල ඉන්නවා. නමුත් උන්වහන්සේලා හරිම උඩඟුයි. මාන්නක්කාරයි. චපලයි. කට වාචාලයි. කතාව පටන්ගත්තු ගමන්මයි. සිහි මුළා වෙලා. නුවණින් තොරයි. එකඟ සිත් නෑ. නොසන්සුන් සිතින් යුතුයි. සාමාන්‍ය ස්වභාවයෙන් යුක්තයි.
එදා ජන්තු දිව්‍යපුත්‍රයා පසළොස්වක පෝය දවසේ ඒ භික්‍ෂූන් වෙත ගියා. ගිහින් ඒ භික්‍ෂුන්ට ගාථාවලින් මෙහෙම පැවසුවා.
“ගෞතම බුදු සමිඳුන්ගේ ශ්‍රාවක වූ භික්‍ෂූන් වහන්සේලා ඉස්සර සුවසේ ජීවත් වුනා. පිඬු සිඟා වැඩියේ ආශාවකින් තොරවයි. ඉන්න තැනක් සෙව්වෙත් ආශාවකින් තොරවයි. ලෝකයේ අනිත්‍ය බව අවබෝධ කරගෙන උන්වහන්සේලා දුක් අවසන් කළා.
මම සංඝයාට වන්දනා කරලා කියන්න කැමතියි. මෙහි සමහර භික්‍ෂුන් වහන්සේලා ඉන්නෙ ගම්වල ගම් දෙටුවො වගේ. පහසුවෙන් පෝෂණය කරන්න අමාරුයි. අනුන්ගේ ගෙවල්වලින් ලැබෙන දානෙ වළඳ වළඳ සිහි මුළාවෙන් සැතපෙනවා. උන්වහන්සේලා ශාසනයෙන් බැහැර වෙලා ඉන්නේ. අනාථ වෙලා ඉන්නේ. සොහොනෙ දාපු මළකඳන් වගේ.
යමෙක් ප්‍රමාදීව වාසය කරනවා නම්, අන්න ඒ භික්‍ෂුන් උදෙසා තමයි ඔය දේවල් කිව්වේ. යමෙක් අප්‍රමාදීව වාසය කරනවා නම්, උන්වහන්සේලාට මම නමස්කාර කරනවා.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_2-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M