සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………….
එකත්පසක සිටි ඛේම දිව්‍යපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාවන් පැවසුවා.
“ප්‍රඥා රහිත මෝඩ උදවිය ජීවත් වෙන්නෙ තමන්ටම සතුරු වෙලා. නපුරු විපාක දෙන, යම් කර්මයක් වෙයි නම්, ඒ පව් ම යි කරන්නේ.
යම් දෙයක් කළාට පස්සෙ ඒ අනුව දුක්වෙනවා නම්, ඒ දේ කරන්න හොඳ නෑ. අන්තිමේදී කඳුළු පිරුණු මුහුණින් තමයි ඒවායේ විපාක විඳින්න සිද්ධ වෙන්නේ.
යම් දෙයක් කළාට පස්සෙ ඒ අනුව පසුතැවිලිවීමක් නැත්නම්, ඒ වගේ දේවල් තමයි කරන්න ඕන. ඒ වගේ කර්මයන්ගේ විපාක සතුටු සිතින් විඳින්න පුළුවනි.”
(භාග්‍යවතුන් වහන්සේ) :
“යමක් තමන්ට හිතසුව පිණිස තියෙන බව දන්නවා නම්, ඒක තමයි ඉස්සෙල්ලාම කරන්න ඕන. ප්‍රඥාවන්ත, වීරියවන්ත කෙනා නොමඟ ගිය ගැල් කරුවෙක් වගේ හිතන්න හොඳ නෑ.
සමහර ගැල්කරුවො ඉන්නවා, හොඳට තියෙන මහා මාර්ගය අත්හැරලා, විෂම මාර්ගයේ යනවා. අන්තිමේදී තමන්ගේ කරත්තෙ රෝදත් කඩාගෙන, කල්පනා කර කර ඉන්නවා.
අඥානයත් ඔය විදිහම තමයි. ධර්ම මාර්ගයෙන් බැහැර වෙනවා. අධර්ම මාර්ගයට බැසගන්නවා. අන්තිමේ දී මරණය ඉදිරියේදී කරත්ත රෝද කඩාගත්තු ගැල්කාරයා වගේ කල්පනා කර කර ඉන්නවා.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_2-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M